• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් රනිල් වෙයිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

August 15, 2020
in Exclusive, Gurudawa
Reading Time: 1 min read
A A
සජිත් රනිල් වෙයිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

1977 මහ ඡන්දයේදී එවකට යූ.ඇන්.පී. නායක ජේ. ආර්.ට ලංකා සමසමාජ පක්‍ෂයේ ඇන්. ඇම්. පෙරේරා සහ කොල්වින් ආර්. දි සිල්වා දිනවන්න ඕනෑ විය. හේතුව 1975න් පසු ඇන්. ඇම්. සහ කොල්වින්ලා බණ්ඩාරනායක මැතිනිය පරාජය කරන්න ඇයටත් ඇයගේ අධිකරණ ඇමැති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකටත් එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවේදී ඉටු කළ කාර්ය භාරය නිසාය. ජේ. ආර්. හිතුවේ ඉදිරියටත් බණ්ඩාරනායක මැතිනියව දුර්වල කරන්න ඇන්. ඇම්.ලා පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි කියාය. මේ නිසා ජේ. ආර්. ඇන්. ඇම්. තරග කළ යටියන්තොට ආසනයට සහ කොල්වින් ආර්. දි සිල්වා තරග කළ අගලවත්ත ආසනයට දැම්මේ දුර්වල යූ.ඇන්.පී. අපේක්‍ෂකයන්ය. ජේ. ආර්. එම ආසනවල ලොකු කැම්පේන් එකක් කළේද නැත. එහෙත් 1977 මහමැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දී තමන් දාපු දුර්වල අපේක්‍ෂකයන් දෙදෙනාට ඇන්. ඇම්. සහ කොල්වින් පරාජය වී ඇති බව දැක ජේ. ආර්. මවිතයට පත්විය. ඕල්ඞ් ලෙෆ්ට් නොහොත් පරණ වම නමින් ප්‍රකට ලංකාවේ පළමු විපක්‍ෂයේ ඇදවැටීම ජේ. ආර්. කම්පාවට පත්කළ බව ජේ. ආර්.ගේ චරිතාපදානයේ සඳහන් වෙයි.
‘එහෙව් ජේ. ආර්. ග්‍රෑන්ඞ් ඕල්ඞ් පාටි නමින් ප්‍රකට යූ.ඇන්.පී.යේ ඇදවැටීම ගැන මොනවා හිතනවා ඇද්ද..?’
ඇත්තටම අද යූ.ඇන්.පී.යට වෙලා තියෙන්නේත් එදා පරණ වමට අත් වූ ඉරණමය. වම විනාශ කළේ ඇන්. ඇම්. සහ කොල්වින්ය. ඒ වමට අලුත් වීමට හෝ අලුත් නායකයකුට වමෙන් මතු වීමට ඉඩ නොදීමෙන්ය. යූ.ඇන්.පී.ය විනාශ කළේ ජේ. ආර්.ගේ බෑනා රනිල්ය.
ජේ. ආර්. කවදාවත් රනිල්ව නායකත්වයට පිම්බුවේ නැත. රනිල් නායකත්වයට පත් වූයේ ප්‍රභාකරන්ගේ බෝම්බවලට පින්සිදු වන්නටය. 1993 ප්‍රභාකරන් ප්‍රේමදාසව ඝාතනය කළ නිසා රනිල් අගමැති විය. 1994 ප්‍රභාකරන් ගාමිණීව ඝාතනය කළ නිසා රනිල් පක්‍ෂ නායකත්වයට පත්වී විපක්‍ෂ නායක විය. රනිල් ඒ තැනට එන්න කිසිදු මහන්සියක් ගත්තේ නැත. රනිල්ට ඉලක්කයක් තිබුණේත් නැත. මේ නිසාම රනිල් හිතුවේ ජනාධිපති ධුරයත් තමාට කවුරුන් හෝ ගෙනැවිත් දෙයි කියාය. ඒ නිසාම ඔහු බලය ගන්න පක්‍ෂය හදන්න මහන්සි නොවීය. ඔහු මහන්සි වූයේ පක්‍ෂ නායකත්වය ආරක්‍ෂා කරගන්න පමණි. පක්‍ෂ නායකත්වය ආරක්‍ෂා කරගතහොත් ප්‍රභාකරන් හෝ මහින්ද හෝ චන්ද්‍රිකා හෝ මෛත්‍රිපාල හෝ මුස්ලිම් පක්‍ෂ හෝ දමිළ ජාතික සන්ධානය හෝ ඉන්දියාව හෝ අප්‍රිකාව තමාගේ ඔඩොක්කුවට ජනාධිපති ධුරය ගෙනැවිත් දෙනු ඇතැයි ඔහු සිතුවේය. ඔහු ජනාධිපතිකම ගන්න ප්‍රභාකරන් දිහා වසර 15ක් බලාගෙන සිටියේය. නමුත් ඔහු කළේ 1999ත්, 2005ත් දෙවිදිහකට රනිල්ව පරාජය කිරීමය. ඔහු චන්ද්‍රිකාගේ කාලයේ ජනාධිපතිකම ගන්න මහින්ද ගේමක් ගහයි කියා බලාගෙන සිටියේය. අන්තිමේදී මහින්ද ජනාධිපති වී ඔහුට ගේම දුන්නේය. 2015 චන්ද්‍රිකාගෙන් හෝ මෛත්‍රිගෙන් ජනාධිපතිකම ගන්න බලා සිටියේය. මෛත්‍රිත් ඔහුට ගේම දුන්නේය. මේ වසර 25ම තානාපති කාර්යාලවලින් ජනාධිපතිකම ගන්න බලා සිටියේය. අන්තිමේදී ඔහුට ජනාධිපති ධුරයට තරග නොකරන්න බලපෑම් කළේත් ඒ තානාපති කාර්යාලය. ජනාධිපති ධුරයට තරග කරන්න එපා යැයි සුළු ජාතික පක්‍ෂත් ඔහුට බලපෑම් කළහ. අන්තිමේදී පාස්කු බෝම්බ ප්‍රහාරය ආවේ තමා ජනාධිපති පුටුවේ ඉන්දවන්න යැයි ඔහු සිතන්න ඇත. රනිල්ගේත්, යූ.ඇන්.පී.යේත් විනාශය රනිල් අහම්බයෙන් පක්‍ෂ නායකත්වයට පත්වීමය. ඔහු ගණන් හැදුවේ හැම දෙයක්ම අහම්බයෙන් සිදුවෙයි කියාය. රනිල් මුළු යූ.ඇන්.පී.යම එහෙම පිනවන්න පුරුදු කළේය. යූ.ඇන්.පී.යත්, මන්ත්‍රිවරුත් මිනිස්සු සංවිධානය නොකර වැඩ නොකර මුල් කාලයේ ප්‍රභාකරන්ගේ බෝම්බවලින් චන්ද්‍රිකාගේ හෝ රාජපක්‍ෂලාගේ අර්බුදවලින්, ඉන්දියාවේ හෝ ඇමෙරිකාවේ මැදිහත්වීම්වලින් රනිල්ව ජනාධිපති පුටුවේ වාඩිකර යූ.ඇන්.පී.ය බලයට ගෙන එනු ඇතැයි සිතූහ. මෙය යූ.ඇන්.පී.යට හැදුණ දේශපාලන රෝගයකි. රනිල්ගේ නායකත්වය යටතේ සිටි සජිත්ටද මේ දරුණු රෝගය වැලඳී තිබුණි. රනිල්ගෙන් පසු තමාගේ ඔඩොක්කුවට නායකත්වය වැටෙයි කියා ඔහුද බලා සිටියේය. ඒ සඳහා නියෝජ්‍ය නායක ධුරය ආරක්‍ෂා කරගැනීම ප්‍රමාණවත් යැයි ඔහුද සිතුවේය.
හැබැයි ඔහු පසුව වෙනස් විය. ඔහු ඒ රෝගයෙන් සුවපත් විය. නායකත්වය සඳහා වූ සටන ඔහු පටන් ගත්තේ 2010 දීය. 2020 තෙක් වසර 10ක් බලා සිට ඔහු නායකත්වය තමාගේ ඔඩොක්කුවට නොවැටෙන බව දැන අති දුෂ්කර වැඩකට අත ගැහුවේය. ඒ අලුත් පක්‍ෂයක් නිර්මාණය කිරීමය. දුෂ්කර මාර්ගයක ආ ඔහුගේ පියා තෝරා නොගත් ඒ දුෂ්කර වැඬේට ඔහු අතගැහුවේය. ඔහු ජය ගත්තේය.
