• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උඩින් යන්න හාල්වලින් රත්න – ඩඩ්ලි ගහපු ගේම! Sri Lanka Latest News

February 15, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
උඩින් යන්න හාල්වලින් රත්න – ඩඩ්ලි ගහපු ගේම! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ඩඩ්ලි සිරිසේන රෝල්ස් රොයිස් එකක් ගෙනල්ලා…’
ඒක මරු කියලයි අපි කියන්නෙ. ඩඩ්ලි අපිට පට්‍ට පොරක්. ඒකට හේතු කීපයක් තියෙනවා. අපි ආසා සිම්පල්කම ලොරියෙ ගිය ඩඩ්ලිගෙ වගේම රෝල්ස් රොයිස් එකේ යන ඩඩ්ලිගෙත් තියෙනවා. ඩඩ්ලි කැම්පස් ගිහිල්ලා නෑ. ඒත් දැන් ඩඩ්ලි කැම්පස් යනවා. ඩඩ්ලි ව්‍යවසායකත්වය ඉගෙන ගන්න එවුන්ට ව්‍යවසායකත්වය උගන්වනවා. ඩඩ්ලි ඉගෙන ගත්තෙ මහ පොළොවෙන්. ඩඩ්ලි පැළවුණේ ලක්ෂ උයනෙ කර්කශ පොළොවෙ. ඩඩ්ලිගෙ අයියා ජනාධිපති වුණාට ඩඩ්ලි පාර්ලිමේන්තු ගියෙ නෑ. මහින්දත් එක්ක මහින්දගෙ පැටිපස් පරාණෙම පාර්ලිමේන්තු ආවා. මහත්තයලගෙ නෝනලා, නෝනලගෙ මහත්තයලා ඔක්කොම ටික තනතුරු බෙදාගත්තා. සම්පත් ටික බදාගත්තා. ඒත් ඩඩ්ලි කොළඹ ආවෙ නෑ. ඩඩ්ලි මුල් අල්ලපු පොළොන්නරුවෙම රූස්ස ගහක් වෙලා හැදුණා. ඩඩ්ලි මුදුන් මුල ගැන විශ්වාසෙ තිබ්බා. මහින්ද ජනාධිපති පුටුවෙන් නැගිට්‍ටා. බැසිල්ව මිනිස්සුන්ට පෙන්නන්න බැරිවුණා. ගෝඨාව ජනාධිපති කරලා පොඩි ආතල් එකක් දුන්නා තමයි. ඒත් ගෝඨව මිනිස්සු පැන්නුවා. දැන් මහින්දලව, බැසිල්ලව, ගෝඨලව ඕනෑ වෙන්නෙ අධිකරණවලට විතරයි.Sri Lanka Latest News

ඩඩ්ලිගෙ අයියත් මහින්ද වගේම ජනාධිපති පුටුවෙන් නැගිට්ටා. ඒත් ඩඩ්ලිට මුකුත් වුණේ නෑ. ඩඩ්ලි මැණික් ගලක් වගේ දවසින් දවස දිළිසෙන්න ගත්තා. මිනිස්සු හිතන්නෙ ගෝඨලා, බැසිල්ලා පට්‍ට කපටියො කියලා. ඒත් ඒ කට්‍ටියට ඩඩ්ලිගෙ කට්ටකමත් එක්ක හැරෙන්නවත් බෑ. මහින්දලා ආපහු කොළඹ හතෙන් මැදමුලනට පසුබැස්සා. ඒක මහින්දලට දැනෙන්නම පහුබැහිල්ලක්. ඒත් ඩඩ්ලිලා අයියගෙ බලය අත ඇරුණා කියලා ලක්ෂ උයනට ගියෙ නෑ. ඩඩ්ලි ඩඩ්ලිගෙ පාඩුවෙ ගේම ගැහුවා.
ඩඩ්ලි රෝල්ස් රොයිස් එකෙන් පස්සෙ හෙලිකොප්ටර් එකක් ගේන්න යනවලු. ඩඩ්ලි ඩඩ්ලිගෙ ගේම ගහනවා.

