මම ඩී.එස්. හැබැයි අපි ආනන්දෙට නාලන්දෙට බොක්කෙන්ම ගරු කරනවා. මේවා නිකන්ම නිකන් පාසල් නෙවෙයි. කොටි පරද්දන්න දකුණේ කොල්ලන්ට පස්සේ ඩී.එස්., ආනන්ද, නාලන්ද පාසල්වල කොල්ලෝ වැඩි වශයෙන් දායක වුණා. පණ දුන්නා. ඔය පාසල්වලින් එළියට එන උන්ට පුදුම ජාතික හැඟීමක් තියෙන්නේ. ඔය පාසල් නිකන්ම නිකන් පාසල් නෙවෙයි, රට ජාතිය බේරගන්න කොල්ලෝ එළියට දාන ෆැක්ටරි.Sri Lanka Latest News
නාලන්දාව කියන්නේ එක පුද්ගලයෙක් නෙවෙයි, ඒක පුරාවෘත්තයක්. හැම ක්ෂේත්‍රයකම ලෙජන්ඩ්ස්ලා බිහිකරපු, පුංචි උන්ට ලොකු වැඩ කරන්න උගන්වන තැනක්. පුංචි ඔළුගෙඩි එක්ක මහා ලොකු කටවල් තියෙන උන්ට ඕවා නොතේරෙන බව පුදුමයක් නෙවෙයි.
නාලන්දෙන් බිහිකරපු මේ රට විවිධ ආකාරයට ගොඩදාපු මිනිස්සු ගැන පොඩි සමීක්ෂණයක් කරන්න නාලන්දාවට කින්ඩි දාන්න කලින්.
- මහේල ජයවර්ධන
- මහින්ද රාජපක්ෂ
- මහාචාර්ය නන්දදාස කෝදාගොඩ
- රියර් අද්මිරාල් සරත් වීරසේකර
- ගුණදාස අමරසේකර
- ෆීලික්ස් ද සිල්වා
- කමල් දේශප්‍රිය
- කරුණාරත්න අබේසේකර
- බන්දුල වර්ණපුර
- ආචාර්ය සරත් ගුණපාල
ඔන්න මම විවිධ ක්ෂේත්‍රවලින් 10 දෙනෙක්ව දැම්මා. තව දාහක් ලියන්න පුළුවන්. විනයක් නැති එක බූරුවෙක් වගේද රටක් වටිනා මේ මිනිස්සු.
ප.ලි.
- ශ්‍රී ලාංකේය ජාතියට පණ දෙන සියලු පාසල්වලට ගෞරවයෙන් ලියන ලදී (මාතෘකාවට අදාළව).
- මහින්ද රාජපක්ෂගේ නම ලයිස්තුවේ තිබූ පමණින් මා කිසිසේත් පොහොට්ටුව හෝ රාජපක්ෂ කඳවුර නියෝජනය නොකරමි.
- රණවිරුවන් බිහිකළ සියලු පාසල්වලට, දිස්ත්‍රික්කවලට, පළාත්වලට දණනමා ආචාර කරමි.
- මේ පෝස්ට් එකට ‘හ හා’ දැමූ, මට මැසෙන්ජර් හරහා අසභ්‍ය වචනයෙන් ආමන්ත්‍රණය කළ සියලු දෙනා මාලිමා දූ පුතුන් වීම පුදුමයට කාරණාවක් නොවේ. සියල්ල දේශපාලන කෝණයෙන් බලන තාක් මේ රට මෙතනම නවතිනු ඇත.
- දේශප්‍රේමයේ භාරකරුවන් රාජපක්ෂලාම පමණක් නොවේ.
- 2002 අවුරුද්දේ නාලන්දේ උන් ඩී.එස්. එකේ පොඩි උන්ට ගැහුවා. අපි ගිහිල්ලා නාලන්දේ උන්ට ගහලා එන ගමන් පොලිසියෙන් ගුටිත් කෑවා. අදටත් පිටේ මැහුම් පාර. ඩී.එස්., නාලන්ද දෙපැත්තෙම ස්වාමින්වහන්සේ ප්‍රශ්නය විසඳුවා. ඒ කාලේ තිබ්බේ එහෙම වලි. ඒවා එහෙම වුණාට හරි දේ වෙනුවෙන් පෙනී සිටින්න ඩී.එස්. එකේ උගන්නලා තියෙනවා. ඒකයි ලිව්වේ.
නාලන්දාවට ජය පතමි…
මම ‘තමාට පෙර රට’ ශීර්ෂ පාඨය වූ ඩී.එස්. ආදී සිසුවෙක්මි.
ඉරංග මෙන්ඩිස්










