නව රජයේ වෙළෙද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙතෙක් දැරූ තනතුරක් ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන ඇති බව දැනගන්නට තිබේ.
ඒ, නව රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ධුරය බාර ගැනීමය.
පැවැති භාරකාර රජයේ කැබිනට් ප්‍රකාශක ධුරයේ කටයුතු කළ ගුණවර්ධන මහතා එවකදී උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන සහ තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති ධුරයද දැරීය.
ඒ අනුව තමා වෙත පවරා ඇති අතිරේක වගකීම්වලින් නිදහස් කරන මෙන් අගමැති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර ඇති බවද පැවසේ.
පැවති භාරකාර රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ධුරය සඳහා තම නම යෝජනා කරන ලද්දේ අගමැති මහින්ද රාජපක්ෂ විසින් බැවින් නව රජය වෙනුවෙන් එම තනතුර සඳහා සුදුසු වෙනත් කැබිනට් ඇමැතිවරයෙක් යෝජනා කරන මෙන්ද හෙතෙම අගමැතිවරයාගෙන් ඉල්ලා ඇති බවද ආරංචිය.










