සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (20) ආරම්භ වීමට නියමිත පාර්ලිමේන්තුවේ පළමු රැස්වීමට සහභාගී වීමට ප්‍රථමයෙන් මුලු රටටම ප්‍රතිඥාවක් ලබා දීමට පියවර ගත්තේය.
ඒ, ඉදිරි කාලය ඇතුළත විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය සිදුකිරීමට නියමිත සාධනීය කාර්යභාරය පිළිබදව පැහැදිලි කරමිනි.
ප්‍රේමදාස මහතා මෙම ප්‍රතිඥාව පාර්ලිමේන්තුව බලා යන අතරතුරදී සිය රථයේ සිටම ජනතාව වෙනුවෙන් සිදු කිරීමද විශේෂත්වයකි.










