‘මව්රට’ ජාතික පුවත්පතේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ, ප්‍රධාන කර්තෘ තුෂාර ගුණරත්න මහතාගේ වැඩිමහල් සොයුරු හර්ෂ ගුණරත්න මහතා හදිසියේ අභාවප්‍රාප්ත විය. Sri Lanka Latest News
ආදි නාලන්දීයයකු වන හර්ෂ ගුණරත්න මහතා ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම පුවත්පත් කලාවේදියකු ලෙස අවිවාදයෙන් සැලකෙන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ගුණරත්න මහතාගේ පුත්‍රයෙකි.
ඒ මහතාගේ දේහය බ්‍රහස්පතින්දා පස්වරු 5 සිට බොරැල්ල ජයරත්න ‘රෙස්පෙක්ට්’ ශාලාවේ අවසන් ගෞරව දැක්වීම සදහා තබා ඇති අතර අවසන් කටයුතු සිකුරාදා පස්වරු 4ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.
මියයන විට 63 වැනි වියේ පසුවූ ඒ මහතා සේවය කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේය.










