හෝමූස් සමුද්‍ර සන්ධිය අද (18) සිට යළිත් වසා තැබීමට පියවරගත් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකා (IRGC) මූලස්ථානය පවසයි.Sri Lanka Latest News
ඒ අනුව හෝමූස් සමුද්‍ර සන්ධිය එහි පෙර පැවති “දැඩි කලමනාකරණ” තත්ත්වයට නැවත පැමිණ ඇති බව එම බළකාය පවසයි.
අමෙරිකාව දිගින් දිගට සිය වරායන් අවහිර කිරීමට කටයුතු කිරීම මෙම තීරණය ගැනීමට හේතුවූ බව ඔවුන් වැඩිදුරටත් පවසා තිබේ.
මේ අතර ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ්ද මීට පෙර අනතුරු අඟවා තිබුණේ, අමෙරිකාව සිය වරායන් අවහිර කිරීම අඛණ්ඩව සිදුකළ හොත් හෝමූස් යළි විවෘතව නොපවතිනු ඇති බවය.










