සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ වසරේදී අලුත් අවුරුදු නැකැත් සීට්ටුවක් නිල වශයෙන් ප්‍රකාශයට පත් නොකිරීමට තීරණය කර ඇත.Sri Lanka Latest News
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් ඉකුත් 2024 වසරේදී අවුරුදු නැකැත් සීට්ටුවක් ප්‍රකාශයට පත් කළ අතර, එම නැකැත් නිවැරදි නොවන බව පවසමින් තවත් පිරිසක් විරෝධය දැක්වූහ.
ඉන්පසුව සංස්කෘතික දෙපාර්තමේන්තුව මඟින් අවුරුදු නැකැත් කමිටුව විසුරුවා හැරිය අතර, වසර එක හමාරකට අධික කාලයක් තිස්සේ තවමත් එම කමිටුව රැස්කර නැතැයි වාර්තා වේ.
මේ පිළිබඳව කළ විමසුමකදී සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර මහතා පවසා තිබුණේ, මේ වසරේදී අලුත් අවුරුද්ද වෙනුවෙන් නැකැත් සීට්ටුවක් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් නිකුත් නොකරන බවය.
එමෙන්ම කණ්ඩායම් දෙකක් එකිනෙකාට වෙනස් නැකැත් සීට්ටු දෙකක් ඉදිරිපත් කර තිබෙන බවද ජනතාවට කැමති ආකාරයකින් එම සීට්ටු පිළිගෙන චාරිත්‍ර සිදුකළ හැකි බවද ලේකම්වරයා සඳහන් කර තිබේ.
විදුර වික්‍රමනායක අමාත්‍යවරයාගේ සමයේදී නැකැත් කමිටුව විසුරුවා හැරිය බව ද ඉන්පසුව එවැනි කමිටුවක් රැස් නොකළ බව ද ප්‍රින්ස් සේනාධීර මහතා සඳහන් කරයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ ජ්‍යෙතිෂඥ පිරිසක් පවසන්නේ, 1991 වසරේ සිට සෑම අලුත් අවුරුද්දකම නැකැත් සීට්ටුවක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පියවර ගත් බවය.
මේ වසරේදී අලුත් අවුරුදු නැකැත් සීට්ටුවක් නිල වශයෙන් ප්‍රකාශයට පත් නොකිරීමෙන් චාරිත්‍ර සිදුකිරීමේදී ජනතාව අතර ව්‍යාකූල තත්ත්වයක් හට ගන්නා බව ද ඔවුහු සඳහන් කරයි.











