කරවෙඩ්ඩිහි වඩමරච්චි නිරිතදිග ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේග ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු, ජනාධිපති අනුර කුමාර දිසානායක මුරුගන් දෙවියන් (කාර්තිකේය, කතරගම දෙවියෝ) හා සම්බන්ධ පූජනීය හෙල්ලයක් වන වේලක් අල්ලාගෙන සිටින ආකාරය දැක්වෙන කෘත්‍රිම බුද්ධිය මගින් ජනනය කරන ලද රූපයක් පළකිරීමෙන් පසු යාපනයේ ආගමික හා දේශපාලනික ආන්දෝලනයක් ඇතිව තිබෙන බව ‘ජැෆ්නා මොනිටර්’ සඟරාව ප්‍රකාශ කරයි.Sri Lanka Latest News
එම වාර්තාව මෙසේද සඳහන් කරයි.
සන්ධිකුමාර් කනේසරුබන් මන්ත්‍රීවරයා, AKD මුරුගන්ට සමානයි’ යන දෙමළ ශීර්ෂ පාඨය සමග එම රූපය සමාජ මාධ්‍යවල බෙදාගත්තේය. ඒත් සමගම, යාපනයේ ජාතික ජන බලවේග තවත් ක්‍රියාකාරිකයකු වන නකේන්තිරරාසා නිශාන්තන්, සමාන වචන භාවිත කරමින් සමාන සටහනක් සමග එම හැඟීම ප්රතිරාවය කළේය. පසුව යාපනයේ ජාතික ජන බලවේගයට මෑතදී එක්වූ අනුගාමිකයන් කිහිපදෙනකු විසින් මෙම ප්‍රවණතාව උස්සා ගත්තේය. රූපය මෙන්ම දේශපාලන භක්තියද වේගයෙන් ස්වයංක්‍රීයව ජනනය වූයේ ඇදහිල්ලට වඩා දේශපාලන අවස්ථාවාදය මගිනි.
මහජන ප්‍රතිචාර සහ ආගමික සංවේදීතාවන්
මෙම සටහන් යාපනයේ දෙමළ ප්‍රජාවේ බොහෝ දෙනකුගෙන් කඩිනම් හෙළාදැකීමට ලක්වූ අතර, ඔවුහු මෙම සංසන්දනය ආගමික වශයෙන් නුසුදුසු සහ සංස්කෘතික වශයෙන් අසංවේදී බව දැක්වූහ. සමාජ මාධ්‍ය වේදිකා හරහා විචාරකයෝ ආගමික සීමාවන් ඉක්මවා ගිය දේශපාලනික උත්කර්ෂයට නැංවීමේ අඳබාල උත්සාහයක් ලෙස එයට කෝපය පළකළහ.
ශ්‍රී ලංකාවේ ආගමික සංවේදීතාවන් හසුරුවන ආකාරය පිළිබඳ පැහැදිලි ද්විත්ව ප්රමිතීන්ද මෙම මතභේදය ඉස්මතු කර තිබේ. බෞද්ධ ආගමික සංකේතවලට අගෞරව කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හෝ පිටුවහල් කිරීමට මුහුණ දුන් අතීත සිදුවීම් සමාජ මාධ්‍ය පරිශීලකයන් කිහිප දෙනකු විසින් පෙන්වා දෙන ලදී.
බුද්ධ පච්චයක් තිබීම නිසා බි්රතාන්ය සංචාරක නයෝමි කෝල්මන් රඳවා තබාගැනීම සහ 2019දී බුද්ධ ප්‍රතිමාවක් සමග පෙනීසිටීම නිසා රුසියානු කාන්තාවක් රඳවා තබාගැනීම ඇතුළු ආගමික වැරදි සම්බන්ධයෙන් විදේශිකයන් අත්අඩංගුවට ගත් අතීත සිදුවීම් දෙමළ භාෂා සමාජ මාධ්‍ය පරිශීලකයන් සිහිපත් කළහ.
‘ඒ කාලේ, පච්ච කොටාගැනීම පවා සංචාරකයන් සිරගත කළ හැකි දෙයක්’ යැයි දේශපාලන නිරීක්ෂකයෙක් ‘ජැෆ්නා මොනිටර්’ වෙත පැවැසීය. ‘දැන්, දේශපාලන අවස්ථාවාදය ජනාධිපතිවරයකු මුරුගන් දෙවියන් සමග සංසන්දනය කිරීමට තරම් දුර ගොස් තිබේ.’
තවත් විචාරකයෙක් තවදුරටත් මෙසේ සඳහන් කළේය. ‘හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුව දුටුගැමුණු රජුට සමාන කළ ඔහුගේ ආධාරකරුවන් පවා ඔහුව දෙවියකු ලෙස නිරූපණය කළේ නැත.’
‘යාපනයේ සිටින මෙම අලුත් ජාජබ රසිකයන්, AKD දෙවියකු බවට පත්කිරීමෙන් දේශපාලන ප්‍රශංසාව දිව්‍යමය මට්ටමකට ගෙන යාමට අධිෂ්ඨාන කරගෙන සිටින බව පෙනේ.’ යැයි ඔහු ප්‍රකාශ කළේය.
එම සමාජ මාධ්‍ය සටහන මකාදමන ලද නමුත් ලබාගත් තිරපිටපත් නැති කළ නොහැකි විය.
වැඩෙන ප්‍රතික්‍රියාව දැනුණු කනේසරුබන් ඔහුගේ ෆේස්බුක් සටහන මකාදැමීය. නමුත් ඒ වනවිට තිරපිටපත් වෛරල් වී තිබිණි.
එල්.ටී.ටී.ඊ. යුග පෞරුෂ සංස්කෘතියේ දෝංකාරය
මෙම සිදුවීම දෙමළ ප්‍රජාවේ සමහරුන්ට අපහසුතාවට පත්කරන සුළු ඓතිහාසික සමාන්තරයන් මතකයට නංවයි. පුනරුත්ථාපනයෙන් පසු දැන් ශ්‍රී ලංකාවේ ජීවත් වන හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් ‘ජැෆ්නා මොනිටර්’ වෙත පැවැසුවේ මෙම කථාංගය 1990 දශකයේ අගභාගයේ සහ 2000 දශකයේ මුල් භාගයේදී එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්රභාකරන් වටා තිබූ පුද්ගලාභිවාදන සංස්කෘතිය සිහිපත් කළ බවයි.
ප්රභාකරන්ට පක්ෂපාතීත්වය පෙන්වීම සඳහා දෙවැනි පෙළ එල්.ටී.ටී.ඊ. නායකයන් අතර තරගය වැඩි වැඩියෙන් අධික ලෙස උත්කර්ෂයට නැංවීමට හේතු වූ ආකාරය ඔහු සිහිපත් කළේය. එයට ගීතයක් ඇතුළත් විය.
‘අපේ නායක ප්රභාකරන් මුරුගන් දෙවියන්ට පවා සමානයි….’
දැන් ඒ තැන ජනාධිපති අනුර කුමාරට ලබාදී ඇති සෙයකි.