‘ඔහු බලය ගත්තත් මේ දුෂ්කර මාර්ගයේම යයිද..?’
එහෙම නැතිව රනිල් වගේ ඔඩොක්කුවට වැටෙනතාක් බලා හිටියොත් සොරි ඩොට්කොම්ය.
ඔහුට මේ ගමනේදී රනිල්ගෙන් උගත හැකි පාඩම් බොහෝය. පළමු වැනි පාඩම කවුරුන් හෝ ජනාධිපති ධුරය අරන් දෙයි කියා බකන්නිලාගෙන සිටීමෙන් ඉවර වන තැනය. ආණ්ඩුව ඇතුළේ මොන අර්බුද ඇති වුවත් ඒවා බෝනස් යැයි සිතා ගමට ගොස් පක්‍ෂ ශාඛා සමිති පිහිටුවා ජනතාව සංවිධානය කළ යුතුය. ඔහු ජනතාව සංවිධානය කරන විට ආණ්ඩුව ඇතුළේ අර්බුද ඉබේම හැදෙයි.
මහින්ද මෛත්‍රි – රනිල් අර්බුදය හැදුවේ එහෙමය. එහෙම නැතිව ඔහු මෛත්‍රි සහ රනිල් ගහමරා ගන්නා තෙක් මැදමුලනට වී බුදියා ගත්තේ නැත.
දෙවැන්න සජිත් ටීම් එකක් සමඟ වැඩ කිරීමේ පාඩම රනිල්ගෙන් උගත යුතුය. රනිල් ටීම් එකක් එක්ක වැඩ කරන විදිහ දැන සිටියේ නැත. ඔහු තමාව ආරක්‍ෂා කරගන්න තමාව ඉහළට ඔසවන්න තමා වටේට සිංහයන් හැදුවේ නැත. හැදුවේ බල්ලන්ය. ඔහු ටීම් හදන්න බය වූයේ නායකත්වය තමාට අහිමි වේ යැයි කියාය. හැබැයි ඔහු ටීම් එකක් හැදුවා නම් ඒ ටීම් එක ඔහුව ජනාධිපති කරලා ඔහුගේ කාලය අවසන් වන විට ඔවුන් නායකත්වය ගන්නවා නියතය. ඒත් රනිල් ටීම් හැදෙනවාට බය විය. සජිත් ඒ බයට ඉඩ නොදී ඔහු වටා තරුණ උගත් බුද්ධිමත් ටීම් එකක් හදාගත යුතුය. ඒ දුෂ්කර ගමන යන්න ලේසි වෙන්නේ එතකොටය. දිනන්න නම් සජිත්ව විකුණන්න පුළුවන් තැන සජිත්ව විකිණිය යුතුය. සජිත්ව විකුණන්න බැරි තැන ටීම් එක විකිණිය යුතුය. අනෙක තීන්දු තීරණ ගැනීමේදී ටීම් එකත් එක්ක සාකච්ඡා කර තීන්දු තීරණ ගත යුතුය. රනිල් තීන්දු තීරණ ගත්තේ ගජමිතුරන් එක්කය. යූ.ඇන්.පී.යේ විනාශයට අනෙක් ලොකුම හේතුව එයය.
රනිල් බලය ගැනීමේදී වැඩිය විශ්වාස කළේ ගමේ ඡන්දදාස නොව ඇමෙරිකානු සහ ඉන්දියානු තානාපති කාර්යාලය. පක්‍ෂයේ නායකයන්ටත් වඩා වැඩි වේලාවක් ගත කළේ ඔවුන් හමුවීමටය. අන්තිමේදී 2015 සහ 2019 ජනාධිපතිවරණය ඉල්ලන්න එපා යැයි රනිල්ට බලපෑම් කළේ විදේශ තානාපති කාර්යාලමය. රනිල් අවුරුදු 25ක් යූ.ඇන්.පී.ය කාලා විනාශ කළේ මේ තානාපති කාර්යාල දිහා බලාගෙන කාලේ කාලාය. සජිත් ඒ වැරැද්ද නොකළ යුතුය.
