• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හූ තිබ්බා… ගල් ගැහුවා… රෙස්ට් හවුස් එක කුඩු කළා…! ජේ.ආර්.ලා විජයට කැස්බෑවෙදි ගහපු ගැහිල්ල!Sri Lanka Latest News

February 7, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
හූ තිබ්බා… ගල් ගැහුවා… රෙස්ට් හවුස් එක කුඩු කළා…! ජේ.ආර්.ලා විජයට කැස්බෑවෙදි ගහපු ගැහිල්ල!Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාව සිටි සමයේ ක්‍රියාත්මක වූ ආණ්ඩුවේ මර්දන ක්‍රියාවලියට එරෙහිව එවක ප්‍රවීණ සිනමා නළුවකුව සිටි විජය කුමාරතුංග මහතා කටයුතු කළ අවස්ථාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අදහස් දක්වනු ලැබුවා. ඒ, AsianMirror යූටියුබ් නාලිකාව සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදීයි. පහත පළවන්නේ එම සාකච්ඡාවයි.Sri Lanka Latest News

ඔන්න විජය කුමාරතුංග උඩට එනකොට, කොබ්බෑකඩුවගේ ඡන්දය ආවා. විජය තමයි ප්‍රධානියා. විජය තමයි එතැන කැපීපෙනුණේ. මට මතකයි ඒ කාලේ හොරණ රැස්වීමක් තිබ්බා. ඒ කාලේ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරපු වෙලාවේ රත්නසිරි වික්‍රමනායකලව එහෙම අත්අඩංගුවට ගත්තා. රත්නසිරි වික්‍රමනායකත් වැටිලා හිටියේ ශ්‍රී ලංකා එකේ කොන්ට්‍රෝල් නැති කට්ටියට. ඒ කියන්නේ ජේ.ආර්.ට කොන්ට්‍රෝල් නැති ගොඩට.

ඒ රැස්වීමට දවසකට විතර කලින් විජය කුමාරතුංගගෙ රැස්වීමක් කැස්බෑවේ තිබුණා. ඒ රැස්වීමට ලොකුගේ ගැහුවා. ලොකුගේලා, සිරිනාල් ද මැල්ලා ගැහුවා. මේ රැස්වීමටත් ගහන්න ආවා. රැස්වීම තිබුණේ පහළ, උඩ තමයි රෙස්ට් හවුස් එක තිබුණේ. රෙස්ට් හවුස් එකේ ලෑස්ති වෙලා හිටියා යූ.ඇන්.පී. එකේ කට්ටිය. විජය කුමාරතුංග පළවෙනි හූව දෙක, ගල්පාර එනකොටම කිව්වා ‘යමවු මුන්ට ගහන්න’ කියලා. ඊට පස්සේ මේ මහා සෙනඟ ගිහිල්ලා රෙස්ට් හවුස් එක කුඩුකළා.

එතකොට විජය කුමාරතුංග වීරත්වයට ආවා. ජේ.ආර්.ට මූණ දෙන්න චරිතය මෙයා තමයි කියලා. එතකොට ජේ.ආර්.ට ඕක අනිවාර්යයෙන්ම යනවනේ. ජේ.ආර්.ට පේනවා මේ මැතිනිය ගෙදර හිටියට ඊට වඩා විජය පොපියුලර්, ඊට වඩා ජනකාන්තවාදී වෙනවා කියලා. ඒ පාර තමයි අර නැක්සලයිට් කියලා හෙන පට්ටපල් බොරුවක් කියලා විජය කුමාරතුංගව ඇතුළට දැම්මේ.

ප්‍රශ්නය
විජය කුමාරතුංග අපි දන්නේ සිනමා නළුවෙක් විදිහටනේ. එයා සාමාන්‍යයෙන් න්‍යායවාදියෙක්වත්, මාක්ස්-ලෙනින්වාදියෙක්වත්, එහෙම පොතපතේ දැනුම එකතු කරගත්ත මනුස්සයෙක්වත් නෙවෙයි. විජය 78 චන්ද්‍රිකාව බැඳලා වේගවත් ගමනක් ආවා. ඒ වගේම සෑහෙන බලයක් ගොඩනගාගෙන හිටියා. දැන් ඇත්තටම අතුරු මැතිවරණ හතරකටද කොහෙද ඉදිරිපත් වුණා. ඉල්ලපු ඡන්ද හතරෙන්ම පරාදයි. නමුත් දේශපාලනිකව ඉතාමත්ම බලවත් චරිතයක් බවට පත්වුණා. විජයට මෙන්න මේ කොටස ඩ්‍රයිව් වෙන්නේ කොහෙන්ද? ඒ කියන්නේ විජයගේ මොකක්ද තිබ්බේ එක්ස් ෆැක්ටර් එක?

