• About us
  • Contact us
Sunday, July 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජවිපෙට කැරකෙන කුමාර රෝදය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

April 4, 2026
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
ජවිපෙට කැරකෙන කුමාර රෝදය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘මගේ සතුරාගේ සතුරා මගේ මිතුරාය…’

ජේ.ආර්. හිරේ සිටි රෝහණ විජේවීරව නිදහස් කරන්න තීරණය කළේ මකියාවෙල්ලිගේ ‘කුමාරයා’ නම් වූ පොතේ මේ න්‍යාය කියවලාය. ජේ.ආර්., විජේවීරව නිදහස් නොකළා නම් කවදාවත් ජේ.ආර්.ට එරෙහිව තරුණ කැරැල්ලක් හටගන්නේ නැත. ජවිපෙ කැරැල්ල හමුවේ අන්ත අසරණ වූ ජේ.ආර්. ඔළුව ගිනිගෙන ඉන්නා විට එවක විපක්ෂයේ නායිකා බණ්ඩාරනායක මැතිනිය ජේ.ආර්. හංගාගෙන හිටිය මකියාවෙල්ලිගේ ‘කුමාරයා’ පොත කියවා ප්‍රේමදාස පොළොවටම සමතලා කොට අළු දූලි කළ ජවිපෙට යළි හුස්ම පිම්බාය.Sri Lanka Latest News

ඒ, මගේ සතුරාගේ සතුරා මගේ මිතුරා කියා සිතාගෙනය.

ජේ.ආර්., විජේවීරව හිරෙන් නිදහස් කළේ මැතිනියට ගස්සවන්නටය. මැතිනිය ජවිපෙට ජීවන හුස්ම පිම්බේ යූ.ඇන්.පී.ය විනාශ කරන්නටය. හැබැයි මැතිනියටත් චන්ද්‍රිකාටත් මහින්දලා ඇතුළු ශ්‍රීලනිපයටත් ඕනෑ වුණේ ජවිපෙ මැතිවරණ දේශපාලන වේදිකාවට ඒම වළක්වා ජවිපෙ ලවා යූ.ඇන්.පී.යට ගසා බලය ගන්නටය. ඩී.බී. විජේතුංග ජනාධිපතිගේ යූ.ඇන්.පී. ආණ්ඩුව ජවිපෙට 1994 මහ මැතිවරණයට තරග කරන්න අවස්ථාව දී ශ්‍රීලනිපයේ ඒ හීනය බොඳකර දැමීය.

ජවිපෙ 1994 පාර්ලිමේන්තු දේශපාලනයට එක්වූ විට ජවිපෙ කුමාරවරු තුන්දෙනෙක් සිටියහ. එක් කුමාරයෙක් එකල ජවිපෙ ප්‍රබලතම සාමාජිකයෙක් වූ ප්‍රේමකුමාර ගුණරත්නම්ය. ඔහු 1989 ජවිපෙ දේශපාලන මණ්ඩල සභික රන්ජිතම් ගුණරත්නම්ගේ සහෝදරයාය. ඉන්දීය සාමසාධක හමුදාවට පිටවෙනු කියා ජවිපෙ ලංකාව පුරා භීෂණය පතුරවද්දී උතුරු-නැගෙනහිර ඉන්දීය හමුදා රථයකට බෝම්බ අටවා පුපුරුවා හරින්නට හයිය තිබුණේ කුමාර් ගුණරත්නම්ටය. මේ නිසාම ජවිපෙ තුළ රෝහණ විජේවීර ඇතුළු නායකයන් ඝාතනයෙන් පසු සන්නද්ධ නායකයෙක් ලෙස ජනප්‍රියව සිටියේ කුමාර්ය. ජවිපෙ දේශපාලන මණ්ඩලය තුළ ඔහුට ලොකු බලයක් තිබිණි. ඔහු එසේ මෙසේ නායකයෙක් නොවීය. ජවිපෙ, වඳුරු හමුදාව නොහොත් ‘ඉන්දීය හමුදාව පන්නමු’ කියද්දී ඉන්දීය සාමසාධක හමුදා සාමාජිකයන් 14ක් ඝාතනය කළ නායකයෙකි. ඒ, 1987 ඉන්දු-ලංකා ගිවිසුමට වසරක් පිරෙන විටදීය. 2012දී ඔහු එවක ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ සමග මත ගැටුමක් හදාගත්තේ සෝමවංශ සහ අනුර කුමාරලාගේ සන්ධාන දේශපාලනයට එරෙහිවය. කුමාර් ඇතුළු ජවිපෙ නායකයන් විශාල පිරිසක් කැඩීගොස් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පිහිටුවා ගත්තේය. ඉන් පසු අනුර කුමාර, විජිත හේරත් ඇතුළු ජවිපෙ නායකයන් සමග ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ ගැටුමක් හදාගත්තේය.

