• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වත්මන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා 2017දී මූලික අයිතිවාසිකම් කඩලා! වන්දිත් ගෙවන්න වෙයි! නඩු ගාස්තුත් ගෙවන්න වෙයි! I Sri Lanka Latest News

April 2, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
වත්මන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා 2017දී මූලික අයිතිවාසිකම් කඩලා! වන්දිත් ගෙවන්න වෙයි! නඩු ගාස්තුත් ගෙවන්න වෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2017 වසරේ පවුල් ආරවුල් සිද්ධියකට භාජනය වූ පාර්ශවයක අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයකුගේ වෘත්තීය කටයුතුවලට අවහිර කිරීම තුළින් එවක මීගමුව පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වශයෙන් කටයුතු කළ වුට්ලර් උදයකුමාර සහ එම පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති මදුශංක ඩයස් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.Sri Lanka Latest News

ඒ අනුව අදාළ නීතිඥවරයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වුට්ලර් උදයකුමාර විසින් රුපියල් 60000 ක් සහ මධුශංක ඩයස් විසින් රුපියල් 30000ක් සිය පුද්ගලික මුදල් වලින් ගෙවිය යුතු යැයි නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට අමතරව එම වගඋත්තරකරුවන් දෙදෙනා රුපියල් 10000 බැගින් පෙත්සම්කරුට නඩු ගාස්තු ගෙවිය යුතු බවත් නියෝග කර සිටියේය.

නීතිඥවරයෙකු වන ප්‍රියලාල් චමින්ද සිරිසේන විසින් ඉදිරිපත් කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගනු ලැබිණි.

ඒ අනුව ජනක් ද සිල්වා සහ කුමුදුනි වික්‍රමසිංහ යන බහුතර විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබිණි.

අගවිනිසුරුවරයාගෙන් වෙනම තීන්දුවක්

එහෙත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයකු වන අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන වෙනම තීන්දුවක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම නඩු කරය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් තහවුරු නොවන බවයි.

ඒ අනුව තමා එම පෙත්සම නිශ්ප්‍රභ කරන බවත් අගවිනිසුරුවරයාගේ තීන්දුවේ සඳහන් වෙයි.

මෙම නඩුකරයට අදාළ බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුව ප්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා 2017 වසරේ නොවැම්බර් මස පවුල් ආරවුලක් සම්බන්ධයෙන් මීගමුව පොලිසියේ පැවති පැමිණිලි විභාගයට පෙත්සම්කාර නීතිඥවරයා එහි ගොස් ඇති අතර එම නීතිඥවරයා කාන්තාවකගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිට තිබෙන බව සඳහන් කළේය.

එම අවස්ථාවේදී වග උත්තරකාර පොලිස් නිලධාරීන් අදාළ පැමිණිල්ලට සම්බන්ධ පාර්ශවකරුවන් පමණක් කාමරයට තුළට ගෙන පෙත්සම්කාර නීතිඥවරයාට පිටත රැඳී සිටින ලෙස නියම කර තිබෙන බවත් ඔහු විසින් ඉදිරිපත් කළ පෙත්සමේ චෝදනා කර තිබේ.

මෙම ක්‍රියාව හරහා වගඋත්තරකාර පොලිස් නිලධාරින් සිය නීතිඥ වෘත්තිය ඉටුකිරීමට බාධාවක් කර ඇති බවත් ඒ තුළින් සිය වෘත්තිය ඉටුකිරීමට තිබෙන මූලික අයිතිය උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා පෙත්සම්කාර නීතිඥවරයා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

සිද්ධිය කුමක් ද?

මෙම පැමිණිලි විභාගය පැවැති අවස්ථාවේ වුට්ලර් උදයකුමාර නමැති වගඋත්තරකරු,”මේ වගේ කුරුලු කූඩු කැඩිල යන්නේ දෙමව්පියෝ නිසා. ඒ වගේම නීතිඥයෝ නිසා. මේ නීතිඥයන්ට දිට්ඨ ධම්මවේදනීය කර්මය ඵල දෙන්න ඕන.” යනුවෙන් ප්‍රකාශ කළ බව පෙත්සම්කරු චෝදනා කර තිබෙන බවත් පෙත්සමේ සඳහන් වෙයි.

එහෙත් වගඋත්තරකාර වුට්ලර් අධිකරණයට ඉදිරිපත් කළ සිය විරෝධතා වලින් සඳහන් කර තිබුණේ, පොලිසියට ඉදිරිපත්ව තිබූ පැමිණිල්ලේ පාර්ශවකරුවන් තරුණ යුවළක් බවත් විවාහ ආරවුල් සාමකාමීව විසඳා ගැනීමට උත්සාහ කළ යුතු බවත් තමන් ප්‍රකාශ කළ බවයි.

මෙහිදී පෙත්සම්කාර නීතිඥවරයාගේ වෘත්තීය කටයුතු ඉටු කිරීම සඳහා බාධා නොකළ බවත් වගඋත්තරකරු ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ජනක් ද සිල්වා ප්‍රමුඛ බහුතර විනිසුරු මඩුල්ල සඳහන් කර තිබෙන්නේ 2012 වසරේ මැයි මස 18 වැනිදා පොලිස්පතිවරයා විසින් නිකුත් කළ 1758/36 දරන අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් රාජකාරී කටයුත්තක් සඳහා පොලිස් ස්ථානයකට ඇතුළු වන නීතිඥයෙකුට සුහදව සහ ආචාරශීලීව සැලකිය යුතු බව සඳහන් කර ඇති අතර සංවරව හා ඉවසිලිවන්තව ඔවුන්ට සවන් දිය යුතු බව එහි සඳහන් කොට ඇතැයි පෙන්වා දුන්නේය.

මේ තුළින් නීතිඥවරයෙකුට සිය සේවා දායකයා නියෝජනය කිරීමට තිබෙන අයිතිය පිළිගෙන තිබෙන බවත් විනිසුරුවරයා සඳහන් කළේය.

ඒ අනුව වග උත්තර කරුවන් විසින් පෙත්සන්කරුව සුහදව සහ ආචාරශීලීව පිළිගැනීමට යුතුව තිබූ බවත් තීන්දුවේ සදහන් වෙයි.

මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් පැමිණිල්ල සිවිල් ආරවුලක් බවත් එවැනි පැමිණිල්ලක් පවත්වාගෙන යාමට වග උත්තරකරුවන් කටයුතු කළේ කෙසේද? යන්න ප්‍රශ්නාර්ථයක් බවත් තීන්දුවේ සඳහන් වෙයි.

මෙම ක්‍රියාව තුළින් වග උත්තරකරුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) උ ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන පෙත්සම්කරුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය කර ඇතැයි තීන්දු කළ බහුතර විනිසුරු මඩුල්ල ඒ අනුව මෙම නියෝග ප්‍රකාශයට කෙරුණි.

SendShareShare
Previous Post

පැය 24ක වතුර කැපිල්ලක් ප්‍රකාශයට පත්කරයි! I Sri Lanka Latest News

Next Post

අවුරුද්දට වතුරත් නැති වෙන්න වගේ යන්නේ! කොළඹට බොන්න වතුර තියෙන්නේ තවත් දවස් 20කට විතරයි! අද ඉඳන් ජල කප්පාදුව පටන් ගන්නවා! ගෙවල්වල උඩ තට්ටුවට වතුර නොලැබෙන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.