2026 වසරේ පෙබරවාරි 13 දින තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ අධිආරක්ෂිත කලාපයක සුපිරි වෙළෙදසැලක් ආසන්නයේ නවතා තිබූ රථයක් තුළ සිටි නීතිඥවරයකු සහ ඔහුගේ බිරිඳ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ නීතියේ ආධිපත්‍ය සම්බන්ධයෙන් මෙතෙක් නොවූ විරූ බරපතල තත්ත්වයක් මතුව තිබෙන බවත් වෙඩි තැබීමෙන් පැය 2කට වඩා අඩු කාලයක තුළ මෙය පාතාල ක්‍රියාකාරකමක් ලෙස පොලිසිය විසින් ප්‍රකාශය කිරීමත් සමඟ මෙරට නීතියේ ආධිපත්‍යයට මෙන්ම යුක්තිය පසිදලීමේ යාන්ත්‍රණයට ඒ හරහා එල්ල කළ ඇති බලපෑම සහ ජාතික ආරක්ෂාව ගැන රජයට ඇති ආකල්පය සම්බන්ධයෙන් බරපතල අප්‍රසාදයක් ඇතිව තිබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ මේ සම්බන්ධයෙන් ප්‍රශ්න සිදු කරමිනි.
අධිආරක්ෂිත කලාපයකට ඉතා ආසන්න දුරකින් නීතීඥයවරයකු සහ ඔහුගේ බිරිද වෙඩි තබා ඝාතනය කිරීම නිසා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටලුවක් මතුව තිබෙන බවත් මෙය ඉහළම ආරක්ෂක මට්ටමක් ඇති බලප්‍රදේශයක සැලසුම් සහගත අපරාධයක් යැයි පෙනී යන බැවින් මේ සම්බන්ධයෙන් මීට පෙර බුද්ධි තොරතුරු සොයා බලා එය මඟ හරවා ගැනීමට නොහැකි වූයේ ඇයිද කියා ගැටලුවක් ඇති බවත් නීතිය හා සාමය ජාතික ආරක්ෂාව මහජන ආරක්ෂාව මේ නිසා තර්ජනයක් එල්ල වී ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.
මහ අධිකරණ විනිසුරු සරත් අබේපිටිය ඝාතනයෙන් පසු යුක්තිය පසිදලීමේ ක්‍රියාවලියට සම්බන්ධ පුද්ගලයන් ඉලක්ක කර ගත් පළමු ඝාතනය වන නිසා මෙය නීතියේ ආධිපත්‍ය තර්ජනයට ලක්ව ඇති නිසා රජයේ ස්ථාවරය ඉදිරිපත් කළ යුතු බවත් රජය මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් දැන ගැනීමට අවශ්‍ය බවත් ඝාතනය සිදුවී සුළු වේලාවකට පසු මෙය පාතාලයේ ගිණුමකට බැර කිරීම සඳහා රජය විසින් ජනතාවට එත්තු ගැන්වීමට උත්සාහ කරන්නේද කියා ගැටලුවක් ඇති බවත් විමර්ෂණ ක්‍රියාත්මක නොකර මෙය පාතාලයේ ක්‍රියාකාරකමක් ලෙස යැයි පවසා මහජන ආරක්ෂාව තහවුරු නොකර රජය සිදු කරන්නේ මේ වගකීමෙන් පළා යාමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජය පාතාලය මර්දනය කළා යැයි කිව්වත් මෙවැනි ඝාතන සිදුවූ විට එය පාතාල ක්‍රියාකාරකම් යැයි රජය කියමින් යන බවත් මේ සිදුවීමෙන් පසු ජින්තුපිටියේ සහ කළුතර උතුරේද වෙඩි තැබීම් නිසා ජිවිත හානි සිදුව ඇති නිසා රජය මේ ගැන පැහැදිලි කිරීම් සිදු කළ යුතු බවත් මේ මිලේච්ඡත්වය මර්ධනය කිරීමට රජය ගන්නා පියවර ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
පසුගිය වසරේ පමණක් වෙඩි තැබීම් 111ක් සිදුවන තෙක් ඒවා නැවැත්වීමට රජය අපොහොසත් වී ඇති බවත් යුක්තිය පසිදලීමෙ ක්‍රියාවලියට සම්බන්ධ පාර්ශ්වයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය ගන්නා පියවර ඉදිරිපත් කළ යුතු බවත් අද යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය බරපතල තර්ජනයකට ලක්ව ඇති බවත් මොවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය ලබා දෙන සහතිකය ඉදිරිපත් කරන ලෙසත් නීතිඥයන්ගේ මෙන්ම අධිකරණ පද්ධතියට සම්බන්ධ අනෙකුත් අයගේ ආරක්ෂාව ද මේ නිසා බිද වැටී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ සිට මීටර් 600ක් යන විට ආරක්ෂක අමාත්‍යාංශය සහ යුද හමුදා මූලස්ථානය ද ඇති බවත් රජය අධිආරක්ෂිත කලාපයක් නොවන බව කිව්වත් මෙය ඇත්තටම අධිආරක්ෂිත කලාපයක් බවත් ජාතික ආරක්ෂාව යනු ජනතාවගේ ආරක්ෂාව බවත් අද නීතියේ ආධිපත්‍ය යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න මේ ඝාතන බලපෑම් සිදු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.










