• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තෙල් නැව් 2ක් නියමිත කාලයට ලබාගන්න හැකියාවක් නෑ! එක නැවක ප්‍රමාදය ජාලයටම බලපෑම් එල්ල කරලා! ඉලක්ක කළ ඉන්ධන සැපයුම අපට ලැබෙන්නේ නෑ! තෙල් ප්‍රශ්නයයි ඒකට දීපු උත්තරයයි ගැන අනුර කතාකරයි! VIDEO I Sri Lanka Latest News

March 17, 2026
in Exclusive
Reading Time: 8 mins read
A A
කොලොන්නාවේ අලුත් තෙල් ටැංකි 6ක් ඉදිකරන්න අනුර මුල්ගල් තියයි! ගෝඨාගේ කාලෙ වෙච්ච දේ ආයෙත් නොවන බවට පොරොන්දුවකුත් දෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාර්තු මාසය තුළ ලිට්‍රෝ ගෑස් මෙට්‍රික්ටොන් 38,000ක් දැනටමත් රටට ගෙනවිත් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.Sri Lanka Latest News

අද (17) පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ඉදිරි දින දෙකක් ඇතුළත මෙට්‍රික් ටොන් 33,000ක් ගෑස් තොග රටට ලැබීමට නියමිත බවය.

ඒ අනුව, රට තුළ ගෑස් සැපයුම ස්ථාවර කර ගැනීමට සහ පවතින අවශ්‍යතා සපුරාලීමට හැකි වනු ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“ඉන්ධනවලට අපි දිගු කාලීන ටෙන්ඩර් ප්‍රධානය කරලා තිබුණා. නමුත් අපි දිගුකාලීන ටෙන්ඩර් දෙකක් විශේෂයෙන් මෙට්‍රික් ටොන් 90,000 නැව් දෙකක් නියමිත කාලයට ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. පෞද්ගලික අපේ තෙල් සැපයුම්කරුවන් ඉන්නවා ඔවුන්ගෙන් එක නැවක් අපිට නියමිත කාලයට ලැබෙන්නේ නෑ කියලාත් දැන් වාර්තා වෙලා තියෙනවා. අපිට අවශ්‍ය ඉන්ධන සැපයීමේ අඩුවක් තියෙනවා.. එක නැවක ප්‍රමාදයක් මේ ජාලයටම බලපෑම් එල්ල කරනවා. ඒ නිසා අපි ඉලක්ක කරලා තියෙන ඉන්ධන සැපයුම අපිට ලැබෙන්නේ නෑ.

අපි මේ වෙනකොට මැදිහත්වීම් කිහිපයක් කරලා තියෙනවා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින්. දෙවැනි එක අපි ඉක්මන් ටෙන්ඩර් කිහිපයක් දැම්මා. අපි අද ටෙන්ඩරයක් දැම්මා ඩීසල්, බොරතෙල්, ලිහිසිතෙල්, පෙට්‍රල්, සඳහා අපිට ඉතාම විශ්වාසවන්ත සැපයුම්කරුවන්ගෙන් ටෙන්ටර් ඇවිල්ලා තියෙනවා.

ඩොලර්වලින් ව්‍යාපාරවල යෙදෙන අය ව්‍යාපාර සඳහා ඔවුන්ට බලපත්‍රයක් දෙන්න ඔවුන්ට අවශ්‍ය වන තෙල් ආනයනය කර ගැනීම සඳහා කියලා. ඔවුන්ට අපි තාවකාලික බලපත්‍රයක් ලබා දීලා තියෙනවා.

මාර්තු මාසේ ගෑස් අවශ්‍යතාවය තිබ්බේ 33,000යි නමුත් අපි 38,000ක් ඇනවුම් කළා මාර්තු මාසයට පෞද්ගලික සමාගමක් ගෑස් සැපයුම අඩාල කරලා තිබෙන නිසා. ඒ මෙට්‍රික් ටොන් 38,000ම ලැබිලා තිබෙනවා. තව අපි ගෑස් නැවක් ඇනවුම් කරලා තියෙනවා ඒක හෙට හෝ අනිද්දා ලැබීමට නියමිතව තිබෙනවා ඒ නිසා ගෑස් අර්බුදයක් ඇති වෙන්නේ නෑ.

ගෑස්, ගල් අඟුරු සහ ඉන්ධන අපේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා හරහා ලබා ගැනීමට සාකච්ඡා කරමින් තිබෙනවා ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් යනවා.

QR කේතයේ යම් යම් ගැටලු තිබෙනවා කියලා අපි දන්නවා. යම් ගැටලු මතුවෙනවා කියලා පූර්ව අවබෝදයකින් යුතුව තමයි අපි ඉරිදා දිනයක්ම තෝරාගත්තේ. දැන් මිලියන 5කට අධික පිරිස් ලියාපදිංචි වෙලා තිබෙනවා. යම් ජාතික පද්ධතියේ ගැටලුවක් එන බව දැනගෙනම තමයි අපි මේක දැම්මේ.

