පසුගිය මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකර ගත් විදුර වික්‍රමනායක මහතාද “තමන්ට ලැබුණු රාජ්‍ය අමාත්‍ය තනතුර සම්බන්ධයෙන් තෘප්තිමත් නොමැති බව” බොහෝ වෙබ් අඩවි සහ ෆේස්බුක් පිටුවල සඳහන් වූ අතර එම තොරතුරු වල කිසිඳු සත්‍යතාවයක් නොමැති බවට නව ජාතික උරුමයන්, ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කොට තිබේ.
පසුගිය දින කිහිපය තිස්සේ ඇතැම් වෙබ් අඩවි සහ ෆේස්බුක් පිටු වාර්තා කර තිබුණේ පොදුජන පෙරමුණේ හොරණ මැතිවරණ කොට්ඨාස බල මණ්ඩලය කැඳවා ඇමති ධුරය භාර ගන්නේද නැද්ද යන්න පිළිබඳව පාක්ෂිකයන්ගෙන් විමසීමට නියමිත බවත්, ඔවුන් දෙන තීන්දුවට හිස නැමීමට තමා සූදානම් බව විදුර වික්‍රමනායක මහතා සඳහන් කොට තිබු බවකි.
නමුත් මෙය සම්පූර්ණ අසත්‍යයක් බව වික්‍රමනායක මහතා සදහන් කොට ඇත.