මේ ගැටුමෙන් කරළියට එන්නේ ඊළඟ කුමාරය. ඔහු අනුර කුමාරය. අනුර කුමාර ජවිපෙට සම්බන්ධ වෙන්නේ පසු කාලයේදීය. 1994 ජවිපෙ තෙවැනි නැගිටීමේදී ඔහු ජවිපෙ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් නොවුණත් ඔහු ජවිපෙ දක්ෂ කථිකයෙක් විය. මේ නිසාම 2004 ශ්‍රීලනිපය සහ ජවිපෙ සමග එක්ව පිහිටුවූ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ කෘෂිකර්මාන්ත ඇමැති ධුරයට ජවිපෙ යෝජනා කරන්නේ ඔහුවය. 2004 ජවිපෙ – ශ්‍රීලනිප ආණ්ඩුවේ පළමු ගැටුම පටන් ගත්තේ ඔහු නිසාය. ඒ, ඔහු කෘෂිකර්මාන්ත අමාත්‍යාංශයට මහවැලි ඇමැති විෂය ඉල්ලා සිටීම නිසාය. එවක ශ්‍රීලනිප ලේකම් මෛත්‍රීපාල එයට තදින්ම විරුද්ධ වී ජවිපෙ ඇමැති මණ්ඩලයේ දිවුරුම් දීම වර්ජනය කරන්න තීරණය කළේය. පසුව මහවැලි ඇමැති ධුරය ජනාධිපති චන්ද්‍රිකා යටතේ තබාගෙන නියෝජ්‍ය ඇමැති ධුරය ජවිපෙට දෙන්න එකඟතාවක් ඇතිවිය.

අනුර කුමාර වැව් 10,000ක් හදන ව්‍යාපෘතියක් පටන්ගන්නා අතර, මේ ව්‍යාපෘතියේ දූෂණ ඇතැයි චෝදනා කරමින් ජනාධිපති චන්ද්‍රිකා කැබිනට් පත්‍රිකාවක් දමා කැබිනට් පත්‍රිකාව එවක අගමැති මහින්ද හරහා මාධ්‍යයට ලීක් කළාය. ඉන් අනුරත් ජවිපෙත් දැඩි අපහසුතාවකට පත්විය. චන්ද්‍රිකාගේ මේ කැබිනට් පත්‍රිකාව ශ්‍රීලනිප-ජවිපෙ කසාදය කැඩෙන්න හේතු විය. චන්ද්‍රිකා එල්.ටී.ටී.ඊ.ය සමග අස්සන් කළ සුනාමි සහන ගිවිසුමට එරෙහිව ජවිපෙ ආණ්ඩුවෙන් එළියට ගියා කියා කීවාය. ආණ්ඩුවෙන් එළියට යන්න ඇත්ත හේතුව වූයේ චන්ද්‍රිකා අනුරට එරෙහිව එල්ල කළ දූෂණ චෝදනාය. ඒ ආණ්ඩුව බිඳවැටුණේ අනුර නිසාය.

අනුර එතැන් සිට ජවිපෙ බලගතු චරිතයක් විය. ඔහු කුමාර් ගුණරත්නම් එක්ක හැප්පෙන්නේ ඉන් පසුවය. කුමාර් පක්ෂයෙන් ඉවත්වී පෙරටුගාමී පක්ෂය හදාගත් විට අනුර සෝමවංශ සමග හැප්පී සෝමවංශ නායකත්වයෙන් ඉවත්කොට පක්ෂ නායකත්වයට පත්විය. මේ ගැටුම් නිසා පක්ෂය තවත් දුර්වල විය. 2015 ජනාධිපතිවරණයේදී පක්ෂයට ජනාධිපති අපේක්ෂකයෙක් සොයාගත නොහැකි තරමට කුමාර එරෙහිව කුමාර ගැටුම පක්ෂයේ කොන්ද කඩා තිබිණි.

අනුර කුමාර පක්ෂ නායකයා වී 2015 ජනාධිපතිවරණයේදී ජාත්‍යන්තර බලපෑම් සහ මංගල සහ රනිල්ගේ මැදිහත්වීම් මත පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකර වක්‍රව එජාප පොදු අපේක්ෂක මෛත්‍රීපාලට සහාය දක්වන්න තීරණය කළේය. මෛත්‍රී දින්නේය. ජවිපෙ තව තවත් දුර්වල වී 2020 මහ ඡන්දයත් ආසන තුනට වැටිණි. 2019 ජනාධිපතිවරණයට අනුර ඉදිරිපත් වී ගත්තේ ඡන්ද 3%කි.

