දැනට බන්ධනාගාරගතව සිටින ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හට ලබන බ්‍රහස්පතින්දා (20) ආරම්භ වන නව පාර්ලිමේන්තු සැසිවාරය සදහා සහභාගී වීමට මඩකලපුව මහාධිකරණය මගින් අද (18) අවසර ලබා දී ඇත.
හිටපු පාර්ලමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරීමේ සිද්ධියට චෝදනා ලැබ සිටින පිල්ලෙයාන් ඉකුත් මහමැතිවරණයට තරග වැදී පාර්ලිමේන්තු ආසනයක් දිනා ගැනීමට සමත් විය.
2015 වසරේදී ඒ මහතා බන්ධනාගාරගත කිරීම සිදුවිය.










