දැනට අධිකරණය හමුවේ විභාග වන බාල ඖෂධ වංචාව සම්බන්ධයෙන් අත්‍යාවශ්‍ය සැකකරුවකු වන, දැනට රටින් පලාගොස් රතු වරෙන්තුවක් පවා නිකුත් කොට ඇති සෞඛ්‍ය අමාත්‍යාංශයේ එවක සේවය කළ වෛද්‍ය ජයනාත් බුත්පිටිය මෙරටට ගෙන්වා ගැනීමට විමර්ශකයන් අසමත් වීම ප්‍රශ්නසහගත බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.Sri Lanka Latest News
2019-2024 කාලසීමාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ සැපයුම නියාමන හා ප්‍රසම්පාදනය සම්බන්ධව ඉතා වැදගත් රහස් රැසක් දන්නා මෙම වෛද්‍යවරයාට රතු වරෙන්තු නිකුත් කොට ඇතත් මේ දක්වා ඔහු ගෙන්වා ගැනීමට බලධාරීන් කටයුතු නොකිරීම නිසා සෞඛ්‍ය පද්ධතිය තුළ පසුගිය කාලයේ පැවති ඖෂධ මාෆියාව සහ ජාවාරම සම්බන්ධ තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති බවත්, දැනට අධිකරණය හමුවේ විභාග වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු නිලධාරීන් දහතුන් දෙනෙකුට එරෙහි පරීක්ෂණය පවා සාර්ථක කරගැනීමට ඔහු නොමැති වීම ප්‍රශ්නසහගත බවත් ඔහු පවසයි.
කොවිඩ් කාලසීමාවේදී වෛද්‍ය සැපයුම් ඒකකය, ඖෂධ නියාමන අධිකාරිය හා වෛද්‍ය පර්යේෂණ ආයතනය වැනි ආයතන තුළ සිදුවූ ප්‍රශ්නසහගත ගනුදෙනු සම්බන්ධ තොරතුරු රැසක් මෙම රටින් පලාගොස් සිටින වෛද්‍යවරයා නිශ්චිත වශයෙන්ම දන්නා බවට සැකයක් ඇතිවන බැවින් ඔහු කඩිනමින් ගෙන්වා ගැනීමට කටයුතු කිරීම වැදගත් බව වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි.










