• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කියවන අය නොකියවන අය කියවන එක ගැන කියවන්න! Sri Lanka Latest News

April 25, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
කියවන අය නොකියවන අය කියවන එක ගැන කියවන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දීප චෙල්වම්ගේ පොත තහනමට ලක්වීම සහ රේගුව මගින් රඳවා ගැනීම ගැන අපි සාකච්ඡා කරමින් උන්නා. එහෙම සාකච්ඡා කරන අතරතුරේ ඊට අදාළ අතුරු මාතෘකාවක් විදියට අපි අතර කියවුණු කතාවක් වුණේ ඇත්තටම ලංකාවේ තවදුරටත් පොත් කියවනවද මිනිස්සු කියන එක. නැත්නම් ලංකාවේ මිනිස්සු තවදුරටත් කුමන හෝ ආකාරයක කියවීමක යෙදිලා ඉන්නවද කියන එක.Sri Lanka Latest News

ඒකට උත්තරය බොහෝ වෙලාවට බොහෝ දෙනෙක් සාකච්ඡා කළා. අපි විශ්වාස කළා ඒකට උත්තර දෙන්න වඩාත් සුදුසු කෙනෙක් විදියට මේ ලියුම්කරු වන මම. ඒකට හේතුව ලියුම්කරු වන මම මාධ්‍ය ආයතනයක රැකියාව කරන පත්තරකාරයෙක් වන අතරම පොත්පත් කීපයකුත් ලියපු කෙනෙක් විදියට. ඉතින් මේ ආයතන දෙකේම සේවය කරන, ජනමාධ්‍ය ප්‍රවාහ දෙකක් එක්කම ගනුදෙනු කරන කෙනෙක් විදියට මට තියෙන ප්‍රශ්නය තමයි තවදුරටත් මේ රටේ මිනිස්සු කියවනවද කියන එක.

ඒක මගෙන් ඇහුවේ අපේ ප්‍රධාන කර්තෘතුමා තුෂාර ගුණරත්න මහත්මයා. ඉතින් එතුමාගේ ප්‍රශ්නයට උත්තරය කෙටි සරල එකක් නොවිය යුතුයි. එය දීර්ඝ සහ සාකච්ඡාවට බඳුන් වියයුතු එකක් නිසා මම මේ ගැන මෙන්න මෙහෙම කියන්න තීරණය කළා.

ඔබ දන්නවද 2025 වසරේ අයි.එස්.බී.එන්. අංකය ගත්තු ලියාපදිංචි පොත් ප්‍රමාණය කීයද කියලා? ඒ පොත් ප්‍රමාණය ඔබ කිසිසේත්ම අනුමාන කරන අගයක් නෙවෙයි. 2025 වසරේ ලංකාව තුළ ජාත්‍යන්තර සම්මත පොත් අංක යටතේ ලියාපදිංචි වෙලා තියෙන මුළු කෘති සංඛ්‍යාව 11,387ක්. මේක ඉතාම ඉහළ අගයක්. ඒ වගේම 2024 වසරේ 8,592ක් පොත් ලියාපදිංචි වෙලා තියෙනවා. ආසන්න වශයෙන් ගත්තාම පොත් 20,000ක් විතර මේ අවුරුදු දෙකට ලියාපදිංචි වෙලා තියෙනවා.

දිනපතා පුවත්පත් විදියට දැනට ලංකාව තුළ ප්‍රධාන භාෂා ත්‍රිත්වයෙන්ම දිනපතා පුවත්පත් විස්සකට අධික ප්‍රමාණයක්, සතිපතා සතිඅන්ත සහ අනෙකුත් විශේෂිත සතිපතා ප්‍රකාශන පනහකට ආසන්න සංඛ්‍යාවක්, මාසික පුවත්පත්, මාසිකව ප්‍රකාශ කරන සඟරා තිහකට ආසන්න ප්‍රමාණයක් ලංකාවේ මුද්‍රණය කෙරෙනවා. එතකොට ලංකාවේ මිනිස්සු තවදුරටත් කියවන්නේ නැහැ කියන එක ගැන ඔබට යම් අදහසක් තියෙනවද? බොහෝ විට ලංකාවේ මිනිස්සු කියවන්නේ නැහැ කියන එක අපිට පිළිගන්න හේතු වෙන කරුණු කාරණා කීපයක් තියෙනවා. ඉන් එකක් තමයි ලංකාවේ පොත්පත් මුද්‍රණය කරන ප්‍රමාණය ඉහළ ගියත් ඒවා අලෙවි වෙන්නේ නැහැ කියලා තියෙන විශ්වාසය. පත්තර කඩෙන් මිලදී ගන්නේ නැහැ කියන විශ්වාසය. ඒ වගේම අපිට පැහැදිලිව පේන එක කාරණයක් තමයි ලංකාවේ තරුණ තරුණියන්ට තවදුරටත් ප්‍රවෘත්ති කියන එක සම්බන්ධව, එහෙමත් නැත්නම් තොරතුරු සම්බන්ධව අවශ්‍යතාවක් නැහැ.

