• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බදාදා වැඩේ හරිද? තෙල් ඉතිරිද? පන්ති නැද්ද? ආයතන වහලද…? Sri Lanka Latest News

April 5, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
බදාදා වැඩේ හරිද? තෙල් ඉතිරිද? පන්ති නැද්ද? ආයතන වහලද…? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

.
බදාදාව නිවාඩු. අපේ ගමේ නම් බදාදාට පොළ තියෙනවා. ඒ නිසා අපේ ගම බදාදාට හරි වෙනස්. අපේ ගමේ ඈත පිටිසර ඉන්න මිනිස්සු පවා බදාදාට නගරයට එනවා. මගේ ගම දූනගහ. දූනගහ පොළ දවසට හරිම ජනාකීර්ණයි. වෙනස්ම සංස්කෘතියක් නිර්මාණය වෙනවා. අකරගම, මඩම්පැල්ල, ඉඳුරාගාරය වගේ පැතිවලින් සමහර උදවිය නගරයට එන්නේ බදාදාට විතරයි. Sri Lanka Latest News

සාමාන්‍යයෙන් බදාදා කියන්නේ කෙම්මුර දවසක්. බදාදා දෙවියන් උදෙසා පුද පූජා තබන දවසක් විදිහට තමයි සාමාන්‍යයෙන් සලකන්නේ. බදාදා දවස දේවාල අරින දවස. සාමාන්‍යයෙන් බදාදා කියලා කියන්නේ ඒ නිසාම යම් පූජනීය දවසක් විදිහට සලකන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් බෝධි පූජා එහෙම තියෙනකොට සෙනසුරාදයි බදාදයි තමයි මේ පුද පූජා, බෝධි පූජා වගේ දේවල් සිද්ධ කරන්නේ.

එතකොට ජ්‍යොතිෂමය වශයෙන් ගත්තාම බදාදා දිනය අයිති වෙන්නේ බුධ ග්‍රහයාට. දැනුම, සන්නිවේදනය, බුද්ධිය, මූල්‍ය ස්ථාවරත්වය වගේ දේවල් බදාදාට අදාළ වෙනවා. හින්දු භක්තිකයෝ බදාදා දවස ගනේෂ් දෙවියන්ට වතාවත් කරන්න පාවිච්චි කරනවා. ක්‍රිස්තියානි සම්ප්‍රදායට අනුව ගත්තම චතාරික සමයේ ආරම්භය පටන් අරගන්නේ අළු බදාදා.
දැන් බදාදා දිනය මේ විදිහට සුවිශේෂ වෙද්දී බදාදා දවස නිවාඩු දවසක් බවට පත්කරන්න අපේ රජය තීන්දු කළා. දැන් බදාදාට නිවාඩු. බදාදා කියන්නේ ග්‍රෙගරි දින දර්ශනයට අනුව සතියේ මැද දවස. බදාදා, ඉරිදා, සඳුදා, අඟහරුවාදා ගතවෙලා බදාදා එනවා. ඒ කියන්නේ සතිය පටන් අරගෙන දවස් තුනකට පස්සේ බදාදා එනවා. බදාදායින් පස්සේ සතියේ තව දවස් තුනක් ඉදිරියට තියෙනවා. ඒ නිසා සතියේ හතරවැනි දවස, දවස් හතක් වෙච්ච සතියේ මැද දවස විදිහට බදාදාව හඳුන්වන්න පුළුවන්.

බදාදාට ටියුෂන් පන්ති කරන්න පුළුවන්ද? මේක ලොකු කතාබහක් සමාජයේ ඇතිවෙච්ච එකක්. ඇත්තටම ටියුෂන් පන්ති, පෞද්ගලික ආයතන, පෞද්ගලික පාසල්, පුද්ගලිකව පවත්වාගෙන යන බොහෝ දේවල් පුළුවන් නම් නතර කරන්න කියලා රජයෙන් ඉල්ලීමකුත් කරලා තිබුණා. එතකොට සමහර අය මේ ඉල්ලීමට කන්දෙන්නේ නැතුව තමන්ට අවශ්‍ය විදිහට වැඩ ටික කරගෙන යනවා. ටියුෂන් නතරවීම ගැනත් ලොකුවට කතාබහක් තියෙනවා.

ඇත්තටම ළමයෙක් ටියුෂන් එන්නේ ආසන්න වශයෙන් ගත්තාම සති සියයක් වගේ කාලයක්. වසර දෙකක් ගත්තාම අවුරුද්දකට සති හතළිස්අටයි කියලා අනුමාන කළොත් සති අනූහයයි, ඒකට තව අඩුවැඩි වශයෙන් හතරක් එකතු වුණාම තමයි මේ සති සියය හැදෙන්නේ. සති සියයෙන් බදාදාවල් හතරක් පන්ති නතර කළොත් 4%ක් දරුවන්ට නිවාඩු ලැබෙනවා. විෂය නිර්දේශයෙන් 4%ක් කරගන්න බැරිවෙලා. සති හතරක් කියන්නේ මාසයයි. මාසෙට තමයි පන්ති ගාස්තු ගෙවන්නේ. පන්ති ගාස්තු නොගෙවා ඉන්න දරුවාට සිද්ධ වෙනවා සහ නොගෙන ඉන්න ගුරුවරයාට සිද්ධ වෙනවා.

