පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ සී.වී. විග්නේෂ්වරන් මහතා අද (20) දින තමන් පාර්ලිමේන්තුවේ කළ පළමු කතාවේදීම දමිළ ජනතාවගේ අයිතීන් ලබා දීමට ආණ්ඩුව පියවර ගත යුතු බව අවධාරණය කර සිටියේය.
දමිළ ජනතාවගේ ස්වයං නීර්ණ අයිතිය පිළිගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවද විග්නේෂ්වරන් මහතා කියා සිටියේය.
එමෙන්ම සෑම ක්‍රියාවකටම ඒ හා සමාන ප්‍රතික්‍රයාවක් ඇති බව කියා සිටි විග්නේෂ්වරන් මහතා සිංහල භාෂාවෙන් ‘කළ කළ දේ පල පල දේ’ යනුවෙන්ද සදහන් කර සිටියේය.
විග්නේෂ්වරන් මහතා දෙමළ ජාතික සන්ධානය යටතේ ඉකුත් පළාත් සභා මැතිවරණයට තරග කොට උතුරේ මහඇමැතිවරයා ලෙස කටයුතු කළ අතර පසුව එම සන්ධානයෙන් ඉවත්ව තමන්ගේම පක්ෂයක් පිහිටුවීමට පියවර ගත්තේය.










