https://www.tiktok.com/@truthwins_lk/photo/7602911649133022472?_r=1&_t=ZS-93ik5nSrfTm
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිදහස් දින උළෙලට සහභාගී වීම සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ මහත් කතාබහක් මතුව තිබේ.Sri Lanka Latest News
ජනාධිපතිවරයා එම උත්සවයට සහභාගී වූ ආකාරය සහ විපක්ෂනායකවරයා ඊට සහභාගී වූ ආකාරයත්, ජනාධිපතිවරයාගේ ඇදපැළද සිටි ආකාරයත්, විපක්ෂනායකවරයා ඇදපැළද සිටි ආකාරයත් සන්සන්දනය කරමින් සමාජ මාධ්‍ය ජලාවල ඡායාරූප පළ කොට තිබීම ඊට හේතු වී තිබේ.
මෙය කෙතරම් ආණ්ඩුවට දැනී තිබුණාද කියනවා නම් අමාත්‍ය බිමල් රත්නායක මහතා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අදහස් ප්‍රකාශ කිරීමට පවා පියවර ගෙන තිබිණ.
කෙසේවෙතත් විපක්ෂනායකවරයා එදින උත්සවයට සහභාගී වූ ආකාරය සමාජ මාධ්‍ය ජාලාවල විශේෂ අවධානයක් හිමිව තිබූ අතර ටික්ටොක්, ඉන්ස්ටග්‍රැම් සහ ෆේස්බුක්හි එය ලක්ෂ 80කට වැඩි පිරිසක් නරඹා තිබිණ.
පහත පළවන්නේ ඊට අදාළ ටික්ටොක් වීඩීයෝය.