එතකොට ඒ ගුරුවරයාට කාලා ඇඳලා ජීවත් වෙන්න විදියකුත් නැහැ. ඒ ගුරුවරයාට මේ විෂය නිර්දේශය කවර් කරගන්න විදිහකුත් නැහැ. දරුවාට උසස් පෙළ දක්වා මේ මහගිරිදඹ නගින්න විදිහකුත් නැහැ. ඒක එක ප්‍රශ්නයක්. ඇත්තටම මේක ප්‍රායෝගික නැහැ. ටියුෂන් නතර කරනවා කියන එක අමාරු වැඩක් සහ බදාදාවේ ටියුෂන් නතර කළොත් ඊළඟ බදාදාට ආයේ පන්ති නතර කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම බදාදා පන්ති නතර කරලා ඒ පන්තිය ඉරිදාට, සඳුදාට, අඟහරුවාදාට අමතර පන්තියකට දැම්මොත් අර බදාදා නම් පන්තිය එන්න නිශ්චිත ක්‍රමයක් හදාගෙන ඉන්න ළමයා අඟහරුවාදාට, සඳුදාට, බ්‍රහස්පතින්දාට, සිකුරාදාට, ඉරිදාට අමතර දවසක් හින්දා, අමතර පන්තියක් හින්දා අමතර ක්‍රමයක් හදාගන්න ඕනේ.

එතකොට සමහර වෙලාවට පාරේ බස් එකේ පන්තියට එන එක්කෙනාට ගෙදර බයිසිකලේ පන්තියට එන්න සිද්ධ වෙනවා, ගෙදර කාර් එකේ පන්තියට එන්න සිද්ධ වෙනවා. ඒ නිසා ප්‍රායෝගික නොවන ප්‍රශ්නයක් විදිහටයි අපිට හිතෙන්නේ මේ අයගේ මේ උත්සාහය. ඒ වගේම ආයතන වැහීම ගැන කතා කළාට ඇත්තටම බදාදා දවසේ රජයේ ආයතන හැරුණාම පෞද්ගලික ආයතන කිසිවක් වහන්නේ නැහැ. වහන්නේ නැහැ සහ වහන්න බැහැ. ඒ නිසාම බදාදා නිවාඩුව ලංකාවේ ප්‍රායෝගික එකක් බවට පත්වෙලා නැහැ. බදාදා දවසේ ව්‍යාපාර සම්බන්ධව තියෙන්නේ ඉතාම බරපතළ සහ නරක පන්නයේ අර්බුදයක්.

ඒ නිසා මේ සියල්ලත් එක්ක අපිට ආණ්ඩුවෙන් අහන්න තියෙන්නේ බදාදා විතරක් ඇතිද? බදාදා ප්‍රායෝගිකද? බදාදා නිවාඩු දීමෙන් ඔබ බලාපොරොත්තු වන ස්වර්ගය පහළ වෙලාද? ඇත්තටම අප්‍රේල් මාසයේ පටන් අරගෙන දවස් දහයක් ගතවුණාට පස්සේ තමයි පාසල් නිවාඩුව ලබාදෙන්න සූදානමින් තියෙන්නේ. ඒත් මේ පළමුවැනිදා සිට දහවැනිදා දක්වා දවස් දහය ඇතුළේ නිල වශයෙන් පාසල් පවත්වන්න නියමිතව තියෙන්නේ දවස් පහක විතරයි. ඒ දවස් පහ නිවාඩු දුන්නා නම් බොහෝ වෙලාවට පාසල් වාහනවලට, පාසල් යන ගුරුවරුන්ට තමන්ට තමන්ගේ තෙල් ලබාගැනීමේ අවශ්‍යතාව නැති කරලා දාන්න පුළුවන් වෙන්න ඇති.

මේවා ගැන ප්‍රායෝගිකව හිතන්නේ නැතුව බදාදා විතරක් නිවාඩු දුන්නම, බදාදා ටියුෂන් නතර කළාම, බදාදා සමහර ආයතන නිවාඩු දෙන්න කියලා යෝජනා කළාම අපේ රටේ තෙල් අර්බුදය විසඳෙනවා නම් ඒක හරි මරු වැඩක්. ඉතින් අපිට ඕනෙ නම් පුළුවන් බදාදාට ගිහිල්ලා පන්සල්වල බෝධි පූජා කරන්න, දේවාලවලට ගිහිල්ලා කන්නලව් කරන්න, පුද පූජා දෙන්න. මේ වගේ දේවල් කරන්න පුළුවන්. ලියුම්කරුට ප්‍රශ්නයක් නැහැ බදාදා නිවාඩු දුන්නම. ලියුම්කරුට පුළුවන් බදාදාට පොළේ යන්න.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

තර්ජනය කිරීමක් ගැන වෛද්‍යවරුන්ගෙන් පැමිණිල්ලක්! VIDEO I Sri Lanka Latest News

Next Post

ගහනවා ඒත් ක්‍රිකට් නෙමේ! කඩනවා ඒත් විකට් නෙමේ! හොයනවා ඒත් ලකුණු නෙමේ! ක්‍රිකට් ඉවරයි…! නිළියොත් ඉවරයි…! Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.