• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අධිකරණ ඇමැති ඉන්නේ ප්‍රේමදාස දීපු ගෙයක…! වරායේ ත්‍රිපෝෂ හිරවුණේ ඇමැතිවරුන්ගේ ප්‍රශ්නයක් නිසාද…? දකුණේ පැරැදුණු සමුපාකාර බලෙන් අල්ලන් ඉන්නවා….! උදව් කරපු කෙනෙක්ව බාලදක්ෂ කොමසාරිස් කරලා…! සෙවණගල සීනි කම්හල ඉවරයි…! 48න් පස්සේ ආපු මහාචාර්ය ආණ්ඩුව පිස්සු කෙළිනවා…! චාමර නෙළනවා නෙළිල්ලක්…! Sri Lanka Latest News

February 7, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ වෙලාවේදී මට ගොඩක් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා, දැන් මේ ආර්.එම්.වී. එකේ කොමසාරිස් ජනරාල්, පෙබරවාරි 26 වැනිදා එයාගේ කාලය මාස හයකට දීර්ඝ කරලා. මෙයා කුරුණෑගල කෙනෙක්. මෙයාට ඔඩිටර් ජනරාල් විසින් ලක්ෂ 97ක්, අංක රඳවා තබාගැනීම, වාහන සම්බන්ධව. ඔඩිටර් ජනරාල්ගේ ලක්ෂ 97ක මේකක් තියෙන කෙනෙක්. මම හිතන විදියට මේ වෙනකොට එයාට නැවත සේවා කාලය දීර්ඝ කරලා තියෙනවා. මෙයා ආර්.එම්.වී. එකේ ලොක්කෝ. ඉතින් මේ වගේ ඒවා තමයි මේ ආණ්ඩුව කරන්නේ.
ඊළඟ එක, ලංකාවට ත්‍රිපෝෂ ආනයන අපනයන නිලධාරිතුමියගේ, ඉම්පෝර්ට් කොන්ට්‍රෝලර්ගේ අවසරය අරගෙන ලංකාවට ත්‍රිපෝෂ ගෙනල්ලා තියෙනවා ත්‍රිපෝෂ මෙටි්‍රක් ටොන් 2025ක්. දැන් මේ ටික ලංකාවට ඇවිල්ලා අනුමැතිය දීලා, පර්මිට් එක දීලා, මේ ඇමැතිවරු දෙන්නෙක්ගේ ප්‍රශ්නයක්ද? දෙන්නෙක්ගේද තුන් දෙනෙක්ගේද දන්නේ නැහැ. හැබැයි මම හිතන විදියට ආහාර ඇමැතිතුමා කියනවා මේකේ ප්‍රශ්නයක් නැහැ කියලා, ඒ වගේම මාධ්‍ය ප්‍රකාශක ප්‍රශ්නයක් නැහැ කියනවා. නමුත් මේ ටික රිලීස් කරන්නේ නැහැ. මේ මනුස්සයා කෝටි ගානක් දීලා මේ ත්‍රිපෝෂ සඳහා බඩඉරිඟු ලංකාවට ගෙනල්ලා දැන් වරායේ හිරවෙලා. මේවා මොන පදනමක් මත කරනවාද කියලා අපි දන්නේ නැහැ. දැන් ඒ මනුස්සයාට ඒ කෝටි ගානක් පාඩු වෙලා දැන් වරායේ හිරවෙලා තියෙනවා. මේවා මේ ආණ්ඩුව මොන විදියට කරනවාද, මොනවා බලාපොරොත්තු වෙනවාද, එක්කෝ ඒ මනුස්සයාට බලාපොරොත්තු වෙනවා නම් කියන්න ඕනේ. ඒවා හිරවෙලා තියෙනවා.

ඊළඟට, දැන් මේ ආණ්ඩුවේ වැඩ කරගෙන යනකොට රටේ වැඩකරන්න හැමදේම අවශ්‍යයි. සිමෙන්ති අවශ්‍යයි, වැලි අවශ්‍යයි, ගල් අවශ්‍යයි. දැන් මේ දවස්වල ගල් වළවල් කරන්න බෑ. ඉලෙක්ටි්‍රක් කැප් නැහැ. ඉලෙක්ටි්‍රක් කැප් ගෙන්නලා නැහැ දැන් අවුරුදු දෙකක්. ඉලෙක්ටි්‍රක් කැප් නැතුව ගල් වළවල් කොහොමවත් පවත්වාගෙන යන්න බැහැ. එතකොට ගල් නැති වෙනවා, පාරවල් හදන්න බැරි වෙනවා. ඉතින් මෙහෙම ගොඩක් ප්‍රශ්න තියෙනවා.

