• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එනවා කිව්වට සුද්දෝ සුදුම නෑ! Sri Lanka Latest News

February 28, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
එනවා කිව්වට සුද්දෝ සුදුම නෑ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම ඉතාම ඉහළ අගයක තියෙන බව විවිධ වාර්තාවල සඳහන් වෙනවා. පෙබරවාරි මාසය කියලා කියන්නේ ලංකාවට සංචාරකයන් ලක්ෂ ගණනින් ඇවිල්ලා වාර්තා තැබූ කාලයක් කියලත් සමහර වාර්තාවල සඳහන් වෙලා තිබුණා. මේ තාමත් ගතවෙන්නේ පෙබරවාරි මාසය. මාර්තු මාසය තමයි එළඹෙන්නට නියමිතව තියෙන්නේ. පෙබරවාරි මාසය වෙනකොට ලංකාවට පැමිණි සංචාරකයන් ප්‍රමාණය ඉතා ඉහළ අගයක්. 2,28,424ක් කියලා කියනවා. Sri Lanka Latest News

2024 වසරේ පෙබරවාරි මුල් දින 22 තුළ ශ්‍රී ලංකාවට විදේශ සංචාරකයෝ 2,28,424ක් ආපු එක ඉතා ඉහළ තත්ත්වයක්. පළමු දින 8 තුළ පමණක් 80,776 දෙනෙක් ලංකාවට ආවා කියලා සඳහන් වෙනවා. ඉන්දියාව, එක්සත් රාජධානිය, රුසියාව, ජර්මනිය, චීනය ප්‍රධාන සංචාරක ප්‍රභවයන් ලෙසයි මේ වෙනකොට ඉදිරියෙන් ඉන්නේ.

මේ විදියට සංචාරකයන්ගේ පැමිණීම ඉතා හොඳ දෙයක්. අපි දන්නවා සංචාරකයන් පැමිණීම සම්බන්ධයෙන් අපේ ආණ්ඩුව බොහොම ආඩම්බරයෙන් සහ උජාරුවෙන් විවිධ තැන්වල කතා කරලා තිබුණා. ලංකාව සංචාරක ගමනාන්තයක් බවට පත්වීම මොන ආණ්ඩුවක් තිබුණත්, මොන ආණ්ඩුවක් බලයේ හිටියත් සිදුවිය යුතු හොඳ දෙයක්. මොකද අපි සංචාරක කර්මාන්තයෙන් ජීවත් වන රටක්. අපිට සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම මහ මෙරක්.

අපි දන්නවා ඩොලර් සම්බන්ධව අර්බුද කීපයකට අපි මුහුණ දුන්නා. ඒ අවස්ථාවලදී අපිට ඩොලර් හිඟයක් ඇවිල්ලා, ඩොලර්වලින් අපිට අවශ්‍ය කරන දේවල් ටික කරගන්න බැරි වෙලා අපි අන්ත අසරණ වෙච්ච අවස්ථා අපි අනන්ත අප්‍රමාණව දැක්කා. ඒ නිසාම අද ඩොලර් රැගෙන එන සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීම ඉතාම උජාරුවෙන්, ආඩම්බරයෙන් කියන මාතෘකාවක්. ඒ නිසා ඒකට මේ ආණ්ඩුවටවත් මොන ආණ්ඩුවකටවත් චෝදනා කරන්න අපිට බැහැ.

නමුත් ප්‍රශ්නේ තියෙන්නේ, සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණියා කියලා ඒ පැමිණෙන සංචාරකයන්ගෙන් අපිට අවශ්‍ය කරන සහයෝගය ලැබෙනවාද කියන එක. බොහෝ වෙලාවට සංචාරකයන්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඔවුන් ලංකාවට ඇවිල්ලා ඩොලර් ටිකක් වියදම් කරලා, හෝටල්වල නැවතිලා, ලංකාවෙන් දින කීපයක් කෑම බීම ටික කාලා, ලංකාවේ සල්ලි ටිකක් වියදම් කරයි කියලානේ. ඒත් ලංකාවට මේ දවස්වල එන සංචාරකයෝ එන්නේ, චූන් පාන් එකෙන් චූන් පාන් කාලා, පාරේ යන වාහනයකට අත දාලා, අපේ ගමේ භාෂාවෙන් කියනවා නම් වාහනේට ටෝක් කරලා ඒ වාහනෙන් ගිහිල්ලා, එයා එහෙන් අරන් එන ටිකක් මෙහේ විකුණලා, කොහේ හරි වෙරළබඩ තැනක පොඩි පෙට්ටි කඩයක් දාගෙන කීයක් හරි හොයාගන්න බලනවා නම්, ඒගොල්ලොත් එක්ක මේ වැඩේ කරන්න බැහැ.

