• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමෙරිකන් ටෝපිඩෝවකින් ඉන්දීය සාගරයම ලෙයින් තෙත් කළ ඉරාන ඩේනා! USS ලින්කන් නැවට ගැහුවාට පළිගැනීමක්ද? Sri Lanka Latest News

March 7, 2026
in Exclusive
Reading Time: 6 mins read
A A
ඇමෙරිකන් ටෝපිඩෝවකින් ඉන්දීය සාගරයම ලෙයින් තෙත් කළ ඉරාන ඩේනා! USS ලින්කන් නැවට ගැහුවාට පළිගැනීමක්ද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපි හිතාගෙන හිටියේ තුන්වැනි ලෝක යුද්ධය කියන්නේ තවමත් දුරස්ථ හීනයක් කියලා. ඒත් පසුගිය දින කිහිපය තුළ ඉන්දියන් සාගරය කේන්ද්‍ර කරගෙන සිදුවුණු සිදුවීම් දාමය දෙස බලද්දී, ඒ බිහිසුණු යථාර්ථය අපේ දොරකඩටම ඇවිත් තියෙනවා. අපේ ලංකාවට ආසන්න මුහුදේ සිදුවුණු මාරාන්තික නාවික ප්‍රහාරය, ලෝක බලවතුන් අතර තියෙන දේශපාලන සෙල්ලම කෙතරම් නින්දිතද කියලා පෙන්නුම් කරනවා. අද අපි විමසා බලන්නේ, මිත්‍රත්වයේ දෑත් දිගු කළ නෞකාවකට මහ මුහුද මැදදී සිදුවුණු මරණීය ද්‍රෝහිකම සහ ඒ පිටුපස ඇති සැබෑ කතාව.

ඉරාන නාවික හමුදාවට අයත්IRIS Dena නෞකාව ඉන්දියන් සාගරයට පැමිණියේ යුද්ධයට නෙවෙයි. ඉන්දියාව සහ ඉරානය අතර පවතින දීර්ඝකාලීන උපායමාර්ගික මිත්‍රත්වය තහවුරු කරමින්, ඒකාබද්ධ නාවික අභ්‍යාසයකට සහභාගි වෙන්නයි. ඇත්තම කිව්වොත් ඉන්දියාව තමයි මේ නෞකාවට එන්න කියලා ආරාධනා කරලා තිබුණේ.
තමන් ආ අභ්‍යාසය සාර්ථකව අවසන් කරලා, තමන්ගේ මවුරට බලා ආපසු යාත්‍රා කරමින් සිටි මේ නෞකාවට ශ්‍රී ලංකාව ආසන්න මුහුදේදී ඇමෙරිකානු සබ්මැරීනයකින් ටෝපිඩෝ ප්‍රහාරයක් එල්ල වුණා.. මෙය හුදෙක් ප්‍රහාරයක් නෙවෙයි, ජාත්‍යන්තර නාවික සම්ප්‍රදායන් සහ සදාචාරය සහමුලින්ම උල්ලංඝනය කිරීමක්. මෙහි ඇති කනගාටුදායකම කරුණ වන්නේ, නෞකාවේ සිටි නාවිකයන් වැඩි පිරිසක් මේ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වීම.

IRIS Dena කියන්නේ ඉරානයේ නිෂ්පාදිත Mowj පන්තියේ නවීනතම ෆ්‍රිගේට් වර්ගයේ යුද නෞකාවක්. මෙහි Qader සහ Noor කියන ප්‍රබල නෞකා නාශක මිසයිල පද්ධති සවිකර තිබුණා. මෙය මතුපිට සටන් සඳහා ඉතා දියුණු වුවත්, සබ්මැරීන මගින් එල්ල කරන රහසිගත ප්‍රහාර හඳුනාගැනීමේ තාක්ෂණය නැති නිසා, ඇමෙරිකානු සබ්මැරීන හමුවේ විනාශ වුණා.

Mark 48 ADCAP වැනි ටෝපිඩෝවක්, නෞකාවේ බඳට පහළින් ජල පීඩනය උපයෝගී කරගෙන පුපුරා, නෞකාවේ කොන්ද හෙවත් Keel tl බිඳදමා එය ඉතා වේගයෙන් ගිල්වා දැමීමට සමත් වුණා. මේ සඳහා ඇමෙරිකාව, ලංකාවට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදේදී භාවිත කරන්නට ඇතැයි සැලකෙන්නේ, Virginia-class හෝ Los Angeles-class වර්ගයේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන ප්‍රහාරක සබ්මැරීනයක්.