ඊළඟට තමයි මේ පෞද්ගලික අංශයේ විශ්‍රාම යාම. ඉස්සර පෞද්ගලික අංශයේ විශ්‍රාම යැවුවේ පෞද්ගලික සේවකයෝ, දැන් ඒක ඕගොල්ලෝ බජට් එකෙන් කිව්වා පෞද්ගලික අංශයේ අයට රුපියල් 17,000 සිට 27,000 දක්වා වැඩි කළා කියලා. හැබැයි මූලාසන මන්ත්‍රීතුමිය, පෞද්ගලික අංශයේ වැඩකරන කිසිම කෙනකුට මේ බජට් එකෙන් ජනාධිපතිතුමා මෙතැනට ඇවිල්ලා කිව්වාට, තව වෙනතුරු සමහර ආයතනවල ඒ වැටුප වැඩිකරලා දෙන්නේ නැහැ.

ඊළඟ එක, දැන් ප්‍රජාතන්ත්‍රවාදී විදියට මුහුණ දෙන්න ඕනේ, පරාජය පිළිගන්න ඕනේ. දැන් අපි ජනාධිපතිවරණය පැරදුණා, පාර්ලිමේන්තු මැතිවරණය පැරදුණා, ඕගොල්ලෝ පරාජය පිළිගන්නේ නැහැ. දැන් සමුපකාර ඡන්ද හතරක් මාතර දිස්ත්‍රික්කයේ. කොටපොළ, බෙරලපනාතර, හක්මන, දික්වැල්ල. දික්වැල්ල නම් ඊයේ පෙරේදානේ. තුනක ඡන්දේ තියලා දැන් මේගොල්ලෝ මහා සභාව තියන්න දෙන්නේ නැහැ. දකුණු පළාතේ සමුපකාර කොමසාරිස් බලය පාවිච්චි කරගෙන ඉන්නවා පරාජය පිළිගන්නේ නැතුව. හැබැයි මේ පැරදුණා නම් පරාජය භාරගෙන ඒ සමුපකාර දිනපු පැත්තට භාරදෙන්න. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය.

ඊළඟ එක තමයි මේ රටේ කවදාකවත් වෙච්ච නැති සිදුවීමක්, කොයි ආණ්ඩුවක් යටතේවන් කොයි ජනාධිපති කෙනෙක් යටතේවන් වෙච්ච නැති. බාලදක්ෂ කොමසාරිස්. බාලදක්ෂ කොමසාරිස් හිටියේ කවුරු හරි පත්වෙන ස්වාධීන මිනිහෙක්. මේ බාලදක්ෂ කොමසාරිස් එළවලා බාලදක්ෂ කොමසාරිස් වෙනුවටත් ජනාධිපතිතුමා වෙන කෙනෙක් පත්කළා. මේවා ලැජ්ජයි, මෙහෙම වැඩ කරන්න එපා.

දැන් බලන්න සංවර්ධන නිලධාරීන් 16,000ක්. මේක සුසිල් ප්‍රේමජයන්ත අධ්‍යාපන ඇමැතිවරයා හැටියට ඉද්දි නඩුවක් තිබිලා, නඩුව දෙපැත්ත කතා කරලා විසඳගෙන ආපු ප්‍රශ්නයක්. හැබැයි මේ ආණ්ඩුව ආවාට පස්සේ අද මාරාන්තික උපවාසවලට මිනිස්සු එළියට බැහැලා තියෙන්නේ ඒකට. ඕගොල්ලෝ හිතාගෙන ඉන්නවා නම් ආණ්ඩුවට මිනිස්සු දැන් බයයි කියලා, නැහැ. දැන් 16,000ක් එතැනට බහිනවා, ඊට පස්සේ රැකියා විරහිත උපාධිධාරීන් බහිනවා, ඊළඟට තැපැල් එක බහිනවා, ඊළඟට සෞඛ්‍ය එක බහිනවා. මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා.

ඒ වගේම දුම්රිය. දැන් දිට්වා ඉවරයි. අපි කියමුකෝ උඩරට දුම්රිය නම් ප්‍රශ්න ඇවිල්ලා දුවන්න බැහැ කියලා, නමුත් අද ලංකාවේ සමහර දුම්රිය මහවට විතරයි යන්නේ, අනුරාධපුරේ යන දුම්රිය මහවට යන්නේ. ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා.