අනුර කුමාර සහ ජේ.වී.පී. ගෝඨාභයගේ තුනෙන් දෙකක බලයක් සහ 69%ක ජනවරමක් සහිත ආණ්ඩුව ඉදිරියේ හතරගාතේ සිටියදී කුමාර් ගුණරත්නම්ගේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයද සිටියේ වැලේ වැල් නැතිවය. ඒත් කුමාර් ගුණරත්නම් සමාජ මාධ්‍ය කණ්ඩායම් පෙරටුකොට පිටුපසින් සිට ‘ගෝඨා ගෝ හෝම්’ අරගලය මෙහෙයවීය.
අතරමැදදී අනුර කුමාර කුමාර් ගුණරත්නම්ගේ අරගලය හයිජැක් කොට අරගලයේ වීරයා වී ජනාධිපති විය.

අනුර කුමාර ජනාධිපති වීමෙන් පසු තවත් අලුත් කුමාර කෙනෙක් ජවිපෙන් කරළියට ගෙන ආවේය. ඒ, පුණ්‍යසිරි කුමාර ජයකොඩිය. පුණ්‍යසිරි කුමාර ජයකොඩි අනුරගේ සමකාලීනයෙකි. ඔහුත් ජවිපෙ පූර්ණකාලීන සාමාජිකයෙකි. අනුරගේ අතිජාත මිත්‍රයෙකි. 2004 අනුර කෘෂිකර්මාන්ත ඇමැති වූ විට අනුර මේ කුමාරව පොහොර සමාගමේ ආනයන අපනයන අංශයේ කළමනාකාරවරයෙක් ලෙස පත් කළේය. එසේම 2015 අනුරලා සහාය දුන් මෛත්‍රී-රනිල් ආණ්ඩුව බලයට පත්වූ විට අනුරලාගේ මැදිහත් වීමෙන් ඔහුව ප්‍රසම්පාදන සහ ආනයන අංශයේ කළමනාකාරවරයෙක් ලෙස පත්වේ. ඔහුට එරෙහි දූෂණ චෝදනා ඉදිරිපත් වන්නේ ඒ කාලයේය.

එම චෝදනා නොසලකා අනුර ඔහුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කොට අද මුදල් සහ ආරක්ෂක ඇමැති ධුරයට නොදෙවැනි බලවත්ම ඇමැති ධුරය වූ බලශක්ති ඇමැති ධුරයට පත්කරනු ලබයි.

දැන් අල්ලස් කොමිසම ඔහුට එරෙහිව චෝදනා උසාවියට ඉදිරිපත් කොට ඇත. ඔහුව නඩුව අහලා ඉවර වන තෙක් ඇමැති ධුරයෙන් ඉවත් කරන්න යැයි ජවිපෙ සමාජ මාධ්‍ය තුළින්ම හඬක් නැගේ. මීට අමතරව විපක්ෂය ඔහුට එරෙහි ගල්අඟුරු චෝදනාවක්ද ඉදිරිපත් කොට තිබේ. එහෙත් අනුර කියන්නේ ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ ඇමැතිවරයෙක් ලෙස කටයුතු කරද්දී නොවේ කියාය.

‘කුමාර ජයකොඩි අනුර කුමාරගේ ඊළඟ අර්ජුන් මහේන්ද්‍රන්ද…?’

චන්ද්‍රිකා-ජවිපෙ ආණ්ඩුව වැටුණේ අනුර කුමාර නිසාය. විජේවීරගෙන් පසු ජවිපෙ ගොඩනගපු කුමාර් පක්ෂය සමග ගැටුම් ඇතිකරගෙන වෙනම පක්ෂයක් හදාගත්තේය. ජවිපෙ වැටුණි. දැන් කුමාර් ගුණරත්නම්ගෙන් පසු ජවිපෙ ගොඩනගපු අනුර කුමාර ඔහුගේ සමීප මිත්‍රයා කුමාර ජයකොඩි නිසා ආණ්ඩුව අර්බුදයකට තල්ලු කොට ඇත.

‘කුමාරවරුන්ගෙන් ජවිපෙට අපලද…?’

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අසුබ ශක්තීන් පලවා හරින ජීවිතය වෙනස් කරන මැජික් ස්ප්‍රේ එක! Sri Lanka Latest News

Next Post

මගේ look එකෙන් තමයි game එක run කරන්නේ…! කොහොම හරි අල්ලන් ඉන්නවා…! දුලාන්ජ් ඩිල්ෂාන් I Sri Lanka Latest News

MORE NEWS

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව වෙනස් කිරීමේ ආණ්ඩුවේ උත්සාහයට නීතීඥ සංගමය එළිපිට විරුද්ධ වෙයි! මේ වෙලාවේ එහෙම එකක් අනවශ්‍යයි.. යෝග්‍ය නෑ..! නීති පද්ධතිය ගැන ජනතා විශ්වාසයට හානියක්.. -සභාපති රජීව් අමරසූරිය! Sri Lanka Latest News