අරලිය හෝටලේ කඩන්න ආපු අය වැට ගාව නැවතුණා. ඩඩ්ලි ඕනෙ කෙනෙක්ට එන්න ගේට්ටුව ඇරියා. ඒකෙන් ඇතුළට එන්න තරම් චණ්ඩියෙක් හිටියෙ නෑ. අන්තිමට ඇතුළට ආවෙ ඩඩ්ලිගෙ අලුත් රෝල්ස් රොයිස් එක විතරයි.

ඩඩ්ලි හෙන හොඳයි කියලා සහතික දෙන්න මට හදිසියක් නෑ. එහෙම හෙන හොඳ පොරකට ලංකාවෙ ඔහොම මැච් එකක් ගහන්නත් බෑ. ඩඩ්ලි කොහොමත් නූල් සූත්තරකාරයා. ගහන්න පුළුවන් හැම වංගුවක්ම ගහලා ඇති. ඒක ඩඩ්ලිට දාපු යෝකර් එකක් වුණාට, මිනිහා ඒක ෆුල්‍ටොස් එකක් කරගෙන හයක් ගහනවා. ඩඩ්ලිගෙ බිස්නස් එක ලිට්මස් පරීක්ෂාවෙන් පාස්.

ඩඩ්ලිව සන්නස්ගල සර් ප්‍රශ්න කරනවා. ඩඩ්ලි සුද්ධ සිංහලෙන් උත්තර දෙනවා. ඩඩ්ලිගෙ වාහන ගාන බුකියෙ එහෙට මෙහෙට පෙරළෙනවා. ඊළඟට ඩඩ්ලි හෙලිකොප්ටරයක ගියාට ඩඩ්ලිට පව් නෑ. හැබැයි ඩඩ්ලි හෙලිකොප්ටරේ යනවා කියන්නෙ ඩඩ්ලිගෙ හාලේ බත් කන මිනිස්සුන්ට පිං. ඒත් ඩඩ්ලි බත් විකුණන්නෙ නෑ. ඩඩ්ලි වී එකතු කරනවා. හාල් විකුණනවා. දැන් ඩඩ්ලි බ්‍රෑන්ඩ් එකක්. පරණ විස්කි වගේ බ්‍රෑන්ඩ් එකක්.

‘හාල්වලින් ගොඩ යන්න මිනිහෙක්ට පුළුවන්ද?’
පුළුවන්, ඒක කරන විදිය ඩඩ්ලිගෙන් අහන්න. අරලිය හාල් කාලා, අරලිය හෝටලේක ඉන්න. ඩඩ්ලි කැමැති නම් අපි ඕනෙම කෙනෙක් අරලිය හෝටලේක එක රැයක් ඉන්න ආසයි. මමත් ආසයි. ඩඩ්ලිට බැන්නට උඹත් ආසයි. ඒ නිසා ඩඩ්ලි හෙලිකොප්ටරේ යන වෙලාවට උඩ බලාගෙන බායි කියන්න. ඩඩ්ලි එක්ක තරහා වෙන්න එපා.
මේ ගේම ඩඩ්ලි ගහන්නත් කලින් රත්න මුදලාලි ගැහුවෙ. රත්න මුදලාලිගෙ අයියා ජනාධිපති වෙලා නෑ. ඒ නිසා ඩ්ඩ්ලිට වගේ බුරුලක්වත් රත්නට හම්බවෙලා නෑ. රත්නට ඩඩ්ලිට දුන්න චාන්ස් ලැබිලා තියෙනව ද දන්නෙත් නෑ. ඒත් රත්නත් ගේම ගහලා ඉවරයි. ඇත්තටම මේ ගේම් එකේ බ්‍රෑන්ඩ් එකේ ඩඩ්ලි වුණාට රත්න හැම වෙලාවෙම හිටියෙ ඩඩ්ලිට වඩා අඩි කීපයක් ඉස්සරහින්. රත්න හෙලිකොප්ටරේ ගෙනාවෙ ඩඩ්ලි රෝල්ස් රොයිස් එක බස්සන්නත් කලින්. රත්න, රත්න ගාව වැඩකරපු මිනිස්සුන්ට වෙන වෙනම සැප වාහනේ ගානෙ තෑගි දුන්නා කියලා ෆේස්බුක් එකේ උදවිය හෝයිය හුරේ දානවා.

