දැනට පුරප්පාඩුව පවතින විගණකාධිපති ධුරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් තවත් නමක් යෝජනා කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.Sri Lanka Latest News
අද (31) දිනයේදී ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිත අතර එහිදී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.
මීට පෙර අවස්ථා 4කදී ජනාධිපතිවරයා විසින් විගණකාධිපති ධුරය සඳහා නම් 4ක් යෝජනා කළ අතර ව්‍යවස්ථාදායක සභාව නිසි පරිදි විධායක බලය ඉටු නොකිරීම හේතුවෙන් මේ දක්වාත් විගණකාධිපති ධුරය හිස්ව පවතින බව අමාත්‍යවරයා පැවසීය.
මාස ගණනක් තිස්සේ ආන්දෝලනයට තුඩු දී ඇති රජයේ විගණකාධිපති ධුර පුරප්පාඩුව සඳහා ජනාධිපතිවරයා විසින් යෝජනා කරන නාමය පිළිබඳව දේශපාලන ක්ෂේත්රයේ දැඩි අවධානයක් යොමු වී ඇත.