ඊළඟ එක සෙවණගල සීනි කර්මාන්තශාලාව, ඊළඟට පැල්වත්ත. මේවා කොයි ආණ්ඩුවෙන් හැදුවත් අද සෙවණගල ගන්න දෙයක් නැහැ. උක් ගොවියෝ ඉවරයි, උක් ගොවියෝ අනාථයි. මම ජනාධිපතිතුමාට හරි කියන්නේ, මේ සෙවණගල සහ පැල්වත්ත කියන සීනි කර්මාන්තශාලා ටික වැහුණොත් ඕගොල්ලොන්ගේ ආණ්ඩුවට හොඳ නැහැ. මේ මිනිස්සු අද දුක් විඳිනවා, කර්මාන්තශාලා පවත්වාගෙන යන්න බැහැ, සීනි ඇඹරෙන්නේ නැහැ. මේවා ලොකු ප්‍රශ්න. බලන්න ඒ පළාතේ මන්ත්‍රීවරු ගෙනල්ලා අහන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා. සීනි කර්මාන්තය ඉවරයි. ඇමැතිතුමාට දුඹුරු සීනි කඩයක් දැම්මා, ඒකත් මාසෙන් වැහුවා. දුඹුරු සීනි ඇමැති කිව්වා. දැන් දුඹුරු සීනිත් නැහැ, සුදු සීනිත් නැහැ, කළු සීනිත් නැහැ, කඩෙත් නැහැ.

ඊළඟට සිකියුරිටි අයට 17,000ක් ජනාධිපතිතුමා වැඩි කරලා 27,000ක් දෙනවා කිව්වට ඒවා දෙන්නේ නැහැ. ඒවා හොයලා බලන්න. අපි මේවා කිව්වාම අධිකරණ ඇමැති කියනවා චාමරට තේරෙන්නේ නැහැලු. චාමරට තේරෙන්නේ නැහැ කියන එක කමක් නැහැ කියමුකෝ, හැබැයි ඒ මනුස්සයා නීතිඥයෙක්නේ, එයාට තේරෙන්න එපැයි. එයාට මේ කුලී සම්බන්ධව තේරෙන්නේ නැත්තේ එයා කුලී ගෙදරක නෙවෙයි ඉන්නේ. එයා ඉන්නේ ප්‍රේමදාස මහත්තයා දීපු ගෙදරක, ගල්කිස්සේ.

මේ වගේ ඔළමොට්ටල ඇමැතිලා තියාගෙන මේ ආණ්ඩුව කොහොමද යන්නේ? මේ ආණ්ඩුව 48න් පස්සේ බුද්ධිමත්, උගත්, මහාචාර්ය, ආචාර්යවරු ඔක්කොම එකතු වෙලා හදපු ආණ්ඩුවක්නේ. ඩොක්ටර්ස්ලා ප්‍රොක්ටර්ස්ලා ඔක්කොම එකතු වෙලා හදපු බුද්ධිමත්ම ආණ්ඩුවනේ. මේ ආණ්ඩුව මෙහෙම පිස්සු කෙළියාම අර 48 ඉඳන් තිබ්බ ආණ්ඩුවලට වැඩිය වෙනස් දෙයක්නේ මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වුණේ. ඒක වෙන්නේ නැහැනේ. ඒක නිසා මේවා හරියට හිතලා වැඩ කරන්න. නිකන් විපක්ෂයට බණින්න එපා. කෙළවගත්තාට පස්සේ අපිට දොස් කියන්න එන්න එපා කියන එක ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා.

SendShareShare
Previous Post

වැඩිහිටියන් රවට්ටලා ඡන්ද ගත්තා! 15%ක පොලියක් දෙනවා කිව්වා! දැන් දෙන්නේ 7%යි! කෝ ඉතුරු 8%..? සජිත් ආණ්ඩුව කඩකළ පොරොන්දුවක් මතක් කර දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

නිදහස් දිනේ දවසේ සජිත් ඇඳපු ඇඳුම.. සන්ග්ලාස් දෙක.. ඇවිදපු විදිහ ඇයි මේ ආණ්ඩුව ලොකු ප්‍රශ්නයක් කරගෙන! ඒ ටිකක් වැදිලා වගේ නේද? ඕවා ඔහොම තමයි සහෝදරයා..! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.