මත්ද්‍රව්‍ය පාලනය කිරීමට රජය ගනිමින් තිබෙන ක්‍රියාමාර්ග සමග මත්ද්‍රව්‍ය බන්ධනාගාරවලට ලැබීම බොහෝදුරට වැළකී ඇති බවත්, ඒ හේතුවෙන් ඉකුත් සතියේ දී රැඳවියන් තිදෙනකු දිවි නසාගෙන ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය අනාවරණ කළේය.
“බන්ධනාගාරවලට මත්ද්‍රව්‍ය පැමිණෙන්නේ නැති නිසා පසුගිය සතියක කාලය තුළ මත්ද්‍රව්‍යයට හුරු වූ බන්ධනාගාර රැඳවියන් අසහනකාරී ලෙස හිටියා. පසුගිය සතියේ ඒ අතුරින් තිදෙනෙකු දිවි නසා ගත්තා“ යනුවෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වවරයා ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් පැවසීය.










