දෙමළ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අතර හදිසි හමුවක් සිදුව ඇත.
ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ පැවති මෙම සාකච්ජාව පැය එකහමාරකට ආසන්න කාලයක් පැවැත්වී ඇති බව දැනගන්නට තිබේ.
ඊට දෙමළ සන්ධාන නායක ආර්. සම්බන්ධන්, සිද්ධාර්ථන්, සුමන්තිරන්, අඩෛක්කිලනාදන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
එහිදී ආණ්ඩුව සිදුකිරීමට නියමිත ව්‍යවස්ථා සංශෝධනය පිළිබදවද සාකච්ජා වී ඇති අතර ඉන්දීය මහකොමසාරිස්වරයා පෙන්වා දී ඇත්තේ 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරවා ගැනීම සදහා ඉන්දියාව සම්පූර්ණ සහාය ලබා දෙන බවකි.
එමෙන්ම දෙමළ ජාතික සන්ධානය තුළ මේ දිනවල මතුව ඇති අර්බූද පිළිබදවද එහිදී කිසියම් සාකච්ජාවක් සිදුව ඇත.
එහිදී ඉන්දීය මහකොමසාරිස්වරයා දෙමළ ජාතික සන්ධාන නායකයන්ට දැනුම් දී ඇත්තේ සමගි සම්පන්නව කටයුතු තරන ලෙසකි.










