පසුගිය පෙබරවාරි මාසයේදී සියයට 1.2ක් ලෙස වාර්තා වූ ශ්‍රී ලංකාවේ උද්ධමනය මෙම මාසය (මාර්තු) වන විට සියයට 2ක් දක්වා ඉහළ යනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.Sri Lanka Latest News
පවතින තත්ත්වය හමුවේ දෙවන කාර්තුව අවසානය වන විට උද්ධමනය සියයට 5ක ඉලක්කගත මට්ටම කරා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවද මහ බැංකුව සඳහන් කරනවා.
මැදපෙරදිග කලාපයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයට පෙර, උද්ධමනය සියයට 5ක මට්ටමට ළඟා වනු ඇතැයි ගණන් බලා තිබුණේ තුන්වන කාර්තුවේදීයි.
එහෙත් වත්මන් තත්ත්වය තුළ එම ඉලක්කගත මට්ටම කරා කලින් ළඟා වනු ඇති බව පෙනී යන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
ඉන්ධන මිල ඉහළ යාම සහ වෙළඳ භාණ්ඩ ආනයනය කිරීමේ පිරිවැය ඉහළ යාම මෙලෙස උද්ධමනය ඉහළ යාමට බලපා ඇති ප්‍රධාන හේතු සාධක ලෙස හඳුනාගෙන ඇතැයි ද වාර්තා වෙනවා.