අත්‍යවශ්‍ය සේවා කටයුතු සඳහා අපි ආරක්ෂිත තෙල් තොග පවත්වාගනිමින් යනවා. ඉන්ධන අත්‍යවශ්‍යම තැන්වලට ඒවා බිඳ වැටෙන්නේ නැතිව QR එක ප්‍රමාණවත් නැත්නම් ඒක වැඩි කරමින් ලබා දීම සඳහා අමාත්‍යාංශ මගින් වැඩපිළිවෙළක් සකස් කරමින් යනවා. 

ආහාර සැපයුම් ජාලය අපි අධ්‍යනය කරමින් යනවා. විශේෂයෙන් උත්සව සමය එන්නේ. අපි මාස 3ක් දීර්ඝ වශයෙන් තොග රැස් කරන්න පුළුවන් අය සමග සාකච්ඡා කරා ඔවුන්ගාව ඒ මාස 3ක තොග ගබඩා කරන්න පහසුකම් තිබෙන බව වාර්තා කළා. ඒ නිසා අත්‍යවශ්‍ය ආහාරවල හිඟයක් ඇති නොවීම ගැන අපි කල්පනා කරනවා.

අපි හැම අමාත්‍යාංශයකටම ඉලක්කයක් දීලා තියෙනවා තමන්ගේ අමාත්‍යාංශයේ තෙල් ප්‍රමාණය අඩු කරගත යුතුයි. අඩුම තරමේ 25%කින්වත්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා අපිට දැනටමත් වාර්තාවක් ලබා දීලා තිබෙනවා ඒ අමාත්‍යාංශය සම්බන්ධව.

අපි ඉතාමත් සාර්ථකයි අපි දවස් දෙකක් වැඩ කරනවා. දවසක් නිවාඩු දෙනවා ආයේ දවස් දෙකක් වැඩකරනවා . අපිට රාජ්‍ය සේවයේ අඛණ්ඩතාව තමයි වැදගත් වුණේ. 

අපි ප්‍රධාන ක්ෂේත 4ක, අඛණ්ඩ බලශක්තිය සැපයීම සඳහා, අත්‍යශ්‍ය සේවාවන් සඳහා, රාජ්‍ය සේවය සූදානම් කිරීම, පීඩාවට පත්වෙන ප්‍රජාවට ලබා දෙන සහනාධාර පිළිබඳව අපි අවධානය යොමු කරලා තියෙනවා. කිසි කෙනෙක් බියට පත්විය යුතු නෑ. 

බලශක්ති අර්බුදයක් මතුවෙනවානම් අපි ඒක තමයි ක්ෂණික මිලදී ගැනීම සඳහා අපි ටෙන්ඩර් කෝල් කළා. ඒකෙන් අපි නැව් 5කට අවසර ලබා දෙනවා. රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවලදීත් අපි ගල් අඟුරු ඇතුළත් කරලා තිබෙනවා. ප්‍රමිතියේ ප්‍රශ්නයක් තිබෙනවා නම් අපි ඒකට කටයුතු කරනවා.

අපි කාලයක් තිස්සේ හැදිච්ච කාටල බිඳිනවා. අපි සාධාරණ ටෙන්ඩර් ක්‍රමවේදයකින් ටෙන්ඩර් ලබා දෙනවා. අලුත් කෙනෙකුට චූටි චූටි ගැටලු මතුවිය හැකියි.

මම විවෘතව කිව්වොත් දැනට පස්සට ගිහිල්ලා තියෙන්නේ අප්‍රේල් 6-7 එන්න තිබුණ බොරතෙල් නැව්. දැන් ගබඩා කරලා තිබෙන බොරතෙල් ප්‍රමාණය අප්‍රේල් 15 දක්වා ප්‍රමාණවත්. අපිට නැව් එන්න ඕනේ. ඒ නැව යම් කාලයක් ගන්නවා එන්න. අපිට තියෙන්නේ සීමිත ගබඩා ප්‍රමාණයක්. ගබඩාවෙන් පිරිපහදු කෙරෙන්න ඕනේ. මේ පද්ධති කළමනාකරණයක් තියෙන්න ඕනේ. අද අපිට නැව් 10ක් ගෙනල්ලා තියාගන්න තැනක් නෑ. මේ තියෙන යාන්ත්‍රණයට අනුව CPC එකෙන් කොච්චරද IOC නැව කවදාද, RM පාර්ක් නැව කවදාද, සිනොපැක් නැව කවදාද කියලා අපි ප්ලේස් කරලා තියෙන්නේ. එතකොට අපි බලන්න ඕනේ කොතනද අවලංගු වෙන්න ඕනේ. ඉතිං අපි කලින් ටෙන්ඩර් දැම්මාට වැඩක් නෑ. 

ගනුදෙනුව කරන්න පුළුවන් ඕනෑම මුදල් ඒකකයකින් අපිට. හැබැයි අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මොකක්ද රුසියාව සහ අපි අතර එකඟතාවයකට එනවානම් අපි ගන්න බැඳෙනවා. ගන්න බැඳෙනවානම් අපි බැඳිම ඉටු කරන්න ඕනේ. ඉටු කරන්න පුළුවන් පරිසරයක් අපි හදාගන්න ඕනේ. අපි මේ හැම දෙයක් පිළිබඳවම තීන්දු ගන්න කලින් සියල්ල සලකා බලමින් තමයි තීන්දු ගනිමින් ඉන්නේ.

