• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හොර ඔප්පුවක් හදා ගොඩනැගිල්ලක් බදු දී ලක්ෂ 36ක් වංචා කිරීමේ නඩුව! ගොනුව නීතිපතිට යැව්වේ ගිය අවුරුද්දේ පෙබරවාරි 19..! ඇමැති වසන්ත සමරසිංහට එරෙහිව නඩුවේ නීතිපති උපදෙස් තවම ලැබිලා නෑ! කොළඹ වංචා විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දෙයි! I Sri Lanka Latest News

February 28, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
වී මිල මදි කියන්නේ දේශපාලන ගොවියෝ! අපි දීපු මිල තමයි හොඳම මිල කියලා තව ටික දවසකින් ගොවීන්ම කියනවා ෂුවර්! ගොවියො ඉන්නෙ 23%යි.! 77%ක් ඉන්නේ සාමාන්‍ය ජනතාව! ඒ ජනතාවට හාල් ටික අපි අඩුවට දෙන්න ඕන! ඇමැති වසන්ත දැන් ගොවියන්ට කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට් ආයතනය සතු දෙහිවල පිහිටි දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ තිස් හයකට බදු දී වංචා කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මෙතෙක් ලැබී නැතැයි කොළඹ වංචා විමර්ශන කාර්යංශය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ ය.Sri Lanka Latest News

ඉදිරි විමර්ශන සඳහා පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන ඒ සම්බන්ධයෙන් ඉදිරි දිනයකදී අධිකරණයට කරුණු වාර්තා කරන බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් එහිදී අධිකරණයට පැවසීය.

අපරාධ වරදක් සිදුවී ඇති බවට තීරණය කර මුල් පැමිණිලිකරු විසින් නම් කරනු ලැබ ඇති පුද්ගලයන් සැකකරුවන් ලෙසට නම් කර ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස මුල් පැමිණිලිකරු වෙනුවෙන් කරන ලද ඉල්ලීම ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් පසුගිය සැප්තැම්බර් මස 26 දින නඩුව කැඳවූ අවස්ථාවේදී ප්‍රතික්ෂේප කරන ලදී.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් සඳහා 2025 වර්ෂයේ පෙබරවාරි මස 19 වන දින මෙම නඩුවෙහි විමර්ශන ගොනුව නීතිපතිවරයාට යොමු කර ඇති පසුබිමක, මේ සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යංශය විසින් දැනට සිදු කර ඇති විමර්ශනයන්ට අනුව අපරාධ වරදක් සිදුවී ඇති බවට කරුණු අනාවරණය නොවීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා විසින් පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්නගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදී.

ව්‍යාජ ලෙස බදු ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ තිස් හයකට බදු දී වංචා කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය නඩු වාරයකදී එවකට ගල්කිස්ස හිටපු මහේස්ත්‍රාත්වරිය කරන ලද නියෝගයකට අනුව, අගෝස්තු 14 දින නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් සහ අගෝස්තු 21 වන දින අමාත්‍ය වසන්ත සමරසිංහ කොළඹ වංචා විමර්ශන කාර්යංශයට පැමිණ ප්‍රකාශ ලබා දී තිබුණ ද එම ප්‍රකාශ සටහන් කර, විමර්ශන අවසන් කිරීමට පෙර මෙම නඩුවේ විමර්ශන ගොනුව කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් නීතිපතිවරයාගේ උපදෙස් සඳහා යොමු කර තිබිණි.

විමර්ශනයට අදාළව සියලු ම ප්‍රකාශ සටහන් කර අවසන් බවත්, 2020 වර්ෂයේ නැෂනල් වර්කර්ස් කොංග්‍රස් වෘත්තීය සමිතියේ පැවති මහ සභාවේදී එහි විධායක කමිටු නිලධාරීන්ගේ තීරණය මත බදු දීමනාකරු වශයෙන් තමන් පෙනී සිටි බවට වසන්ත සමරසිංහගේ ප්‍රකාශයේ සඳහන් කර ඇති බවත් වංචා විමර්ශන කාර්යංශයේ නිලධාරීන් පසුගිය අගෝස්තු 22 වන දින පැවති නඩු වාරයේදී අධිකරණය හමුවේ පැවසීය.

අදාළ නඩුව ගොනු කිරීමෙන් අනතුරුව අවස්ථා දෙකකදී අධිකරණය විසින් මෙම නඩුවට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට දෙවරක් පැහැදිලිව නියෝග කර තිබුණ ද, එම නියෝග ක්‍රියාත්මක නොකොට අධිකරණය නොමග යවමින් නීතිපති උපදෙස් අවශ්‍ය බව පොලිසිය පවසා සිටින බවත්, නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට් ආයතනයේ නීත්‍යනුකූල නිලධාරීන් සිටියදී මෙම දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම බදු දීමේ හැකියාවක් වසන්ත සමරසිංහ යන අයට නොමැති බවත් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න පසුගිය අගෝස්තු 22 පැවති නඩු වාරයේදී අධිකරණය හමුවේ පවසා සිටියේ ය.

නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට් සතු දෙහිවල පිහිටි දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩමක් සම්බන්ධයෙන් ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ තිස් හයකට බදු දී වංචා කරන ලදැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර ඇත.

මෙම නඩුව ලබන ජූනි මස 12 වන දින නැවත කැඳවීමට නියමිත ය.

SendShareShare
Previous Post

මනුස්සයෙක් මරාදාපු වතුර බටයක්!  I Sri Lanka Latest News

Next Post

28 ගැසට් එක ගැහුවොත් රටම කළුවරේ! ලංවිම අලුත් වෙයිද? Sri Lanka Latest News

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.