තලපතිගේ ආණ්ඩුව පෙරළන්න ගහපු කෝටි තිස්පහේ කුමන්ත්‍රණය! Sri Lanka Latest News
Exclusive

තලපතිගේ ආණ්ඩුව පෙරළන්න ගහපු කෝටි තිස්පහේ කුමන්ත්‍රණය! Sri Lanka Latest News

තොත්තු සහ කොත්තු! Sri Lanka Latest News
Exclusive

තොත්තු සහ කොත්තු! Sri Lanka Latest News

ගිය සැරේ ඇතුළේ ඉන්න පාතාලේ දැම්මා! රටින් පැන්න පාතාලේ…! Sri Lanka Latest News
Exclusive

ගිය සැරේ ඇතුළේ ඉන්න පාතාලේ දැම්මා! රටින් පැන්න පාතාලේ…! Sri Lanka Latest News

පරණ උපාධි පාඨමාලා 12,000ක් කුණු කූඩෙට! ලංකාව අසැබි වෙබ්වල පැටලෙද්දි චීනය ඉස්කෝලෙට අධිතාක්ෂණය අරන් එයි! සජිත් එදා ඉඳන් කිව්වෙත් මේකම තමයි! Sri Lanka Latest News
Exclusive

පරණ උපාධි පාඨමාලා 12,000ක් කුණු කූඩෙට! ලංකාව අසැබි වෙබ්වල පැටලෙද්දි චීනය ඉස්කෝලෙට අධිතාක්ෂණය අරන් එයි! සජිත් එදා ඉඳන් කිව්වෙත් මේකම තමයි! Sri Lanka Latest News

ගුරු-බුධ-රාහු විපරීත පිහිටීමක! නින්දිත යුද්ධයක් පටන් ගන්නවා! ආණ්ඩුවේ ලොකු පුටු අසීරුවේ! විපක්ෂයේ නායකයන්ට කට වරදිනවා! මළ කෙළියයි ජූලි 07න් පස්සේ ලොකු කලබලයක්…! Sri Lanka Latest News
Exclusive

ගුරු-බුධ-රාහු විපරීත පිහිටීමක! නින්දිත යුද්ධයක් පටන් ගන්නවා! ආණ්ඩුවේ ලොකු පුටු අසීරුවේ! විපක්ෂයේ නායකයන්ට කට වරදිනවා! මළ කෙළියයි ජූලි 07න් පස්සේ ලොකු කලබලයක්…! Sri Lanka Latest News

Load More
අම්මා රඟපානවා දැකලා මටත් ආසා හිතුණා රඟපාන්න…! හැමෝම කියන්නේ මම හොඳට රඟපානවා කියලා…! බෝල්ට් ඇණ හොල්ලන පුංචි කටකාරි…! ඉතාරා බෝමන්දි I Sri Lanka Latest News
Heart

අම්මා රඟපානවා දැකලා මටත් ආසා හිතුණා රඟපාන්න…! හැමෝම කියන්නේ මම හොඳට රඟපානවා කියලා…! බෝල්ට් ඇණ හොල්ලන පුංචි කටකාරි…! ඉතාරා බෝමන්දි I Sri Lanka Latest News

‘බෝල්ට් ඇණ’ කිහිපයක් එකතුවෙලා කරන පෙරළිය ගැන පසුගියදා අපි ඔබව දැනුවත් කළා මතක ඇති. අන්න ඒ බෝල්ට් ඇණ මැද්දට වැදිලා,...

Read more
නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව වෙනස් කිරීමේ ආණ්ඩුවේ උත්සාහයට නීතීඥ සංගමය එළිපිට විරුද්ධ වෙයි! මේ වෙලාවේ එහෙම එකක් අනවශ්‍යයි.. යෝග්‍ය නෑ..! නීති පද්ධතිය ගැන ජනතා විශ්වාසයට හානියක්.. -සභාපති රජීව් අමරසූරිය! Sri Lanka Latest News

තලපතිගේ ආණ්ඩුව පෙරළන්න ගහපු කෝටි තිස්පහේ කුමන්ත්‍රණය! Sri Lanka Latest News

තලපතිගේ ආණ්ඩුව පෙරළන්න ගහපු කෝටි තිස්පහේ කුමන්ත්‍රණය! Sri Lanka Latest News

තොත්තු සහ කොත්තු! Sri Lanka Latest News

තොත්තු සහ කොත්තු! Sri Lanka Latest News

ගිය සැරේ ඇතුළේ ඉන්න පාතාලේ දැම්මා! රටින් පැන්න පාතාලේ…! Sri Lanka Latest News

ගිය සැරේ ඇතුළේ ඉන්න පාතාලේ දැම්මා! රටින් පැන්න පාතාලේ…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.