අපේ කවර හෝ අමාත්‍යවරයෙක් අමාත්‍යවරයාගේ බලතල අමාත්‍යවරයාගේ විෂය පඨය උපයෝගි කරගෙන කොතන හෝ අධිකරණයක නඩුවක් පැවරෙනවානම් මම ඔහුව ඉවත් කරනවා. ජයකොඩි පිළිබඳව ප්‍රශ්නය 2014දි ඔහු රාජ්‍ය නිලධාරියෙක් විදිහට ඉන්නකොට ප්‍රසම්පාදනයේ ගැටලුවක්. හැබැයි ඔහු අමාත්‍යවරයා හැටියට නම් අධි චෝදනා ලබලා අධිකරණයට ගොනු වෙලා තිබෙනවානම් මම ඔහුව හෙට අමාත්‍යධුරයෙන් ඉවත් කරනවා. 

විදුලි කප්පාදුව පිළිබඳව දැනට අවශ්‍යතාවයක් පැන නැගිලා නෑ. අපි ඉදිරිපත් කරලා තිබුණ සැලසුම් යටතේ දැනට විදුලි කප්පාදුවක් නෑ. නමුත් මේ යුද්ධයේ සීමා මායිම් ඔබට මට හෝ කාටවත් තීරණය කරන්න බෑ. ඒ නිසා දැනට අපි සකස් කරලා තියෙන වැඩපිළිවෙළ යටතේ විදුලි කප්පාදුවක් නෑ. නමුත් එතනින් එහා තීරණය කරන්නේ යුද්ධයේ සීමා මායිම් කොච්චර ප්‍රමාණයකින් වර්ධනය වේවිද කියන එක මත.

මම පාරිභෝගික ජනතාවට කියන්න කැමතියි අපේ රටේ හවස 6-10 තමයි වැඩිම විදුලි ඉල්ලුම එන්නේ. අපි මේ ඉලෙක්ට්‍රික් කාර් පාවිච්චි කිරීම නිසා ගොඩක් විදුලි කාර් වැඩ ඇරිලා ගිහිල්ලා 6-10 අතරේ චාර්ජ් කරනවා. ඒ නිසා මීට පෙරට වඩා මෙගාවෝට් 300කට වගේ ආසන්න විදුලි ඉල්ලුමක් 6-10 අතර වෙලා තිබෙනවා. හැබැයි අපිට දවල් කාලයේදි විදුලි අතිරික්තයක් තියෙන්නේ ඒ නිසා මම විදුලි කාර් රථ හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා දවල් කාලයේදී චාර්ච් කරගන්න.

අපි හඳුන්වා දෙන්න යනවා ස්මාර්ට් මීටරයක්. ඒකට අපි දැන් ටෙන්ඩර් කෝල් කරලා තියෙන්නේ.  ස්මාර්ට් මීටරයක් ගෙනාවට පස්සේ මිල අගයන් දෙකක් හඳුන්වා දෙන්න කටයුතු කරනවා. දවල් කාලයේ එකක් 6-10 අතර කාලයේදී එකක්. අපේ අවශ්‍යතාවය තමයි දවල් කාලයේදී වැඩිපුර විදුලිය පරිභෝජනය කරන්න ඕනේ. 

අපි සූර්ය බලයෙන් විදුලිය බලයෙන් විදුලිය හදාගෙන ගියා ගබඩා පහසුකම් නැතිව. විදුලිය කියන්නේ ඒ වෙලාවේ හදලා ඒ වෙලාවෙම පාවිච්චි කරන්න ඕනේ. නමුත් දවල් හැදෙන විදුලිය ඒ වෙලාවෙම පාවිච්චි කරන්න බැරිවෙනවා. අපිට අතිරික්තයක් තියෙනවා. 

SendShareShare
Previous Post

අර්බූදය ගැන අනුර රටට කියනවා! සජීවීව බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

Next Post

1990දී උතුරේ ත්‍රස්තවාදය-දකුණේ භීෂණය මැද ඉරාකය කුවේට් රට ආක්‍රමණය කරලා පළමු ගල්ෆ් යුද්ධයත් ඇතිවුණා! එදා අපේ රටේ තෙල් නැතිවුණේ නෑ! ලයිට් කැපුවෙ නෑ! ප්‍රශ්නය කළමනාකරණය කළා! නිල ඇඳුම් දුන්නා.. දිවා ආහාරය දුන්නා.. ජනසවිය දුන්නා.. ඇඟළුම් කම්හල් 200කුත් හැදුවා! යුද්ධ 3ක් මැද ප්‍රේමදාස රට ගොඩනගපු හැටි සජිත් පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවට මතක් කර දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

Load More
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

තමන් නීතීඥ සංගමයේ සභාපතිවරයාට දේශපාලන අල්ලස් දුන් බවට මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන...

Read more
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.