09/03/2026 සවස 5,30 ට පමන තෝරකොළයාය ලිට්ල් පවර් දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ කුඩා දරුවකු ඒ අසල කුඩා පොකුනකට ඇද වැටී මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ මැදමුලන කදමඩිත්ත ප්‍රදේශයේ පදිංචි අළුපොත ගමගේ එයෝන් ධීසර අවිනාත් නම් මාස 18 වයසැති කුඩා දරුවෙකි.
දරුවාගේ මව වන වික්‍රමසිංහ මධුෂ් දිල්හානි තම කුඩාපුතු දිවා සුරැකුම් මධ්‍යස්ථානයට බාරදී තමා රැකියාව කරන තෝරකොළයාය ඇගලුම් හලට ගොස් ඇත.
සවස 5,30 ට පමන දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ පාලිකාවගේ දැනුම් දීමකට අනුව මිද්දෙනිය කාරියමඩිත්ත රෝහලට ගොස් ඇති අතර රෝහලේදී තම කුඩාපුතු දියට ඇදවැටී ඇති බව දැනගෙන ඇත.
මේ වනවිටත් දරුවා මියගොස් ඇතිබව හෙලිව ඇත. දිවා සුරැකුම් මධ්‍යස්ථානය ඇඹිලිපිටිය පොලිස් වසමේ පිහිටි නිසා මේ පිලිබද වැඩිදුර පරීක්ෂණ ඇඹිලිපිටිය පොලීසිය සිදුකරයි.
දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ පාලිකාව පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.










