වසර 25ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසත්, ඉන් වසර 15ක් ප්‍රධාන පෙළේ අමාත්‍යවරයෙකු ලෙසත් කටයුතු කළ ප්‍රබල දේශපාලඥයෙකුට එරෙහිව නඩු පැවරීමට සූදානම් වේ. Sri Lanka Latest News
මොහු විසින් රුපියල් කෝටි 1000කට අධික වත්කම් හා දේපළ නීතිවිරෝධී ලෙස රැස්කර ඇති බව අල්ලස් කොමිසම සහ වත්කම් විමර්ශන අංශය මගින් අනාවරණය කරගෙන ඇත.
මෙම දේපළ අතර සුඛෝපභෝගී නිවාස සංකීර්ණ සහ ඉඩම් වන බව වාර්තා වේ.
මේ බව වාර්තා කර තිබෙන්නේ අද වෙළදපොලට නිකුත් වූ අරුණ ජාතික පුවත්පතයි.