ඒ වගේම සංචාරකයන් ලංකාවට එන්නේ නැහැ, ඒ සංචාරකයන් සඳහා අවශ්‍ය කරන මූලික සහයෝගය අපෙන් ලැබෙන්නේ නැත්නම්. ඒක ලොකු ප්‍රශ්නයක්. සංචාරකයන්ට ලංකාවට එන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කරනවා වගේම, ඔවුන්ට ලංකාවේ ජීවත් වෙන්න අවශ්‍ය කරන පහසුකම් අපි අනිවාර්යයෙන්ම ලබාදිය යුතුයි. නමුත් අවාසනාවකට වෙලා තියෙන්නේ අපි පහසුකම් ලබාදීම සම්බන්ධව බොහොම පහළ මට්ටමක තමයි ඉන්නේ. සංචාරකයෝ ලංකාවට ආවට, සංචාරකයෝ ලංකාවට එන එක ගැන උනන්දු වුණාට, සංචාරකයෝ ලංකාවේ තියාගන්න එක සහ ඔවුන් ආයෙත් ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධව සැලසුමක් තියෙනවාද කියන එක ප්‍රශ්නයක්.

අපි දැක්කා පහුගිය දවස්වල සීගිරිය – පිදුරංගල මාර්ගයේදී විදේශිකයෙක් අලියෙක්ගේ පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වෙනවා. ඊට දින කීපයකට පස්සේ පොළොන්නරුව පාරේදී වාහන දෙකක් අතරට හිරවීමෙන් තවත් සංචාරකයෙක් ජීවිතක්ෂයට පත්වුණා. ඒ වගේම සීගිරියේ සාමාන්‍යයෙන් මාසෙකට දෙතුන් වතාවක් එන සංචාරකයන්ව වඳුරෝ කාලා ඒගොල්ලෝ බරපතළ අර්බුදයකට මුහුණ දෙනවා. මේ වගේ පුංචි දේවල් ටිකක්වත් අපිට සම්පූර්ණයෙන් සකස් කරගන්න බැරිව අපිට සංචාරකයෝ ලංකාවට එනවා කියලා ආඩම්බර වෙමින් ඉන්න බැහැ.

සංචාරකයෝ ලංකාවට එනකොට ඒ සංචාරකයා ලංකාවට එන්නේ ලංකාවේ සුවපහසු ජීවිතයක් බලාපොරොත්තුවෙන්. සංචාරකයන්ට විකුණන ටිකට් එකේ ඉඳලම සංචාරකයන්ට වංචාවල් කරලා, ඒ සංචාරකයාගෙන් කීයක් හරි ගසාගෙන කෑවොත් එහෙම, ඒ රටවල් පොදුවේ ලංකාවට නොයා යුතුයි කියන තීරණවලට එනවා. අපිට මතකයි සමහර යූටියුබර්ස්ලා පහුගිය කාලේ ඉඳන්ම ලංකාව දැන් ආරක්ෂිත නැහැ, ලංකාවට එන එක භයානකයි, ලංකාවේ ප්‍රශ්න තියෙනවා, ලංකාවේ අනාරක්ෂිත තැන් තියෙනවා වගේ සමහර ප්‍රකාශ නිකුත් කරමින් හිටියා.

ඒවායේ භයානක ප්‍රතිඵල ලැබෙන්න නියමිතව තියෙද්දීත් මේ මොහොතෙත් සංචාරකයෝ ලංකාවට එනවා කියලා කියන්නේ ලංකාව ඉන්නේ විජයග්‍රාහී මානසිකත්වයක. ශ්‍රී ලංකාවේ සංචාරක අමාත්‍යවරු, සංචාරක ව්‍යාපාරය සම්බන්ධව ඉන්න නිලධාරීන් මේ සියලු දෙනාම එකතු වෙලා බලධාරීන් එක්ක හොඳ තීන්දුවකට ඇවිල්ලා අපේ රටට එන සංචාරකයෝ රැකගත්තොත් මේ යන විදිහට ඉස්සරහට එච්චර නරක වෙන එකක් නැහැ.

