අද වන විට වත්මන් රජය සමාජයේ සියලු ම කොට්ඨාසවලින් පළිගනිමින් සිටින බවත් දිගින් දිගට ම මහා සංඝරත්නයෙන් පළි ගන්නා දුෂ්ඨ ක්‍රියාවලියක් රජය ක්‍රියාත්මක කරන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට සුවිශේෂ ස්ථානයක් ලබා දී ඇති නිසා රජය සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කරනවා සේම සෙසු ආගම් සංස්කෘති ආරක්ෂා කළ යුතු වුවත් ඒවා නොකර අප රට නිරාගමික රටක් බවට පත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
ස්වාමීන් වහන්සේලාගෙන් පළි ගැනීම වහා නතර කර සෙසු ආගම්වල ආගමික නායකයන්ට ද අදාළ ගෞරවය ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ගොවියාගේ අස්වැන්න මිලදී ගන්න රජයට අදහසක් නැ
මේ වන විට ගොවි ජනතාව අස්වැන්න නෙළුවත් ගොවියාගේ අස්වැන්නට සාධාරණ මිලක් නොදී අස්වනු නෙළීම සාර්ථක කර ගැනීමට අවශ්‍ය සහාය ලබා දීමට රජය අපොහොසත් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අද වන විට වී ගබඩා අඟුළු දාලා
මාධ්‍ය තුළින් දැන ගන්න ලැබන ආකාරයට වී ගබඩා වසා ඇති බැවින් වී මිලදී ගන්නේ කෙසේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් ගොවීන් පැමිණිලි කරන ආකරයට වගා කටයුතු අවසන් වුවත් පොහොර සහනාධාරය තවමත් නොලැබ ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
ආබාධිත රණවිරුවන්ටත් මේ රජය නින්දිත ලෙස සලකනවා
එසේම රටදැය බේරගත් වීරෝධාර රණවිරුවන්ගෙන් පවා රජය පළි ගන්නා බවත් ආබාධිත රණවිරුවන් 180ක් සිටින ගාල්ල බූස්ස යුධ හමුදා කදවුරේ ආබාධිත රණවිරුවන් පෙබරවාරි 16 වන විට කඳවුරෙන් ඉවත්ව පනාගොඩට යන්න යැයි කියන බවත් මෙය සාධාරණ නොවන බවත් රට දැය වෙනුවෙන් කැපවුණු මේ රණවිරුවන්ගේ පහසුකම් වැඩි කරනවා වෙනුවට ඉන්න තැනින් පන්නා දැමීමට මේ රජය කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
චීනයෙන් නොමිලේ ලැබෙන පාසල් නිලඇදුම් ටිකවත් මේ රජයට දි ගන්න බැහැ
එදා කියපු දේවල් අමතක කර ආබාධිත රණවිරුවන්ගෙන්ද මේ රජය පළි ගැනීම සිදු කරන බවත් රණවිරුවන් ගොවියන් ආගමික නායකයන් ඇතුළු සෑම දෙනාටම රජයෙන් එල්ල වන ප්‍රහාරවලට මුහුණ දෙන්න සිදුව ඇති බවත් මේ රජයට චීනයෙන් නොමිලේ ලබා දෙන පාසල් නිල ඇදුම්පවා බෙදා දිමට නොහැකි වී ඇති බවත් නොහැකියාව නිසා ජනතාව පීඩාවට පත් නොකරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.