මෙම සබ්මැරීනවල ඇති විශේෂිත ශබ්ද අවශෝෂක ආලේපන නිසා ඒවා සෝනාර් පද්ධතිවලට හසුකර ගැනීම අතිශයින් අපහසුයි. ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර තමන් ඉරාන නාවික හමුදාව විනාශ කළ බවට ප්‍රකාශ කළත්, සැබෑ ලෙසම එවැනි දෙයක් ප්‍රායෝගිකව සිදුවූ පළමු අවස්ථාව ලෙස මෙය සලකන්න පුළුවන්.

ලංකාව වගේ රටක මුහුදු සීමාව ආසන්නයේ මෙවැනි ප්‍රහාරයක් සිදුවීම අපේ කලාපීය ආරක්ෂාවටත් විශාල බලපෑමක්. මොකද ඉරානය කියන්නේ තමන්ට එල්ල වන පහරකට නිහඬව ඉන්නා රටක් නෙවෙයි. මේ සිදුවීමත් එක්ක ඉරානය අනිවාර්යයෙන්ම ඇමෙරිකානු නැව් ඉලක්ක කරගෙන ප්‍රතිප්‍රහාර එල්ල කරනු ඇතැයි ආරක්ෂක විශ්ලේෂකයන් අනාවැකි පළකරනවා. ඉරානය සතු මිසයිල තාක්ෂණය සහ ඩ්‍රෝන බලකාය හමුවේ ඇමෙරිකානු නෞකා ගිල්වා දැමීම දැන් තවදුරටත් සිහිනයක් නෙවෙයි.

කලින් කිව්වා වගේ IRIS Dena නෞකාව ඉලක්ක කළේ එය යුද්ධයකට සූදානම්ව තමන්ගේ රට බලා යමින් තිබියදීයි. ජාත්‍යන්තර මුහුදේදී සතුරෙකු විසින් තම සතුරාට පහර දීම සාමාන්‍ය දෙයක් ලෙස කෙනෙකුට තර්ක කළ හැකි වුවත්, සාමකාමී අභ්‍යාසයකින් පසු මෙවැනි ද්‍රෝහී ප්‍රහාරයක් එල්ල කිරීම තුන්වැනි ලෝක යුද්ධයක බිහිසුණුම ආරම්භයි.
මේ අතර ඇමෙරිකානු නාවික හමුදාවේ ප්‍රබලතම නෞකාවක් වන USS Abraham Lincoln සහ ඒ සමග ගමන් කළ සහය නෞකාවක් ඒ කියන්නේ Destroyer එකකට ප්‍රහාරවලින් සිදුවූ හානිය දැන් වසන් කළ නොහැකියි. මේ ප්‍රහාරය එල්ල වුණේ කොහෙන්ද, කොහොමද කියන එක ගැන විවිධ මත පළ වුණත්, සැබෑව නම් ඇමෙරිකානු නාවික බලය මේ මොහොතේ දැඩි අභියෝගයකට ලක්ව ඇති බව`

ලෝකයේ ඕනෑම තැනක බලය පතුරුවන්න ඇමෙරිකාව පාවිච්චි කරන ලොකුම තුරුම්පුව තමයි ඔවුන්ගේ ගුවන්යානා වාහක නෞකා නැත්නම් Aircraft Carriers. මේවා නිකම්ම නැව් නෙවෙයි, මුහුද මැද තියෙන පාවෙන නගර වගේ.USS Abraham Lincoln කියන්නේ ඇමෙරිකානු නාවික හමුදාවේ දැවැන්ත ගුවන්යානා වාහක නෞකාවක්. මෙවැනි නෞකාවකට හානි කිරීම යනු එහි ගුවන් පථය ඒ කියන්නේ Flight Deck අක්‍රිය කිරීම.

ඉන්දියාවේ භූමිකාව?
මේ නෞකා දැන් ඉන්දියාවේ වරායන් වෙත රැගෙන ගොස් ඇත්තේ හදිසි අලුත්වැඩියාවන් සඳහායි. මෙවැනි දැවැන්ත නෞකාවක් අලුත්වැඩියා කළ හැක්කේ ඉතා විශාල Dry Docks ඇති වරායවල පමණයි. ඉන්දියාවේ Larsen & Toubro (L&T) හෝ Cochin Shipyard වැනි ස්ථානවල ඇති තාක්ෂණික පහසුකම් මේ සඳහා භාවිත කළ හැකියි. මෙය ඉතාමත් අසාමාන්‍ය තත්ත්වයක්. සාමාන්‍යයෙන් මෙවැනි ප්‍රබල නෞකා හානියට පත්වීම ඇමෙරිකාව ලෝකය හමුවේ පෙන්වන්න කැමති දෙයක් නෙවෙයි. නමුත් දැන් තත්ත්වය පාලනයෙන් ගිලිහී ගොස් ඇති බව පෙනෙනවා. ඉන්දියාව වැනි කලාපීය බලවතෙකුගේ සහය මේ වෙලාවේ ඔවුන්ට අවශ්‍ය වීමෙන්ම පෙනී යන්නේ සිදුවී ඇති හානිය කෙතරම් බරපතළද යන්න.

