• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මැදපෙරදිග යුද්ධයේ රස්නය සැරටම ලංකාවටත් වදින්න පටන් ගනී! තේවලින් විතරක් සතියකට ඩොලර් මිලියන 15ක පාඩුවක්! I Sri Lanka Latest News

March 10, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
ගෝඨාගේ ඉතිහාසගත තවත් වැරැද්දක ප්‍රතිපල එළියට එයි! වසර 23කට පසු අඩුම තේ අපනයනය මේ කාර්තුවේ!
Share on WhatsAppShare on Facebook

ඉරානය සම්බන්ධ කරගනිමින් මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට තේ අපනයන ක්ෂේත්‍රයට සතියක් තුළදී ඇමරිකානු ඩොලර් මිලියන දහයත් පහළවත් අතර අලාභයක් සිදුවෙමින් ඇති බව තේ අපනයනකරුවන්ගේ සංගමය පෙන්වාදෙයි.Sri Lanka Latest News

මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී වටපිටාව හමුවේ නාවික ප්‍රවාහන කටයුතු අඩාල වීම සහ ඉහළ ගොස් ඇති යුද අවදානම හේතුවෙන් මැදපෙරදිග රටවල් කිහිපයකට තේ සැපයීමට ඇති හැකියාව බරපතළ ලෙස සීමා වී ඇත.

එබැවින් මෙම තත්ත්වය දිගින් දිගටම පැවතුණහොත් මෙරටට ලැබෙන විදේශ විනිමය ආදායමට එය දැඩි බලපෑමක් එල්ලවිය හැකි බව කරනු ඇති බව ඔවුන් සඳහන් කරයි.

මෙරට සමස්ත තේ අපනයනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් මිලදී ගනු ලබන්නේ මැදපෙරදිග රටවල් වන අතර වාර්ෂිකව තේ අපනයනයෙන් උපයන ඩොලර් බිලියන 1.5 ක ආදායමෙන් ඩොලර් මිලියන 530 ක් මෙම කලාපයෙන් ලැබේ.

කෙසේවෙතත් පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් තේ වතු හිමියන්ගේ සංගමය විසින් තේ කර්මාන්තය මුහුණ දෙන අනපේක්ෂිත අවදානම් පාලනය කිරීමට රජය වෙත යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව රුපියල අවප්‍රමාණය වීමෙන් ලැබෙන විදේශ විනිමය වාසිය තේ ඉඩම් හිමියා වෙත ගලා යාම සහතික කිරීම සඳහා විනිවිදභාවයකින් යුතු මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීම, යුද අවදානම හේතුවෙන් අලෙවි කරගත නොහැකිව ගොඩගැසෙන තේ තොග සුරක්ෂිතව තබා ගැනීමට රජයේ ගබඩා පහසුකම් සහනදායී ලෙස ලබා දීම සහ වගාකරුගේ ආදායම ස්ථාවර කිරීමට රාජ්‍ය මැදිහත්වීමෙන් තේ මිලදී ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම මෙහිදී යෝජනාවී ඇත.

එමෙන්ම යුද වාතාවරණය නිසා ඉහළ ගොස් ඇති ජාත්‍යන්තර රක්ෂණ සහ නාවික ගාස්තු හේතුවෙන් ඇති වන අතිරික්ත පිරිවැය, තේ ඉඩම් හිමියන් මත පැටවීම හෝ අමු දලු මිල ගණනය කිරීමේදී ඊට බලපෑමක් ඇති කිරීම වහාම නැවැත්විම මෙන්ම එළැඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ ඉඩම් හිමියන් මුහුණ දෙන මූල්‍ය පීඩනය සමනය කිරීමට සහනදායී කාරක ප්‍රාග්ධන ණය පහසුකමක් රජය මැදිහත්ව ලබා දීමද මෙම යෝජනාවලියට ඇතුළත්ව තිබේ.

නිෂ්පාදන පිරිවැය අවම කිරීම සඳහා රජය සෘජුව මැදිහත්ව සහනදායී මිලට පොහොර ආනයනය කළ යුතු බවත් අපනයන වෙළෙඳපොළ යුද අවදානම් සහිත කලාපවලින් ඔබ්බට නව විභවතාවයන් සහිත වෙළෙඳපොළවල් කරා යොමු කළ යුතු බවත් එහි සඳහන් වේ.

අපනයන සෙස් බදු මුදලින් සියයට 15ක් වෙන් කර, යුද අවදානම්, දේශගුණික විපර්යාස සහ මිල පහත වැටීම වැනි අනපේක්ෂිත වෙළෙඳපොළ අස්ථාවරවීම්වලදී ඉඩම් හිමියාගේ මූල්‍ය ස්ථාවරත්වය සුරක්ෂිත කිරීමට ස්වාධීන අරමුදලක් පිහිටුවීමටද මෙමගින් යෝජනාකර ඇත.

SendShareShare
Previous Post

සැලසුම් කළ කාලයටත් වඩා ඉක්මනින් යුද්ධය ඉවර කරන්න ට්‍රම්ප් ලෑස්තියි! I Sri Lanka Latest News

Next Post

පුටින්-ට්‍රම්ප් හදිසි දුරකතන සාකච්ඡාවක්! අමෙරිකා-ඉරාන යුද්ධය නවත්වන එක ගැන පුටින් කතා කරයි! රුසියා-යුක්‍රේන යුද්ධය නවත්වන එක ගැන ට්‍රම්ප් කතා කරයි! I Sri Lanka Latest News

MORE NEWS

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

Load More
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක මහතාට පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට ඔහු සතු සුවිශේෂ සන්නිවේදන කුසලතාව හේතු වූ බව ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයකු...

Read more
අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.