එක පැත්තකින් ඒගොල්ලන්ට තොරතුරු කුමන හෝ ආකාරයකින් ලැබෙනවා. නිවුස් ඇලට්වලට ඔවුන් ඇබ්බැහි වෙලා හුරු වෙලා තියෙනවා. පහසුවෙන් තෝරා බේරාගත හැකි ප්‍රවෘත්තියක්, වැල්වටාරම්වලින් තොරව ක්ෂණිකව තමන්ගේ ජංගම දුරකතනයට එන තත්ත්වයකට ඔවුන් මුහුණ දීලා තියෙනවා. ඉතින් ඒ නිසාත් ඔවුන් බොහෝ විට කියවීම සඳහා පොත්පත් මිලදී ගැනීමට වුවමනාවක් දක්වන්නේ නැහැ.

නමුත් ලංකාවේ සමාජ මාධ්‍ය තුළ කියවීම කියන එක මේ වෙද්දී ඉතාම සරුවට සිද්ධ වෙනවා. එක දවසකදී 5,000ක් දෙනා විසින් කියවනු ලබන නවකතා කොටස් සමාජ මාධ්‍ය තුළ පළවෙනවා. අපි දැකලා තියෙනවා සමාජ මාධ්‍ය තුළ ඉතාම විශාල වශයෙන් මේ උනන්දුව නිර්මාණය වෙලා තියෙන ආකාරය. ඒ ගැන අපිට කිසිදු ප්‍රශ්නයක් නැහැ. ඒ සම්බන්ධව බලද්දී අපිට පේන කාරණය තමයි මිනිස්සු කියවන්නේ නැහැ නෙමෙයි මිනිස්සුන්ට කියවන්න අලුත් ක්‍රම නිර්මාණය වෙලා තියෙනවා. මිනිස්සුන්ට තවදුරටත් ප්‍රවෘත්තිවල, තොරතුරුවල අවශ්‍යතාව නැහැ, ඔවුන්ට කතන්දර කියවීමේ අවශ්‍යතාව නිර්මාණය වෙලා නැත්තේ නැහැ.

දැන් මේ කතන්දර කියවීම කියන එක ඇතුළේ ඔවුන්ට තියෙන්නේ සරල වීම, පහසු වීම, ඔවුන් ප්‍රිය මාතෘකා වීම, යටිපෙළ ධ්වනිතාර්ථ, ව්‍යංග්‍යාර්ථ, ගම්‍ය්‍යාර්ථ රහිත වීම, බැලූබැල්මටම අවබෝධ කර ගැනීමට ලැබෙන හැකියාව, ඒ සියල්ල ගැනම මේ පුද්ගලයෝ බොහොම ඉහළ රුචිකත්වයක් දක්වනවා.

ලංකාවේ සිනමාව වෙනස් වුණා, ටෙලිනාට්‍ය වෙනස් වුණා, ගීත කලාව වෙනස් වුණා, මේ සියල්ලම වෙනස් වුණා. සිනමාවේ අලුත් ප්‍රවණතා නිර්මාණය වෙලා තියෙනවා, ගීතයේ අලුත් ප්‍රවණතා නිර්මාණය වෙලා තියෙනවා, නවකතාවේ අලුත් ප්‍රවණතා යම් තරමකට නිර්මාණය වෙමින් පවතිනවා. නමුත් පුවත්පත්වල අලුත් ප්‍රවණතා නිර්මාණය වෙලා තියෙනවද? අලුත් පරම්පරාවට ගැළපෙන ආකාරයෙන් මේවා මුද්‍රණය වෙනවද? රචනා ශෛලීන් බිහිවෙලා තියෙනවද කියන එක සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා.

ලංකාවේ සමහර ප්‍රකාශන සමාගම් චෝදනාවට ලක්වුණත් ඔවුන් මේ අලුත් පරම්පරාවට ගැළපෙන විදියට, අලුත් පරම්පරාවට උචිත විදියට තමන්ගේ පොත් මුද්‍රණය කරන්න පුරුදු වෙලා තියෙනවා. මියුසස් වගේ ප්‍රකාශන සමාගම් අලුත් දේවල් කරමින් අලුත් විදියට දේවල් නිර්මාණය කරන්න උත්සාහ කරලා තියෙනවා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ලෝකෙම හොල්ලන ඉන්දියාවේ DON ! Sri Lanka Latest News

Next Post

තෙල් ආනයන වියදම් මේ අවුරුද්දේ ලොකුවට වැඩිවෙන්නයි යන්නේ! Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.