• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සමූපෙ උපකාරෙ ආණ්ඩුවට ඕනෙද? එපාද? දිනනකොට ඕනෙලු! පරදිනකොට එපාලු! Sri Lanka Latest News

February 14, 2026
in Exclusive
Reading Time: 6 mins read
A A
හාල් මිල වැඩියි! සමහර හාල් වර්ග නෑ! ආපහු හාල් රටින් ගේනවා! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තඹුත්තේගම සහ රාජාංගණය සමුපකාර ඡන්ද ජයග්‍රහණය කරන්නට ආණ්ඩුවට පුළුවන් වෙනවා. ඒකට හේතුව වෙන්නේ වසන්ත ඇමැතිතුමා. වසන්ත ඇමැතිතුමාගේ කැපවීම සහ එතුමාගේ අවට වටපිටාවේ දන්නා අඳුනන අය වීම සහ ආණ්ඩුව පිළිබඳ තඹුත්තේගම මිනිස්සුන්ගේ තියෙන මතය, ගෞරවය සහ ආදරය හේතුවෙන් මේ ජයග්‍රහණය ලැබුණා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්.Sri Lanka Latest News

ඇත්තටම සමුපකාර ඡන්ද ජයග්‍රහණ පිළිබඳ ටිකක් වැඩිපුර විස්තර කරමින්, ඒ ගැන ටිකක් වැඩිපුර උදම් අනමින් වසන්ත ඇමැතිතුමා කතාකරලා තියෙන බවකුත් අපි දැක්කා. ඒකේ කිසි වරදක් නැහැ. මොකද රටේම බොහෝ තැන්වල සමුපකාර ඡන්ද ආණ්ඩුව පරාජය වෙනකොට තඹුත්තේගමදී ජයග්‍රහණයක් ලබාගැනීම ආණ්ඩුවේ ජයග්‍රහණයක්.
ඒත් 159ක් ඉන්න ආණ්ඩුවකට සමුපකාර ඡන්දෙකින් වැඩක් තියෙනවද? ජනාධිපතිවරයා තමන්ගේ, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 159ක්, ඒ කියන්නේ තුනෙන් දෙකකටත් වඩා වැඩි බලයක් සහිත කණ්ඩායමක්, තව කාලයකට ඡන්දයක් රටේ නැති වටපිටාවක් යටතේ මේ වෙලාවේ එච්චර උදම් අනන්න දෙයක් ආණ්ඩුවට නැහැ. නමුත් ආණ්ඩුවට උදම් අනන්න සිද්ධ වුණේ පසුගිය කාලෙම පැවැති සමුපකාර ඡන්දවලින් ආණ්ඩුවට පරාජය ලැබීම. ඒ සමුපකාර ඡන්ද බොහොමයකින් පරාජය ලැබීම ආණ්ඩුව සැලකුවේ වැඩකට නැති, එච්චර ලොකුවට හිතන්න දෙයක් නැති දෙයක් විදිහට. නමුත් ඇත්ත කතාව ඒක නොවන බව වසන්ත සමරසිංහ ඇමැතිතුමාත් අනෙකුත් මන්ත්‍රී මහත්වරුත් නෝනාවරුත් දන්නවා.

ඒකට හේතුව තමයි ආණ්ඩුවේ බලය ලැබෙන්නට පෙර තමන් වෙත ජයග්‍රහණ ලැබුණු හැම විටකම ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම විසින් තමන්ට ලැබුණු සමුපකාර ඡන්ද ජයග්‍රහණ පිළිබඳ යම් විදිහකට උදම් වෙමින් කතාකළා. එය ජයග්‍රහණය පෙරනිමිත්තක් බවත් සුබ නිමිත්තක් බවත් මේ අය දැනගෙන හිටියා. ඒ ජයග්‍රහණයන් සම්බන්ධව ඔවුන් කතා කළා වගේම ඔවුන් තමන්ගේ ජයග්‍රහණය ලබාගත්තා.

අපි දැක්කා ජනාධිපතිවරණයට පෙර සමුපකාර ඡන්ද එක දිගට මාලිමාව දිනාගෙන යද්දී අනුර කුමාර රූපවාහිනී වැඩසටහනකට ඇවිල්ලා කිව්වා ගමේ මතය නියෝජනය වෙන්නේ ගමේ සමුපකාර ඡන්දයෙන්. දැන් සමුපකාර ඡන්ද මාලිමාව දිනාගෙන එන නිසා ගමේ රැල්ල කාටද කියලා තේරුම් ගන්න පුළුවන් කියලා.

