නාඩි ජ්‍යොතිෂයට අනුව පෙබරවාරි මාසයේ උපන් ඔබට ඉදිරි සතිය (පෙබ. 01 සිට පෙබ. 08 දක්වා) කෙසේ ගතවේද යන්න සලකා බලමු.Sri Lanka Latest News
මේ සතිය සංඛ්‍යා විද්‍යාවට අනුවද ගත් කල හිරු සඳු සුසංයෝගයක් පවතින කාලසීමාවකි. මෙය පෙබරවාරි මාසයේ උපන් ඔබට ජයග්‍රාහී සතියක් වනවා නොඅනුමානය.
ආර්ථික තත්ත්වය සලකා බැලීමේදී ධනය ගලා ඒමේ මාර්ගය විවර වන සුබ කාලයකි. නව ආදායම් මාර්ගවලින් නොසිතූ ලෙස මුදල් ලාභ ලැබේ. ඔබ සිහි නුවණින් යුතුව කටයුතු කරනවා නම් මෙම ඉදිරි සතිය තුළ ඔබගේ අනාගතය උදෙසා හොඳ අඩිතාලමක් දමාගැනීමට හැකිවනු ඇත. තවද වියදම් පාලනය වීමක්ද මෙම කාලයේ බලාපොරොත්තු විය හැකිය. වෙනදා මෙන් අතමිට හිඟ ස්වභාවයක් මෙම සතිය තුළදී කිසිසේත්ම ඔබට උදාවිය නොහැක.
ගෘහ ජීවිතය පිළිබඳ සලකා බැලීමේදී අනවශ්‍ය කලබලකාරී ස්වභාවයක් සහ ආතති ස්වභාවයක් පැනනැගීමට ඉඩ පවතී. මේ තත්ත්වය එකිනෙකාගේ අවශ්‍යතාවන් හඳුනා නොගැනීමෙන් ඇතිවන තත්ත්වයක් බැවින් සහකම්පනය සහ සහනුකම්පනය මේ සතිය තුළදී වෙනදාට වැඩියෙන් ඔබ තුළ වගා කරගත යුතු ගුණාංගයකි. දුරබැහැර ගමන් බිමන්, විනෝද චාරිකාවන් ආදියට සාකච්ඡා ඇති වුවත් ඒවා ක්‍රියාත්මක කරගැනීමට යම්තාක් දුරට බාධා ඇතිවිය හැකිය.
රැකියා ආදියට යහපත් සතියකි. වෙනදාට වඩා වගකීම්සහගතව කටයුතු කිරීමට අවස්ථාව සැලසේ. ඔබ තුළ සැඟව තිබූ යම් යම් දක්ෂතාවන් සමාජයට නිරාවරණය වේ. එයින් ඔබට කීර්ති ප්‍රශංසා ආදිය උරුම වීමට වැඩි නැඹුරුවක් පවතී.
අධ්‍යාපනයටද යම් මධ්‍යස්ථ ස්වභාවයක් පවතින අතර, උත්සාහයෙන් උනන්දුවෙන් වැඩකටයුතු කරන අයට නම් ඒවා පහසුවෙන්ම සාර්ථක කරගැනීමට හැකියාව පවතී. නව අධ්‍යාපන කටයුත්තක් ආරම්භ කිරීමටත් මෙම සතිය ඉතා සුබදායක වේ.
සෞඛ්‍ය පිළිබඳ සලකා බැලීමේදී ඔබට යම් යම් උදරාබාධ තත්ත්වයන්ට මුහුණ පෑමට සිදුවිය හැකිය. එයට අමතරව බෝවන රෝග ආදියට ගොදුරු වීමට අවස්ථාවන් යෙදේ. ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුවාක් මෙන්ම ආහාර ගැනීමේදී සෞඛ්‍යාරක්ෂිත ආහාරම ලබාගැනීමට උනන්දු වන්න. එමගින් මෙම තත්ත්වය සෑහෙන දුරකට අඩුකර ගැනීමට හැකියාව ලැබේ.
මනෝලි බණ්ඩාර
නාඩි ජ්‍යොතිෂවේදිනී
0779834889










