අප්‍රේල් මාසයේ දහ වනදාට පෙර වත්කම් බැරකම් ප්‍රකාශ දිවුරුම් ප්‍රකාශයක් මගින් ලබා දෙන ලෙස, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී තිබේ.Sri Lanka Latest News
අප්‍රේල් දහ වන දා යන දිනය තවදුරටත් දීර්ඝ නොකරන බව පවසා ඇති අල්ලස් කොමිසම, එම දිනයට පෙර නිසි ලෙස වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීමට අපොහොසත් වන්නේ නම්, ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට සිදුවන බවද හිටපු ජනාධිපතිවරයා දැනුම් දී ඇති බව පැවසේ.
අල්ලස් කොමිසම මෙසේ වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලා ඇත්තේ 2010 – 2015 කාලයට අදාලවයි.
එම කාලය තුළ රාජපක්ෂවරු විසින් උපයා ඇති දේපළ පිළිබදව සිදු කරන විමර්ශනයකට අදාලව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෙම වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලා සිටියි.










