සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර තවත් තීරණාත්මක හමුවක් අද දිනයේ සිදුවිය.Sri Lanka L
මෙම හමුවට සමගි ජන බලවේගයේ නායක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරාල මහත්මිය සහ රුවන් විජයවර්ධන, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක සහ නවීන් දිසානායක යන මහත්වරු එක්ව සිටියහ.
මෙම හමුව සම්බන්ධයෙන් X පණිවුඩයත් තබමින් සජිත් ප්‍රේමදාස මහතා සදහන් කොට ඇත්තේ සාකච්ඡා ඉතා සාර්ථක බවත්, ජයග්‍රාහී අවසානයක් දක්වා සාකච්ඡා රැගෙන යා හැකි බවට බලාපොරොත්තු විය හැකි බවත්ය.
Today, the SJB and the UNP held another round of successful discussions, which I am hopeful will result in a victorious conclusion.
— Sajith Premadasa (@sajithpremadasa) January 24, 2026
Ranjith Maddumabandara, Ruwan Wijewardena, Thalatha Athukorale, Navin Dissanayake, Akila Kariyawasam, and Sagala Ratnayaka participated in the…