ඒක තමයි පළවෙනි එක, විජයට අවම කොන්දේසි තියෙනවනේ දේශපාලනේ. අවම කොන්දේසිය තමයි විජය කුමාරතුංග කිව්වහම දන්නවා. එච්චරයි කතාව. ඊළඟට කාන්තාවන්ගේ පිරිමින්ගේ ආකර්ෂණය තියෙනවා මේ පුද්ගලයාට. ඒ කියන්නේ වැඩිය ඕනේ නැහැ, විජය කුමාරතුංගගේ කාර් එක කවුද දුන්නේ? රේණුකා හේරත් මැතිනිය. ලොකු චෝදනාවක් ආවා නේ රේණුකා හේරත් මැතිනියට? ඒ වගේම ඔහුට උදව් කළා කියලා හේමා ප්‍රේමදාසට චෝදනා තිබුණා. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ බල කණුවල පවා යටි හිතේ මේ විජය කුමාරතුංග හිටියා. විජය කුමාරතුංග හිටියේ මාලනී ෆොන්සේකාගේ හිතේ විතරක් නෙවෙයි.

විජය චින්තනය කියලා එකකුත් ගොඩනැගුවා. අර බණ්ඩාරනායක චින්තනය වගේ විජය චින්තනය කියලා එකක්. එතකොට විජයට ඒ අවම කොන්දේසි තිබුණනේ දේශපාලනයේ. ඒ කියන්නේ විජයව දන්නවා. විජය එනකොට රැස්වීමට මිනිස්සු එක්රැස් වෙනවා. එතකොට ජේ.ආර්.ට මුහුණ දෙන්න මිනිහෙක් ඕනේ. එතකොට අර මහාචාර්ය කාලෝ ෆොන්සේකාලා, කොල්වින් ගුණරත්නලා ඒ ඔක්කොමලත් එක්රැස් වෙන්නේ මෙතැනට.

ඊළඟට මොහුගේ අනුගාමිකයෝ, ඇත්තටම විජය කුමාරතුංග මියගියාම මිනිහෙක් ගිනි තියාගත්තා මැරෙන්න. ඒ වගේ එහෙම හරිම ආවේගයෙන් ආවේශයෙන් එහෙම සෙට් වුණා එයාට. අර අවම කොන්දේසි නිසයි ඒක වෙන්නේ. අවම කොන්දේසි නිසා ඔහුට හරි ලේසියි සිනමාවේ වීරයාගේ චරිතය රඟපාන්න. හැබැයි මේ රන්ජන් රාමනායකගේ ලෙවල් එක නෙවෙයි. මේ වෙන ලෙවල් එකක විජය හිටියේ. සමාජවාදී, මානවවාදී, මානුෂිකවාදී, කතාබහ වුණත් යම් කිසි ප්‍රබුද්ධ ගතියක් එක්ක තමයි ගියේ.

SendShareShare
Previous Post

ගංගාරාමයට වැඩම කරවපු මොනවද මේ ‘දෙව්නිමෝරි’ සර්වඥ ධාතූන් වහන්සේලා? කොහොමද හම්බවුණේ? බ්‍රාහ්මී අක්ෂරයෙන් සහ සංස්කෘත භාෂාවෙන් ලියලා තිබ්බ පාඨය මොකද්ද? ගුජරාටයේ දෙව්නිමෝරි ගමට අද වෙලා තියෙන දේ? ධාතූන් වහන්සේලා බලන්න යනවා නම් මේ ලිපියත් කියවලාම යන්න! I Sri Lanka Latest News

Next Post

කියපු සහන වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ නෑ! බැංකු ණය සීමා දාලා! අධික ගාස්තු දඩ පොලී ගහලා! ව්‍යාපාර වැසීගෙන යනවා! ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ගැටලු සජිත් පාර්ලිමේන්තුවට අරන් එයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

Load More
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

කොටගල ප්‍රා.සභා මන්ත්‍රීට මාලිමාවේ පිරිසක් පහරදී ඇති බවට චෝදනා. Sri Lanka Latest News

Read more
ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.