හැබැයි අවාසනාවකට වෙලා තියෙන්නේ අපි සංචාරකයෝ ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ඉක්මනට උදම් වෙනවා. සංචාරකයෝ ලංකාවට එනවා දැකපු ගමන් ගණන් හිලව් ටික අරගෙන ඇවිල්ලා ප්‍රවෘත්ති සාකච්ඡාවල, රූපවාහිනී වැඩසටහන්වල, විවිධ අවස්ථාවලදී ආඩම්බරයෙන් කියනවා දැන් ලංකාවට අච්චර සංචාරකයෝ එනවා මෙච්චර සංචාරකයෝ එනවා, සංචාරකයෝ මෙච්චර ප්‍රමාණයක් ගෙන්වා ගන්න පුළුවන් වුණා, අපිට දැන් පිටරටවල්වලින් මේ වගේ උදව් තියෙනවා කියලා.

ඒත් අපි කියන්නේ නැහැ චීනය පහුගිය කාලේ ලංකාව සංචාරක ගමනාන්තයක් විදිහට තෝරගන්න එපා කියලා ඒ රටේ අයට කිව්වා කියන එක. ඒකට හේතුව තමයි පොහොර නැවේ ප්‍රශ්නය. පොහොර නැවේ ප්‍රශ්නය සම්බන්ධයෙන් චීනය ඉන්නේ දැඩි ස්ථාවරයක, ඔවුන් ඉන්නේ කලකිරීමෙන්, ඔවුන් ඉන්නේ කනස්සල්ලෙන්. හැබැයි ඉන්දියාව ඉන්නේ මේ වෙලාවේ කනස්සල්ලෙන් නෙවෙයි. සමහර රටවල් අපිත් එක්ක හිතවත්.

අපි දන්නවා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට පුළුවන් වුණා ක්‍රිකට් තරගය සම්බන්ධයෙනුත් හොඳ තත්ත්වයක් නිර්මාණය කරලා පාකිස්ථාන-ඉන්දියා තරගය ලංකාවේ පවත්වන්න. මේ තරගය නිසාත් ලංකාවට පැමිණි සංචාරකයන් ප්‍රමාණය විශාලයි. ඉන්දියාවේ තරගයට සති දෙක තුනකට කලින් ඇවිල්ලා ලංකාවේ නැවතිලා හිටපු ඉන්දියානු ජාතිකයෝ හිටියා. ඒ වගේම ක්‍රිකට් තරගය බලලා දවස් කීපයක් ලංකාවේ හිටපු තව ඉන්දියානු ජාතිකයෝ හිටියා. ඉතින් ඒ අයත් මේකට ඇතුළත්. හැබැයි ඒක හොඳයි, ඒකේ කිසි ගැටලුවක් නැහැ. එන්නේ ඉන්දියාවෙන්ද, ඇමෙරිකාවෙන්ද, ඔස්ටේ්‍රලියාවෙන්ද කියන එක නෙවෙයි ප්‍රශ්නය තියෙන්නේ. එන අය ලංකාවේ ඩොලර් වියදම් කරනවාද? ඒගොල්ලෝ ඩොලර්වලින් දේවල් මිලදී ගන්නවාද? ඒගොල්ලෝ ලංකාවේ හොඳට වියදම් කරනවාද කියන එක.

වියදම් කරන්නේ නැති උන්ගෙන් ගසාකාලා, කොහොම හරි යටිමඩි ගහලා, වෙට්ටුවක් දාලා කීයක් හරි හොයාගෙන ආයේ ඒ මිනිහාට ලංකාව එපාකරවන සංචාරක කර්මාන්තයක් ලංකාවේ සමහර තැන්වල තියෙන්නේ. ඒ නිසා බලධාරීනි, සංචාරකයෝ එන එක හොඳයි, ආපුවාම ඒගොල්ලෝ පරිස්සම් කරමු. අලි ගහලා මැරෙන එක, වඳුරෝ කන එක, වාහන අනතුරුවලට මුහුණ දෙන එක නතර කරන්න වැඩපිළිවෙළක් හදමු. විශේෂයෙන්ම සංචාරකයෙක්ට ඉතාම ආරක්ෂිතව පැමිණි දවසේ සිට නැවත ඔහුගේ නිවසට යන තෙක් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හැදුවොත් ඇත්තටම මේ සංචාරකයෝ එන එක මීටත් වඩා වැඩි වෙයි.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ආණ්ඩු හොල්ලන සුරේෂ් සලේ! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Next Post

ඉරානයත් ඊශ්‍රායලයට ගහන්න පටන් ගනී! ගුවන් ආරක්ෂණ පද්ධති සීරුවෙන්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.