ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුට උස් හඬින් කතා කළැයි කියන සිද්ධියක් මුල් කරගනිමින් යටියන්තොට පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු මාරු කර යවන ලෙසට සීතාවක කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලිපියක් යවා තිබේ.Sri Lanka Latest News
සීතාවක කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් ක්‍රිෂාන්ත රත්නායක විසින් sw/s/05/15/2026 අංක දරන මෙම ලිපිය පසුගිය 18 වැනිදා සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ කෑගලු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යවා ඇත.
කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා විසින් යටියන්තොට පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දුරකථන ඇමතුමක් ලබාදී පවසා ඇත්තේ එම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි.ඩී. කත්‍රිආරච්චි තමාට උස් හඬින් කතා කරන බවත් තම නියෝග හා ඉල්ලීම් නොපිළිගන්නා බවත්ය.
ඒ අනුව ස්ථානාධීපතිවරයා විසින් කිසිඳු සටහනක් හෝ නොතබමින් මෙම සිද්ධිය ගැන සීතාවක කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත ලිපියක් යවා ඇත.
අදාළ ලිපිය හා මූලික කරගනිමින් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් මෙම නිලධාරියා සම්බන්ධයෙන් විමර්ශනයක් හෝ ප්‍රකාශ සටහන් කරගැනීමක් නොකොට ඒ ආකාරයෙන්ම පවතින තවත් චෝදනා කිහිපයක්ද සටහන් කරගනිමින් මෙම නිලධාරියා ස්ථාන මාරු කර යවන ලෙස ඉල්ලා සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ කෑගලු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යවා ඇත.
-අරුණ