‘යුද්ධය’ කියන්නේ එක තැනකට සීමාවෙන දෙයක් නෙවෙයි. ඉන්දියන් සාගරයේ මෙහෙම වෙද්දි යුක්රේනය දැන් තමන්ගේ සටන් භූමිය රුසියානු දේශසීමාවෙන් ඔබ්බට ගෙනගොස් තිබෙනවා. මෑතකදී වාර්තා වූ තවත් සුවිශේෂ සිදුවීමක් වන්නේ මධ්‍යධරණී මුහුදේදී රුසියාවට අයත් LNG (ස්වභාවික වායු) ප්‍රවාහන නෞකාවක් යුක්රේන හමුදා විසින් විනාශ කරනු ලැබීම.

මෙම පිපිරීම කෙතරම් ප්‍රබලද යත්, එය මුළු කලාපයම දෙදරුම්කවනසුලු විනාශකාරී එකක් වූ බව වාර්තා වෙනවා. චන්ද්‍රිකා ඡායාරූප සහ බුද්ධි තොරතුරු මගින් තහවුරු වන්නේ රුසියාවේ බලශක්ති සැපයුමට මෙයින් දැඩි පහරක් වැදී ඇති බව. යුක්රේනය මේ හරහා පෙන්වා දුන්නේ රුසියානු ඉලක්ක ලෝකයේ ඕනෑම තැනකදී තමන්ට විනාශ කළ හැකි බවයි.

එම රුසියානු නෞකාව විනාශ කිරීමේදී යුක්රේනය Sea Baby හෝ MAGURA V5 වැනි දුරස්ථ පාලක නාවික ඩ්‍රෝන ඒ කියන්නේ USV භාවිත කරන්නට ඇති.LNG එහෙම නැත්නම් ස්වභාවික වායු නෞකාවක් කියන්නේ පාවෙන බෝම්බයක් වගේ දෙයක්. එහි ඇති අධික පීඩනය සහිත වායු ටැංකියකට කුඩා ඩ්‍රෝනයක් මගින් පහර දුන්නද, සිදුවන දාම ප්‍රතික්‍රියාව සරලව කිව්වොත්, Chain reaction නිසා මුළු නෞකාවම විනාශ වී මහා පිපිරීමක් ඇති වෙනවා.

ඇත්තටම අපි කොතැනටද මේ ගමන් කරන්නේ? මේ වනවිට සාගරය කියන්නේ වෙළෙඳාමට පාවිච්චි කරන පාලමක් නෙවෙයි, මරණය රැක සිටින අගලක් බවට පත්වෙලා. ඉන්දියාව වැනි රටවල් මැදහත් පිළිවෙතක් අනුගමනය කරන්න උත්සාහ කළත්, බලවතුන් ඔවුන්ව යුද්ධයට ඇදගැනීමට උත්සාහ කරනවා.

අපේ රට අසලදී මිනිස් ජීවිත සිය ගණනක් බිලිගනිමින් නැව් ගිල්වා දැමීම, මනුෂ්‍යත්වයේ අවසානයද කියන ප්‍රශ්නය අපිට ඉතිරි කරනවා. මේ සිදුවීම් සියල්ල එකට තබා බැලූ විට අපට පෙනෙන්නේ කුමක්ද? ගොඩබිම කෙරෙන සටන්වලට වඩා මුහුදේ කෙරෙන සටන් මුළු ලෝකයේම ආර්ථිකයට බලපානවා. මොකද ලෝක වෙළෙඳාමෙන් 80%කට වඩා සිදුවන්නේ මුහුදෙන්. ඒවගේම ටෝපිඩෝ, හයිපර්සොනික් මිසයිල සහ මාරාන්තික ඩ්‍රෝන යාත්‍රා නිසා කොයි තරම් ලොකු නැවක් වුණත් සුළු මොහොතකින් මුහුද යටට යවන්න පුළුවන් වී තිබෙනවා. හරි, ඔබට හිතුණු ප්‍රශ්නයට මම දැන් උත්තර දෙන්නම්.

