• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

උසයි.. කෙට්ටුයි.. කොණ්ඩෙත් කොටයි.. පට්ට කැතයි… චාන්ස් එකක් ලැබුණෙම නැහැ…! පවුලට මුල් තැන දීලා නිළියක් වෙන්න ආසයි…! පොඩි කාලේ ඉඳන් ආසාව තිබුණා…! සුලෝචනා හැරපත්දෙණිය I Sri Lanka Latest News

February 14, 2026
in Heart
Reading Time: 3 mins read
A A
උසයි.. කෙට්ටුයි.. කොණ්ඩෙත් කොටයි.. පට්ට කැතයි… චාන්ස් එකක් ලැබුණෙම නැහැ…! පවුලට මුල් තැන දීලා නිළියක් වෙන්න ආසයි…! පොඩි කාලේ ඉඳන් ආසාව තිබුණා…! සුලෝචනා හැරපත්දෙණිය I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රවුම් ජීවිතවල හතරැස් කතාව නරඹන ප්‍රේක්ෂකයන්ට නම් මිහිරි කියන්නේ අලුත් කෙනෙක් නෙවෙයි. දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ක්ෂේත්‍රයේ කටයුතු කරන සුලෝචනා හැරපත්දෙණිය මේ දිනවල සිරස ටීවී හරහා විකාශනය වන ‘කොටු’ ටෙලිනාට්‍යය තුළ ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත්වූ රංගන ශිල්පිනියක්. ඉතින් අද ‘මව්රට’ ‘හාට්’ අපේ කතාබහ ඇය සමගයි.Sri Lanka Latest News

ඉතින් සුලෝචනා කොහොමද මේ දවස්වල?
මේ දවස්වල ‘කොටු’ ටෙලිඩ්‍රාමා එකේ වැඩ කටයුතු එක්ක තමයි ඉන්නේ. ඊට අමතරව වෙළෙඳ දැන්වීම්වලට සහභාගි වෙනවා. ඒ වගේම නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ ටිකත් කරගෙන යනවා.
මේ දවස්වල කොටු පනින අයට උදව් කරනවා වගේ?
මිහිරි තමයි උදව් කරන්නේ. ඇත්තටම ඒක මෙහෙමයි වෙන්නේ. උදව්වක් නෙවෙයි ඒක. සුසිල් කියන්නේ මිහිරිට හිතවත් කෙනෙක්. සුසිල්ගේ හොරයක් තියෙනවා කියලා මිහිරි දන්නවා. හැබැයි ඒ කාත් එක්කද කියලා දන්නේ නෑ. මිහිරිගේ හස්බන්ඩ් රට ඉන්න නිසා සුසිල් එක්ක තමයි ගමන් බිමන් යන්නේ ඒ වාහනේ තමයි පාවිච්චි කරන්නේ. ඒ නිසා සුසිල් හොඳින් තියාගන්න ඕනෙ නිසා සුසිල්ගේ හොර වැඩ ගැන දැනගත්තත් ඒක ප්‍රශ්නයක් කරගන්නේ නැතුව සුසිල් ආශ්‍රය කරනවා.
මිහිරිගේ චරිතය ගැනත් කතා කළොත්?
මිහිරි කියන්නේ පවුල් බරක් නැති විවාහක කාන්තාවක්. එයාට දරුවෝ නෑ. එයාගේ සැමියා රට ඉන්නේ. සරලව නිදහසේ ඉන්න කෙනෙක් මිහිරි කියන්නේ.
මිහිරිගේ චරිතයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම හොඳ ප්‍රතිචාර තියනවා. මම මීට කලින් ටෙලිනාට්‍යයක ප්‍රේක්ෂකයන්ට මතක හිටින චරිතයක් විදිහට කළේ ‘හියුමන් එරර්ස්’ එකේ දේවි කියන චරිතය. ඊට අවුරුදු තුනකට පස්සේ තමයි කොටු ටෙලිනාට්‍යයට එක්ක එකතු වෙන්නේ.
සුලෝ රංගන ක්ෂේත්‍රයට එන්නේ ටිකක් පමා වෙලා නේද?
ඔව්. ඇත්තටම මට රංගනයට මුලින්ම ලැබුණු අවස්ථා තියෙනවා. හැබැයි ඒ කාලේ මට ඒ ගැන දැනුමක් නැති නිසා මම රංගනයට යොමුවෙන්නේ නෑ. රංගනය කියන දේ ගැන පොඩි හරි හැදෑරීමකින් පස්සේ මම රංගනයට යොමුවෙන්න ඕනෙ කියන අදහසකින් මම හිටියේ. ඒකත් එක්ක මම 2022දී තමයි රංගනය ගැන හදාරන්න පටන් ගත්තේ. මාධවී මල්වත්තගේ සහ තිළිණි වීරසිංහ කියන ගුරුවරුන් යටතේ. ඊට පස්සේ මම ටෙලිනාට්‍ය, චිත්‍රපට, වෙළෙඳ දැන්වීම් කරන්න පටන් ගත්තා. වැඩකරන අතරතුර මට නැවත අවුරුදු එකහමාරක විතර පොඩි විවේකයක් ගන්න සිද්ධ වෙනවා. මම නැවත අසංක සායක්කාරගේ වැඩමුළුවක් හරහා තමයි මට ‘කොටු’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ.