ලංකාවේ ගොඩක් දේශපාලකයෝ හිතාගෙන හිටියේ කවදාවත්ම ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුවකට බලය ලැබෙන්නේ නැහැ කියලා. සමහර තැන්වලදී ප්‍රවෘත්ති සාකච්ඡාවලදී, සම්මුඛ සාකච්ඡා අවස්ථාවලදී, දේශපාලන විවාදවලදී ඇතැම් දේශපාලකයෝ උදම් අනමින් උද්දච්ච ලෙස ජවිපෙ නියෝජනය කරමින් ආපු කෙනාව හෑල්ලුවට ලක් කරමින් විහිළුවට ලක්කරමින් ප්‍රකාශ නිකුත් කරලා තියෙන විදිය අපි දැක්කා.

මේ තක්කඩි ප්‍රකාශවලින් ඔවුන් නොසැලී, නොවැටී, නොගැටී තමන්ගේ බලය තහවුරු කරගැනීම අප විශ්වාස කරන්නේ සුවිශේෂ ක්‍රියාවක් විදිහට. තමන්ට බලය ලැබුණා කියලා කිසි කෙනකුට කරදර කරන්නේ නැතුව, ගහන්නේ බණින්නේ නැතුව, කඩන්නේ බිඳින්නේ නැතුව මානුෂීයව තමන්ගේ බලය රැකගෙන පවත්වාගෙන ගිය කණ්ඩායමක් විදිහට මේ අයට අපේ ගෞරවය හිමිකර දිය යුතුයි.

නමුත් පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ දැන් ආණ්ඩුව සමුපකාර ඡන්ද බහුතරය පරාජයට පත්වෙන තැනකට පත්වෙලා තියෙන එක. මේ විදිහට බහුතර සමුපකාර ඡන්ද පරාජයට පත්වුණාම, ඒ පරාජයන් ලැබෙන හැම අවස්ථාවකදීම අපිට සමුපකාර ඡන්දවලින් වැඩක් නැහැ, සමුපකාර ඡන්ද කියන්නේ ගමේ මිනිස්සුන්ගේ ප්‍රකාශනය නෙවෙයි, ඒවායින් පරාජය වුණාට අපි ඒ ගැන හිතන්නේ නැහැ වගේ ප්‍රකාශ නිකුත් කිරීම නම් මේ වෙලාවේ පොඩි ප්‍රශ්නයක්. මොකද පැරදුණාම එහෙම කියන්නයි දිනුවම මෙහෙම කියන්නයි ප්‍රතිපත්ති දෙකක් තියෙන්න බැහැ. වෙන විදිහකට කියනවා නම් ‘කලකදී වහලු – කලකදි රහලු’ වෙන්න බැහැ. වහ නම් වහ, රහ නම් රහ. කන්න ඕනෙ වුණාම කබරගොයා තලගොයා වන න්‍යාය ලංකාවේ දේශපාලකයෝ ගාව අපි දැක්කා. ඒක ජනතා විමුක්ති පෙරමුණ හෝ මාලිමාවේ ආණ්ඩුවේ ඉන්න ගෞරවනීය මහත්වරුන් තුළ නැති වේ යැයි අපි විශ්වාස කළා.

ඒකට හේතුව තමයි අපි හැම වෙලාවකම කියන දේ, මේ 159 දෙනාගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් කිසිදු හොරකමකට හෝ වංචාවකට දූෂණයකට සම්බන්ධ නැති මිනිස්සු. ඔවුන් කිසිම ආකාරයකින් දේශපාලනික වශයෙන් හෝ චෝදනාවක් නොලබපු අය. ඒකට හේතුව ඒගොල්ලන්ට බලය ලැබුණේ ඊයේ පෙරේදා හින්දා වෙන්න පුළුවන්. හැබැයි කවුරු කොහොම කිව්වත් ඒ අය චෝදනා ලබලා නැහැ.

ඉතින් ඒ නිසා මේ අය සම්බන්ධයෙන් ඇතිවන සමහර ප්‍රකාශ ගැන ආණ්ඩුවේ ප්‍රබලයෝ බොහොම කල්පනාවෙන් සහ බොහොම වගකීමෙන් ඉන්න ඕනේ. අපි කියන්නේ නැහැ ආණ්ඩුව පෙරළෙනවා කියලා, නමුත් ආණ්ඩුව ගැන ජනතාවගේ විශ්වාසය බිඳවැටිලා තියෙන නිසයි සමුපකාර ඡන්දවලින් පැරදුණේ කියලා අපි කිව්වා. ඒ වෙලාවේ මන්ත්‍රීතුමන්ලා කිව්වා ‘නෑ සමුපකාර ඡන්දෙ එතරම් වැඩක් නැහැ’ කියලා. දැන් සමුපකාර ඡන්දෙ දිනුවා. දිනුවාට පස්සේ මේගොල්ලෝ ඒ ගැන උදම් වෙමින් ඉන්නවා. අපි කියන්නේ ඔව්, උදම්වීම සාධාරණයි, නමුත් පරාජයේදී දුක්වීම විය යුතුයි. ඒ ගැන මීට වඩා හිතිය යුතුයි කියලා.