එහෙමයි කියලා රත්නට ගානක් නෑ. රත්න රත්නගෙම කියලා හෙලිකොප්ටරයක් පවා ගෙනල්ලා ගේමක් ගහලා ඉවරයි. පොඩි පොඩි හාල් සීන්වලට වලි දාගත්තට රත්නලට කෙළින්ම චෝදනා කරන්න පුළුවන් කෙනෙක් නෑ. රත්නලගෙ ආදායම් සම්බන්ධව ඉරිසියා කරනවා ඇරෙන්න වෙන කරන්න පුළුවන් බම්බුවක් නෑ.
මේ ආණ්ඩුව බලයට ආපු ගමන් ඇඟිල්ල උරක් කරගෙන පොළොන්නරු ගියේ වටදාගේ හැටදාගේ බලන්ඩ නෙමේ. එයාලා හැසිරුණේ හරියට හාල් ගෝනියක් කණපිට ගහනවා වගේ ඩඩ්ලිලව රත්නලව වෙනස් කරන්න හිතාගෙන. අපිත් හිතුවෙ ඩඩ්ලිලා රත්නලා බයවෙලා හාල් මිටි අස්සෙ හැංගෙයි කියලා. ඒත් එහෙම එකක් වුණෙ නෑ. ටික දවසකින් පොඩි ගානක් උස්සලා

‘බැන්නෙ හදාගන්නනෙ මොට්‍ටයො…’ කියලා ආදරෙන් ඉඟිකළා මිසක් වුණු දෙයක් නෑ.
ඒ නිසා සරලව මෙච්චරයි. කවුරු හරි හාල්වලට අහිතකර දෙයක් දානවා නම් අගුපිල් ගානෙ බැණ බැණ ඉඳලා බෑ. බෙල්ලෙන් අල්ලලා හොල්ලන්න ඕනෙ. නැත්නම් හතරමං හන්දියක එල්ලන්න ඕනේ සරම පිටින්ම.

ඉරිසියා කරලා වැඩක් නෑ. ඒ මිනිස්සු පොඩි පොඩි ගේම්වලින් වුණාට කමක් නෑ සල්ලි හොයන්නෙ පැහැදිලිව නම්. උඩින් ගියත් බිමින් ගියත් ඒක ඒ මිනිස්සුන්ට ඕනෙ විදිය. ඒ මිනිස්සු කැමැති විදිය.

ඒ නිසා ඔන්න ඔහෙ උඩින් යන්ට ඩඩ්ලි ඔයා. රත්න ගිය පාරෙ නෙමේ, ඕනෙ පාරක යන්න. මයි කාර් මයි පෙට්‍රල් කියලා ගේමේ ඉන්න. හොර බොරු නැත්නම් එකෙන්ම සැලියුට්. අරලිය හෝටලේ නැවතිලා අරලිය හාලෙන් බත් කාලා අපිත් ඔහේ ඉන්නම්. රත්න මුදලාලි ඔයාටත් එහෙමම තමයි. රත්න කියන්නෙ මැණික්වලටනෙ. ඒකට අපි එකඟයි. හැබැයි හොර බොරු නැත්නම් විතරයි. මොකද දන්නවනෙ මේ ඔයාලගෙ ආණ්ඩුවක් නෙමේ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

කළුබෝවිල රෝහලේ අලුත උපන් දරුවෙක් නැතිවෙලා දවස් 6ක් තිස්සේ හෙව්වා මතකද? අවුරුදු 18ක් පරණ කතාවක් යළි ඇවිස්සෙයි! Sri Lanka Latest News

Next Post

අරගලය ගත් මන්ත්‍රී බිල්ල! Sri Lanka Latest News

MORE NEWS

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

Load More
මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

''මාළු හොයන ඇප් එක හදලා තියෙන්නේ'' ''අපි නෙමෙයි.. අපි ආණ්ඩුවට එන්න කළින් ඉඳන් තිබිච්ච එකක් අලුත් දෙයක් නෙමෙයි'' ධීවර නියෝජ්‍ය...

Read more
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.