පොලිසියේ 35116ක් පුරප්පාඩු තිබෙන තත්ත්වයක් තුළ 10000ක් බඳවා ගැනීමට රජය කටයුතු කරන බව පැවසුවත් වත්මන් රටේ නීතිය හා සාමය, මහජන ආරක්ෂාව මෙන්ම යුක්තිය පසිදලීමට, නීතියේ ආධිපත්‍යට සහ ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් එල්ල වී ඇති බවත් මේ නිසා 35116 වන පුරප්පාඩු පිරවීමට සහයෝගය ලබා දෙන බවත් එබැවින් මීට වඩා වැඩි ප්‍රමාණයක් පොලිසියට බඳවා ගන්නා ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
මහජන ආරක්ෂක කමිටු හරහා විශාල කාර්යක් වන බවත් අපරාධකරුවන් හඹා යාමේ ක්‍රියාවලියක රජය නිරත වන බවට විෂයභාර අමාත්‍යවරයා කිව්වත් අපරාධකරුවන් හඹා යාම මෙන්ම මහජන ආරක්ෂක කමිටුවල සභාපතිවරුන් පසුපස හඹා යන තැනට රට පත්ව ඇති බවත් මීට පෙර තමා නම්ගම් සහිතව චරිත සහතික ලබා ගැනීමේ දී මහජන ආරක්ෂක කමිටු සභාපතිවරයාගේ නිර්දේශ අවශ්‍ය බව පැවසූ බවත් ඒ අවස්ථාවේ රජය එවැනි දෙයක් අවශ්‍ය නොවන බව රජය පැවසු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජයේ වගකීම අපරාධකරුන් ඇල්ලීමයි
අද රටේ බොහෝ බලප්‍රදේශවල මහජන ආරක්ෂක කමිටුවල තනතුරු ලබා දී ඇත්තේ පක්ෂග්‍රාහීව බවත් එය අපරාධකරුවන් අල්ලාගැනීමේ ක්‍රියාවලියට මහත් බාධාවක් බවත් අපරාධකරුවන් හඹායාම හා දඩුවම් දීම සම්බන්ධයෙන් විරෝධතාවක් නොමැති වුවත් මහජන ආරක්ෂක කමිටුවල සභාපතිවරුන් CID හමුවට කැදවා ඇති බවත් එසේම කමිටු සභාපතිවරුන්ගේ සහතිකය සහිතව චරිත සහතික ගත් අය පවා CID කැඳවා ඇති නිසා එවැනි වැරදි සිදු නොකරන ලෙසත් රජයේ වගකීම අපරාධකරුවන් ඇල්ලීම මිස චරිත සහතික ගත් අය සහ මහජන ආරක්ෂක කමිටු සභාපතිවරුන් CID කැඳවීම නොවන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
අපරාධ වැළැක්වීමට නව වැඩපිළිවෙළක් අවශ්‍යයි
එසේම අපරාධ ක්‍රියාත්කමක වීම වර්ධනය වීම නිසා නව ආකාරයට නීතිය හා සාමය ස්ථාපිත කර නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කර යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය වෙනුවෙන් නව වැඩපිළිවෙළකට යා යුතු බවත් ඒ තරමට අපරාධ වර්ධනය වන නිසා නව වැපිළිවෙළක් සදහා ගොස් ප්‍රජා කේන්ද්‍රීය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසත් නීතිය හා සාමය සුරක්ෂිත කරන්නට ජාතික ආරක්ශාව ශක්තිමත් කරන්න විපක්ෂයට ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අපේ පක්ෂයේ අපරාධකරුවන් ඉන්නවා නම් අත්අඩංගුවට ගන්න
සමගි ජන බලවේගය පාතාලය ප්‍රවර්ධනය කිරීම, උනන්දු කිරීම සිදු නොකරන බවත් මිනිමැරුම් මංකොල්ලකෑම් පිටුදකින බවත් දැන්වත් වේලාව නාස්ති නොකර එවැනි අය ඉන්නවා නම් පාතාල කටයුතුවල නිරතව සිටින අය පරීක්ෂණ පවත්වා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.