අනෙක රනිල් වගේ සුළු ජාතික ඡන්දවලට වහල් නොවිය යුතුය. රනිල් ඔහුවත් යූ.ඇන්.පී.යත් විනාශ කරගත්තේ සුළු ජාතික ඡන්දවලට වහල් වෙන්න ගිහින්ය. ඔහු හැමදාම මහ මැතිවරණයකින් පසු ජාතික ලැයිස්තුව සුළු ජාතිකයන්ට විකුණයි. අන්තිමේදී සුළු ජාතික පක්‍ෂ ඒ මන්ත්‍රි ධුර වැඩි කරගෙන වෙන්දේසියේ දමා ආණ්ඩුවට එක්වෙයි. යූ.ඇන්.පී.ය අන්ත අසරණ වෙයි. රනිල් සහ යූ.ඇන්.පී.ය සිංහල බෞද්ධ ඡන්ද පදනම නැතිකර ගත්තේ මේ සුළු ජාතිකයන් නළවන්න ගිහින්ය. ඡන්ද දිනන්න සුළු ජාතික ඡන්ද අවශ්‍යයය. හැබැයි ඔවුන්ගේ පදයට නටලා සිංහල බෞද්ධ ඡන්ද නැතිකර ගතහොත් ඉන්න වෙන්නේ විපක්‍ෂයේය. සජිත් රනිල්ගෙන් මේ පාඩම උගෙනගෙන ඇති බව මෙවර ජාතික ලැයිස්තුව පත්කිරීමේදී පැහැදිලිව පෙනෙයි.
ඡන්ද ප්‍රතිඵල ආ විගස වෙනදා වගේම තමන්ට ජාතික ලැයිස්තු අවශ්‍ය යැයි කියා මනෝ, රිෂාඞ්, හකීම් යකා නටන්න පටන්ගත්හ. වෙනදා ඔවුන් යකා නැටුවේ රනිල් එක්කය. මෙවර යකා නටන්න පටන්ගත්තේ සජිත් සමඟය. හැබැයි ඔහු සුළු ජාතික පක්‍ෂවලට යටවූයේ නැත. බය වූයේත් නැත. සුළු ජාතික පක්‍ෂවලට පාට් දැම්මේත් නැත. සුළු ජාතික පක්‍ෂවල මේ කේවල් කිරීමෙන් සිංහල බෞද්ධයන් සුළු ජාතික පක්‍ෂ කෙරෙහි වෛර බැඳ ගන්නා ආකාරයත්, මේ නිසාම යූ.ඇන්.පී.යට සිංහල බෞද්ධ ඡන්ද පදනම අහිමි වූ ආකාරයත් පෙන්වා දුන්නේය. ජනාධිපති ධුරය සහ ආණ්ඩුව යළි ගන්න නම් සිංහල බෞද්ධ ඡන්ද දිනාගත යුතු බව ඔහු පෙන්වා දුන්නේය. ඔවුන්ගේ කේවල් කිරීම් නිසා අද සිංහල බෞද්ධයන්ම එක් වී සිංහල බෞද්ධ ආණ්ඩුවක් හදා ඇති බවත්, එය වෙනස් කොට හැම ජාතියක්ම නියෝජනය වන ආණ්ඩුවක් හදන්න නම් සුළු ජාතික පක්‍ෂ නම්‍යශීලී විය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය. සුළු ජාතික පක්‍ෂ එය පිළිගත්හ. අවසානයේ රණසිංහ ප්‍රේමදාස ප්‍රශ්න විසඳපු ‘ස’ තියරියෙන් ප්‍රශ්නය විසඳුණි. රණසිංහ ප්‍රේමදාස ප්‍රශ්න විසඳන්න ‘ස’ තුනක් පාවිච්චි කළේය. ඒ සාකච්ඡාව, සම්මුතිය සහ සම්මන්ත්‍රණයය.
ජාතික ලැයිස්තු ප්‍රශ්නය සජිත්ගේ පක්‍ෂ නායකත්වයේ පළමු ලිට්මස් ටෙස්ට් එකය. ඒ ටෙස්ට් එකෙන් ඔහු පාස් විය. හැබැයි ඔහු තමන් රනිල් කෙනෙක් නොවන බව ජනතාවට පෙන්වන්න තව ලිට්මස් ටෙස්ට් ගණනාවකින් සමත් විය යුතුය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සජිත් කොළඹ පන්සල්වල අඩුපාඩු සොයා බලයි

Next Post

අපූරු සහෝදරයා (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.