මාලිමාව පැරැදුණු සමුපකාර ඡන්ද

■ කැලණිය
■ දික්වැල්ල
■ හක්මණ
■ බෙරලපනාතර
■ කොටපොළ
■ ගිනිගත්හේන
■ නව තලවකැලේ
■ වලපනේ
■ දෙහිඅත්තකණ්ඩිය
■ හිනිදුම්පත්තුව
■ බද්දේගම
■ අක්මීමන
■ ඉහළ ලේල්වල
■ නාඋල
■ රත්තොට
■ ගලේවෙල
■ මැදවච්චිය
■ රඹෑව
■ කල්පිටිය
■ කහවත්ත පන්නිල්පත්තු
■ නිවිතිගල
■ පැල්මඩුල්ල
■ බඹරබොටුව
■ මාරපන

“ජනතාව බලාපොරොත්තු වූ වෙනස කරපු නිසා තමයි සමුපකාර පෙට්ටි පුරවලා ඡන්ද වැටුණේ…” – අමාත්‍ය වසන්ත සමරසිංහ

මාධ්‍යවේදියා
අනුරාධපුරයේ ජනතාව ඔබතුමාලාට කැමැත්ත පළකරලා තියෙනවා. නමුත් විපක්ෂය නගන චෝදනා ගැන මොකද කියන්නේ ඔබතුමන්ලා?

අමාත්‍ය වසන්ත සමරසිංහ
විපක්ෂය මේ රට සුඛිත මුදිත කරලා, භාණ්ඩාගාර පිරවිලා, පාරේ යනකොටත් සල්ලි කොළ මිටි ඇහිඳන් යන්න තිබිච්ච රටක් භාරදුන්නා වගේ තමයි මේ කතාව. භාණ්ඩාගාර හිස්වෙලා, බංකොලොත් රටක් හදලා, ලංකාවේ ලොකුම බැංකුවකවත් එල්.සී. එකක් ඕපන් කරගන්න බැරුව තිබිලා, මිනිස්සුන්ට ජීවිතේ විඳින්න තියෙන සියපු පීඩාවන් විඳලා බංකොලොත් රටක් තමයි අපි භාරගත්තේ.

ජනතාවට ලබාදිය යුතු සියලු සහන ලබාදීලා තියෙනවා අවුරුද්දක් ඇතුළත. ඒ නිසා ජනතාව බලාපොරොත්තු වෙච්ච වෙනස්කම කරපු නිසා තමයි සමුපකාරවල පෙට්ටි පුරවලා මහා සභා නියෝජිතයෝ තෝරාගන්න සාමාජිකයෝ වැඩ කරන්නේ. අපි සමුපකාරයටත් ඒහා සමානවම, මේ වහලා දාපු, කොල්ලකාපු දේපල මුදාගන්න එක මාලිමා ආණ්ඩුවෙන් කරනවා. මාලිමා ආණ්ඩුවේ දැවැන්ත ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් අපි ඉස්සරහට අරන් එනවා.

සමුපකාරය සතු දේපල නිරාකරණය කරගෙන, හැම ප්‍රාදේශිකයකටම කෝප් සිටියක් පටන් ගන්න පහසුකම් සපයනවා. නාගරික ප්‍රදේශයේ දැවැන්ත මෙගා කෝප් සිටියක් පටන් ගන්න අඩු පොලී ණය ලබාදෙන්න කටයුතු කරනවා. ඒ වගේම පාරිභෝගිකයාටත් මාසෙකට රුපියල් 10,000කට වැඩිය බඩු ගත්තොත් ලක්ෂ තුනක තුනහමාරක නොමිලේ ජීවිත රක්ෂණයක් ලබාදෙන්න කටයුතු කරනවා. සමුපකාර ව්‍යාපාරය රටේ ආර්ථිකයේ කොටසක් බවට පත්කරන්න අපි කටයුතු කරනවා. විපක්ෂයට චෝදනා කරන්න පහසුයි, හැබැයි තමන් හදලා අපිට භාරදුන්න රට පිළිබඳ නැවත මතක් කරගන්න කියලා අපි විපක්ෂයට ආරාධනා කරනවා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මංගල දැන්වීමයි: දකුණු කොරියානුවන්ට දරුවන් සෑදීම සඳහා රූමත් කාන්තාවන් ලංකාවෙන් සොයයි! දෑවැදි අනවශ්‍යයි! ශ්‍රී ලංකාවේ කන්‍යාවන් දකුණු කොරියාවට පටවයිද….? Sri Lanka Latest News

Next Post

එදා අමරකීර්තිට කලින් ඉවර කරන්න හැදුවේ සජිත්ද? මේ ගැන හොඳට දන්න ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂවරයකුගේ සටහනක්! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.