මෙරට පළමු රිළා රැඳවුම් මධ්‍යස්ථානය මාතලේ දිස්ත්‍රික්කයේ කළුගඟ ජලාශයට ආසන්නයෙන් ඉදි කිරීමට මේ වන විට භූමියක් හඳුනාගෙන තිබෙනවා.Sri Lanka Latest News
ජලය, ආහාර ,ආරක්ෂාව ඇතුළුව හෙක්ටයාර් 150ක් මධ්‍යස්ථානය ඉදිකිරීමට තෝරාගෙන තිබෙන බවයි වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
රිළා රැඳවුම් මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අනුමැතිය ද ලැබී ඇත.
රැඳවුම් මධ්‍යස්ථානය ඉදිකිරීමට රුපියල් මිලියන 283.87ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව සඳහන්. හානිකර රිළවුන් අල්ලා රැඳවුම් මධ්‍යස්ථානයට මුදා හැරීමට පියවර ගැනීමටත් ගැහැනු සතුන් සඳහා ලූපයක් පළඳවා ගහනය පාලනය කිරීමටත් තීරණය කර ඇත.
මෙලෙස ගාල් කෙරෙන රිලවුන් යළි පරිසරයට පලා නොයන ලෙස මධ්‍යස්ථානය ආරක්ෂිතව ඉදිකෙරෙනු ඇති.
තෝරාගත් ප්‍රදේශයේ ස්වාභාවික ආහාර ප්‍රමාණවත් වන බවත් අවශ්‍ය වුවහොත් පිටතින් ආහාර සැපයීමට තීරණය ඇති බවත් සඳහන්.








