• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිසිම එකඟතාවකට ඇවිත් නෑ! IMF ටීම් එක හිස් අතින් ගිහින්! හෙට අනිද්දාම විශේෂ ප්‍රකාශයක් කරන්න සූදානම්? I Sri Lanka Latest News

February 8, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
IMF එකෙන් ඉන්දියාවට සහතිකයක්!
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලංකාව අතර ඇතිකරගෙන තිබූ විස්තීරණ ණය පහසුකම සම්බන්ධයෙන් පසුගිය සති ගණනාව පුරාම විශේෂ අනාවරණයන් රැසක් ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ සිදුකිරීමට අපි කටයුතු කළෙමු. එහිදී අප වාර්තා කර සිටියේ දැනට පවතින තත්ත්වයන් යටතේ මැතිවරණයකට යනවා තියා හිතන්නවත් බැරි තත්ත්වයකට ආර්ථිකය පත්වීමේ අවදානමක් රට ඇතුළේ මතුවෙමින් පවතින බවකි. අප එසේ වාර්තා කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පාර්ශ්වයෙන් සහ අනෙකුත් ආර්ථික විශ්ලේෂකයන්ගෙන් අප වෙත ලැබුණු තොරතුරු එතරම් යහපත් තත්ත්වයක නොතිබීම හේතුකොට ගෙනය. ඉකුත් ජනවාරි 22 වැනි දිනද ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් පැමිණි අතර, ඔවුන් ආණ්ඩුවේ ඉහළ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබිණි. නමුත් එම සාකච්ඡා සම්බන්ධයෙන් කිසිදු වැඩිදුර තොරතුරක් කුමන පාර්ශ්වයකින් හෝ වාර්තා කොට නොතිබිණි. වාර්තා වූ එකම කාරණාව වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් ලංකාවට පැමිණ සාකච්ඡා පැවැත්වූ බවත්, එම සාකච්ඡා සාර්ථක බවත්, ඔවුන් පෙරළා ඇමෙරිකාව බලා පිටත්ව ගිය බවත් පමණි.Sri Lanka Latest News

කෙසේ වෙතත් අප වෙත ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මෙම සාකච්ඡාවලදී ආණ්ඩුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කිසිදු එකඟතාවකට පැමණීමට නොහැකි වී ඇති බවකි. ලංකාවට ලබාදී තිබූ ණය මුදලේ පස්වැනි වාරිකය නිදහස් කිරීමට අදාළ කාර්ය මණ්ඩල එකඟතාව ලැබීමට නියමිතව තිබුණේ පසුගිය වසරේ නොවැම්බර් 15 වැනි දිනය. නමුත් මූල්‍ය අරමුදල එය අත්සන් කිරීම කල්දැමීමට පියවර ගත් බව මීට පෙර අප මෙම තීරයෙන් වාර්තා කළෙමු. එමෙන්ම සුළි කුණාටුව පැමිණීමෙන් පසු ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව රහිතව රුපියල් බිලියන 500ක මුදලක් මුදාහැරීමට තීරණය කිරීම හේතුකොට ගෙන ආණ්ඩුව සහ මූල්‍ය අරමුදල අතර වාදවිවාද සහ මතගැටුම් මතුවූ බවද අපි මෙම තීරයෙන් වාර්තා කළෙමු.

කෙසේ වෙතත් මෙවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම ලංකාවට පැමිණියේ පස්වැනි වාරිකය මුදාහැරීම සම්බන්ධයෙන් අවසන් එකඟතාවලට පැමිණීම සඳහාය. ඒ අනුව බොහෝ දෙනා බලාපොරොත්තු වූයේ ඊට අදාළ දින වකවානු සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගෙන කාර්ය මණ්ඩල ගිවිසුම්වලට පැමිණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව මගින් එය අනුමත කරනු ඇතැයි කියාය. නමුත් මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරයෙන් වාර්තා කිරීමට සූදානම් වන්නේ එම සාකච්ඡාවලදී ඒ කිසිදු එකඟතාවකට පැමිණීමට දෙපාර්ශ්වයට නොහැකි වී ඇති බවය. මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ඩොලර් ආදායම සහ රුපියල් ආදායම සම්බන්ධයෙන් තදින් ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇති අතර, මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුමේ එකඟතාවන් සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන්ද දැඩිව ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇති බවක් ආරංචිය. ආර්ථිකය සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක කරුණු දෙක මෙය වීම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ පිළිබඳ දැඩිව ප්‍රශ්න කළද ආණ්ඩුවෙන් ඊට ලබාදී ඇති පිළිතුරු සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමකට පත්ව නොමැති බවද ආරංචිය. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලංකාව අතර ඇතිකරගත් ගිවිසුම සම්බන්ධයෙන් මේ වනවිට විශාල අවදානමක් මතුව ඇති බවක් මේ හරහා දැකගන්නට තිබේ. ඒ අනුව කුමන අවස්ථාවකදී හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ ණය තිරසරභාවය සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක ප්‍රකාශයක් සිදුකිරීමේ අවදානමක් මේ වනවිට මතුව තිබේ. යම් හෙයකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එවැනි ප්‍රකාශයක් සිදුකළහොත් ලංකාව මුහුණ දෙන අර්බුදයේ ආරම්භය එය වනු ඇති බව බොහෝ දෙනාගේ අදහසය.

එමෙන්ම මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය වන ක්‍රිස්ටලීනා ජෝජියාවා මහත්මියද ලංකාවේ සංචාරය කිරීමට තීරණය කොට තිබේ. එම සාකච්ඡාවලදී ඇතිකරගන්නා එකඟතාවන් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මූල්‍ය අරමුදල සිය අවසන් නිගමනයට එළඹීමට නියමිත බවක් දැනගන්නට ඇත.

රාජ්‍ය රහස්!

SendShareShare
Previous Post

අනේ කාලේ වනේ වාසේ – මොකක්ද මේ මහා සාපේ…! Sri Lanka Latest News

Next Post

ඉන්දියාව 18%ට ගිවිසුම ගැහුවා! බංග්ලාදේශය හෙට ගිවිසුම ගහනවා! අමෙරිකාව එක්ක ලංකාව තවම ගිවිසුම් ගහනවා තියා හිතලවත් නෑ වගේ! ඇඟලුම් කර්මාන්තය අනතුරේ වැටෙයිද? දැනටමත් ෆැක්ටරි වහන්න තීරණය කරලා! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

එල් -නිනෝ තත්ත්වය මේ වන විට දැඩිව වර්ධනය වී ඇති අතර එහි උච්චතම අවස්ථාව බලාපොරොත්තු වූ කාල සීමාවට වඩා පෙර...

Read more
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.