IRIS Dena නැව ගෙදර යන ගමන් USS Abraham Lincoln (CVN)72ට පහර දුන්නා වෙන්න බැරිද?
ඔව්, යුද්ධයකදී ඕනෑම දෙයක් සිදුවිය හැකි වුවත්, න්‍යායාත්මකව IRIS Dena නෞකාවට USS Lincoln වෙත පහරදීමේ හැකියාවක් තිබුණත්, ප්‍රායෝගිකව එය සිදුවීමට ඇති ඉඩකඩ ඉතා අඩුයි. IRIS Dena නෞකාවල සතුව ඇත්තේ Qader හෝ Noor වැනි නෞකා නාශක මිසයිල. ඒවායේ උපරිම පරාසය කිලෝමීටර් 200-300ත් අතර වෙනවා. නමුත් ඇමෙරිකානු ගුවන්යානා වාහක නෞකාවක් කිසිම වෙලාවක සතුරු නෞකාවකට කිලෝමීටර් 300ක් ඇතුළතට එන්න ඉඩ දෙන්නේ නැහැ.

සාමාන්‍යයෙන් මෙම නැව් ආරක්ෂා කරන්නේ කිලෝමීටර් 500කට වඩා ඈතින් සිටින සතුරු ඉලක්ක හඳුනාගෙන විනාශ කළ හැකි ගුවන්යානා සහ මිසයිල ආරක්ෂණ පද්ධති. අනෙක USS Lincoln තනිවම ගමන් කරන නෞකාවක් නෙවෙයි. එය වටා Aegis පද්ධතිය සහිත Destroyers ඒ කියන්නේ විනාශකාරී නෞකා සහ Cruisers කිහිපයක් ගමන් කරනවා. ඒ නිසා IRIS Dena නෞකාව මිසයිලයක් එල්ල කළත්, ඇමෙරිකානු නැව්වල තියෙන ඉලෙක්ට්‍රොනික යුද තාක්ෂණය මගින් එම මිසයිලයේ ගමන් මග වෙනස් කිරීමට හෝ එය අක්‍රිය කිරීමට ඉහළ හැකියාවක් තියෙනවා.

IRIS Dena නෞකාව ඉන්දියාවේ සිට ආපසු එන අතරතුර සබ්මැරීන ප්‍රහාරයකින් ගිල්වා දැමුවේ නම්, එයින් අදහස් වන්නේ එම නෞකාව Surprise Attack එකකට හෙවත් නොසිතූ මොහොතක එල්ල වූ ප්‍රහාරයකට ලක්වූ බව. සබ්මැරීනයක් මුහුද යට සැඟවී සිට පහර දෙන විට, මතුපිට ඇති නෞකාවකට ප්‍රතිප්‍රහාර දීමට කාලයක් හෝ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. USS Lincoln හානියට පත්වුණේ ඉරාන ප්‍රහාරයකින් නම්, එය IRIS Dena වැනි විශාල නැවකින් නොව, පහත සඳහන් ක්‍රමවලින් එකක් විය හැකියි.
Swarm Drones ඒ කියන්නේ ඩ්‍රෝන විශාල ප්‍රමාණයක් එකවර එල්ල කර ආරක්ෂක පද්ධති අවුල්කර දැමීමෙන්.

අමෙරිකානු ආරක්ෂක පද්ධතිවලට පවා හසු කර ගැනීමට අපහසු ඉතා අධික වේගයෙන් එන හයිපසොනික් මිසයිල භාවිතයෙන්.
අවසාන වශයෙන්, වත්මන් නාවික යුද තත්ත්වය පෙන්වා දෙන්නේ සාම්ප්‍රදායික නාවික සටන් ක්‍රමවේදයන් දැන් යල්පැන ගොස් ඇති බව. රහසිගත සබ්මැරීන ප්‍රහාර සහ දුරස්ථ පාලක ඩ්‍රෝන ප්‍රහාර හරහා ඕනෑම ප්‍රබල නෞකාවක් අනතුරට පත්කළ හැකි බව මේ සිදුවීම්වලින් ඔප්පු කර හමාරයි.

ඉතින් අපි මේ දකින්නේ සාමකාමී ලෝකයක අවසානයද? නැත්නම් නව ලෝක බලවතුන් බිහිවන සංක්‍රාන්ති සමයක්ද? යුද්ධයේ දරුණුකම තියෙන්නේ පාලකයන් ගන්නා තීරණවල නොව, ඒ නිසා දුක් විඳින සාමාන්‍ය ජනතාවගේ ජීවිත තුළයි. මුහුද මැද ඇවිළෙන මේ ගින්න මුළු ලෝකයම ගිලගන්නා මහා ලැව්ගින්නක් නොවන්නට අපි ප්‍රාර්ථනා කරමු.

සාගර දියගම

SendShareShare
Previous Post

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව! Sri Lanka Latest News

Next Post

හෝමුස් වැහුවා! ලොකු අර්බුදයකට ලෑස්ති වෙන්න! මුහුණ දෙනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.