කුරුණෑගල දිස්ත්‍රික් සමූපකාර නිලවරණය පසුගිය දා පැවැති අතර එහි බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයට එහි ජය හිමි විය.Sri Lanka Latest News
ඒ අනුව සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයට ඡන්ද 79ක් ලැබූ අතර රාජ්‍ය බලය හිමි ජාතික ජන බලවේගයට ලැබුණේ ඡන්ද 21ක් පමණි.
සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ විශිෂ්ට ජයග්‍රහණය දරාගත නොහැකි වූ ජනතා විමුක්ති පෙරමුණේ අනුගාමිකයන් විසින් විපක්ෂයේ අපේක්ෂකයකු මෙන්ම හිටපු කුරුණෑගල දිස්ත්‍රික් සමූපකාර උප සභාපති අශෝක සුජීව වලාකුල්පොළ මහතාට මැර ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ප්‍රහාරයෙන් දැඩි ලෙස තුවාල ලැබූ ඒ මහතා මේ වන විට කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ගනු ලබයි.










