පවතින ඉන්ධන අර්බුදය හමුවේ තෙල් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් රුසියාවෙන් කරනු ලැබ තිබූ ඉල්ලීමට ඍණාත්මක ප්‍රතිචාරයක් ලැබී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
හෝමූස් සමුද්‍ර සන්ධිය වසාදැමීමත් සමග මතුවූ තෙල් අර්බුදය සමනය කරගැනීම සඳහා මෙරට රුසියානු තානාපතිවරයා හමුවූ විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා රුසියාවෙන් ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලා තිබිණි.
ශ්‍රී ලංකාවේ මෙම ඉල්ලීම රුසියානු තානාපතිවරයා විසින් සිය රජයට ඉදිරිපත් කොට තිබුණද, මේ වනවිට රුසියාව විසින් තෙල් ලබාදිය හැකි රටවල ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇති අතර, එහි ශ්‍රී ලංකාවේ නම නොමැති වීම විශේෂ සිදුවීමකි.










