යුදමය වාතාවරණය යටතේ ඉන්ධන ගෙන්වීමේදී ඉහළ පිරිවැයක් දැරීමට සිදුව ඇති බැවින් වහාම ඉන්ධන මිල ඉහළ නැංවීමට කටයුතු කරන ලෙස අයි.ඕ.සී. සහ සිනොපෙක් සමාගම් ආණ්ඩුවට දැනුම්දී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
ඉකුත් අවස්ථාවේදී රුපියල් 24කින් ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමට කටයුතු කළද, එය පවතින පිරිවැය හමුවේ කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ඔවුන්ගේ ස්ථාවරය වී තිබේ.
ඒ අනුව, හැකි ඉක්මනින් ඉන්ධන මිල ගණන් ඉහළ නංවන ලෙසත්, තවදුරටත් පවතින මිල ගණන් යටතේ පාඩු ලබමින් ඉන්ධන ලබාදිය නොහැකි බවත් එම සමාගම් ආණ්ඩුව වෙත දැනුම් දී ඇති බවත් දැනගන්නට ඇත.










