හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ලබන 26 වැනිදා පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට කැඳවා ඇත.
ඒ, පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධව සිදුකෙරෙන විමර්ශවලට අදාළව සාක්ෂි ලබාගැනීම වෙනුවෙනි.
පාස්කු ප‍්‍රහාරය එල්ල වූ සමයේ මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.
මීට අමතරව පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයාබැලෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට, හිටපු අමාත්‍ය සාගල රත්නායකට සහ හිටපු රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනට ද පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම විසින් මීට පෙර දැනුම් දී තිබිණ.
මහමැතිවරණ ජයග්‍රහණයෙන් පසුව මෛත්‍රිපාල සිරිසේන මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කියා සිටියේ වෙහෙසකර ජයග්‍රහණයක් ලබාගැනීමෙන් පසු එහි අග්‍රඵලය ලබා ගැනීමට නම් ටික කලක් නිහඩව සිටිය යුතු බවකි.










