මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමට ඉරාන නාවික යාත්‍රා 3ක් අවසර ඉල්ලා සිටි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනාවරණ කළේය.Sri Lanka Latest News
ඒ අනුව, මීට දෙසතියකට පෙර එනම් පෙබරවාරි 26 වැනි දින මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරමින් ඉරාන බලධාරීන් විසින් සහයෝගිතාව වර්ධනය කිරීමේ සංචාරයක් යැයි කියමින් මෙම යාත්‍රා 3ට ශ්‍රී ලංකා මුහුදු තීරයට පැමිණීමට අවසර ඉල්ලා සිටි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය පිළිබඳ අධ්‍යයනයන කරමින් සිටියදී නැවත වතාවක් 27 වැනි දින ඇමෙරිකානු සබ්මැරීන ප්‍රහාරයකින් ගිලී ගිය නෞකාවේ සිටි නාවිකයකුට යම් ආපදාවක් සිදුවූ බව දැනුම් දුන් බවත්, ඒ අනුව මානුෂීය අවශ්‍යතා මත ඔහුව ගොඩබිමට රැගෙන එන ලෙසට ඉල්ලා සිටි බවත්, ඊට ප්‍රතිචාර දක්වමින් එම නාවිකයා සහ තවත් සහායකයකු ගුවන් හමුදාව සහ නාවික හමුදාව එක්ව ගොඩබිමට රැගෙන ආ බවත්, ඔහුට අවශ්‍ය වෛද්‍යාධාර ලබාදුන් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී රට හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව අනාවරණ කර තිබිණි.










