මැදපෙරදිග ගැටුම සිව්වන සතියටත් ක්‍රියාත්මක වන පසුබිමක, ඉරානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගැනීමට තමා තීරණය කළේ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ගේ උපදෙස් මත බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.Sri Lanka Latest News
ටෙනසි ප්‍රාන්තයේ පැවති සාකච්ඡාවකදී හෙග්සෙත් දෙසට හැරුණු ට්‍රම්ප්, “පීට්, මම හිතන්නේ ඔබ තමයි මුලින්ම කතා කළේ. ඔබ කිව්වා ‘ඒක කරමු, මොකද ඔවුන්ට න්‍යෂ්ටික අවි ලබාගන්න දෙන්න බැහැ’ කියලා” යනුවෙන් පවසා ඇත.
උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) මෙම යුදමය ක්‍රියාමාර්ගයට එතරම් කැමැත්තක් නොදැක්වූ බවත් ට්‍රම්ප් මෙහිදී හෙළි කර තිබේ.
යුද්ධය ආරම්භ කිරීමට ට්‍රම්ප් විවිධ අවස්ථාවල විවිධ හේතු දක්වා ඇත.
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන නැවැත්වීම සහ කලාපීය ගැටුම් වළක්වා ගැනීම ඉන් ප්‍රධාන වේ.
ගල්ෆ් කලාපයේ රටවලට ඉරානය එල්ල කළ ප්‍රතිප්‍රහාර තමන් බලාපොරොත්තු නොවූ බව ද ට්‍රම්ප් පිළිගෙන තිබේ.
ඊයේ දින ජනාධිපතිවරයා සිය දැඩි ස්ථාවරය තරමක් ලිහිල් කරමින්, ඉරානයේ බලශක්ති පද්ධතිවලට එල්ල කිරීමට තිබූ ප්‍රහාර දින පහකට (05) අත්හිටුවීමට තීරණය කරන ලදී. ඒ දෙපාර්ශ්වය අතර පවතින සාකච්ඡාවල සාර්ථකත්වය මත බව පෙන්වා දෙමිනි.