සුලෝචනා කියන්නේ රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක්?
ඔව්. මම කොහොමත් මනාලියක් විදිහට නිරූපණය කරන එක 2014 ඉඳලා වගේ කළා. ඊට පස්සේ ෆුල් ටයිම් මම නිරූපණය කරන්න ගත්තේ 2019 අන්තිම කාලේ වගේ ඉඳලා. නිරූපණ ක්ෂේත්‍රය තමයි මම කලාවට අමතරව කරන රැකියාව. තවමත් මට ඉඩ ලැබෙන විදිහට හොඳ අවස්ථාවන්වලට අනුව නිරූපණ ක්ෂේත්‍රයේ නිරත වෙනවා.
නිරූපණය ක්ෂේත්‍රයට එන්නෙත් රංගන ශිල්පිනියක් වීමේ බලාපොරොත්තුවෙන්මද?
පුංචි කාලේ ඉඳලම නිළියක් වෙන්න ආසාව තිබුණා. හැබැයි මම පොඩි කාලේ ලස්සන පෙනුමක් තිබුණු කෙනෙක් නෙවෙයි. අනිත් අයට වඩා උසයි. කෙට්ටුයි. කොන්ඩේ කොටට කපලා හිටියේ. එතකොට ඒවත් එක්ක ඉස්කෝලේ කාලෙවත් මට ලොකුවට අවස්ථාවක් ලැබිලා නෑ. මම නිරූපණ ක්ෂේත්‍රයට එන්නෙත් අහම්බයකින්. රංගනයට එන්නෙත් අහම්බයකින්. හැබැයි පොඩි කාලේ ඉඳලම මගේ හීනයක් වුණේ රංගන ක්ෂේත්‍රයට එන්න.
අද වෙනකොට ඔබ මවක්. ඉතින් දරුවා නිසා රඟපෑම් සීමා කරලද තියෙන්නේ?
දරුවා නිසා රඟපෑම් සීමාකරලා නෑ. හැබැයි රංගනයේ සමහර දේවලට මම සීමා පනවාගෙන තියෙනවා. මොකද මගේ පවුල කියන දේ අංක එක. පවුලට මුල් තැන දීලා නිළියක් වෙන්න ආසයි. ඒ ගමන යන්න ආසයි. අපිට මොන දේ ලැබුණත් නොලැබුණත් පවුල කියන එක අපිත් එක්ක හැමදාම ඉන්නවා. ඉතින් ඒ නිසා මම මට දාගත්ත සීමා ටිකක් තියෙනවා. මම ඒ ඇතුළෙම තමයි වැඩ කරන්නේ.
ඒ කියන්නේ ඔබ නිර්මාණ තෝරා බේරා ගැනීමක් කරනවා?
ඔව්. ටෙලිනාට්‍යයක් වගේ දේකදි මම ඒ ගැන ලොකුවට තෝරා බේරාගැනීම් කරන්නේ නෑ. චිත්‍රපටයකදී මම ඒ ගැන හිතනවා. අඩනිරුවත් දර්ශනය එහෙම තියෙනවා නම් දැන් මම ඒවා භාරගන්න එක ගැන හිතනවා.
සුලෝචනා ළඟදිම සිනමාව තුළ අපිට දකින්න ලැබෙයිද?
ඔව්. ටෙලි නාට්‍යවලට වඩා මම කැමැති සිනමාවට. මම කලින් කළා ‘මාගම් සෝලි’ කියලා චිත්‍රපටයක්. මේ චිත්‍රපටය බොහෝ දුරට මේ අවුරුද්දේ තිරගත වෙයි. ඊට පස්සේ මම ‘යකඩ මනමාලි’ කියලා චිත්‍රපටයක් කරනවා. ඒකෙත් හඬකැවීම් කරලා ඉවරයි. නමුත් ඒක තිරගත වෙන කාලයක් හරියටම කියන්න දන්නේ නෑ. ඉදිරියේදී තව නිර්මාණයකට දායක වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒකේ සියලු කටයුතු මේ වෙනකොටත් සූදානම්. ඉදිරියට ඒ ගැනත් ප්‍රේක්ෂකයන්ට දැනගන්න ලැබෙයි.

කෞෂල්‍යා ලක්මිණි

SendShareShare
Previous Post

කැබිනට් ඇමැති කෙනෙක් අයින් වෙයි!  I Sri Lanka Latest News

Next Post

සජිත්ට ලැබෙන මිලියන 10න් කරන්න යන දේ මෙන්න! පාර්ලිමේන්තුවේ අනෙක් 224 දෙනාත් තමන්ට ලැබෙන සල්ලිවලින් කරන්න යන දේ කිව්වොත් නරකද? මිනිස්සු බලාපොරොත්තු වුණු වෙනස මේක නේද? I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.