ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය Sri Lanka Latest News
පසුගිය (03) වන දින පස්වරු දෙකට පමණ නුවරඑළිය යුධ හමුදා බුද්ධි අංශය වෙත ලැබුණු තොරතුරක් මත නුවරඑළිය සුරාබදු ඒකකය නිලධාරීන් සමග සිදුකළ වැටලීමකදී නුවරඑළි ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටි ඉන්දියන් ජාතිකයෙකුට අයත් එළවලු වෙළඳ සැලැක් තුල නීති විරෝධීව අලෙවි කිරීම සඳහා රැගෙන විත් තිබූ විදේශීය තහනම් දුම්වැටි 220ක් සමග තමිල්නාඩු ප්‍රදේශයේ පදිංචි අදාළ එළවළු වෙළඳසැල හිමිකරු යැයි පවසන ඉන්දියානු පුද්ගලයකු සහ නුවරඑළිය ප්‍රියතිස්ස පුර පදිංචි (වයස අවු : 42) ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත ,
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (04) නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වැරදිකරුවන් සිය වැරැද්ද පිළිගැනීම මත එක් අයෙකුට රුපියල් විසි දහස බැගින් වූ දඩ මුදලක් නියම කිරීමට හා දඩ මුදල් ගෙවීමෙන් පසු ඔවුන් දෙදෙනා නිදහස් කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් බුද්ධිකා ධර්මදාස මහත්මිය නියෝග කළාය.













