• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පක්ෂයි විපක්ෂයි! Sri Lanka Latest News

January 25, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
පක්ෂයි විපක්ෂයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාවේ යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණයේ මුදුන්මල්කඩ බඳු නීතිපති දෙපාර්තමේන්තුව අද වනවිට පෙර නොවූවිරූ ආකාරයේ ප්‍රබල දේශපාලන සහ සමාජීය කුණාටුවකට මැදිව තිබේ. මෙම කුණාටුවේ කේන්ද්‍රස්ථානය වී සිටින්නේ වත්මන් නීතිපති, ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතාය. ‘මම ඉන්නේ නීතියට ඉහළින් නෙවෙයි. මම වරදක් කරනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ අභියාචනාධිකරණයට ගිහින් මට අභියෝග කරන්න’ යනුවෙන් ඔහු නීතිඥයන් පිරිසක් ඉදිරියේ කළ ප්‍රකාශය දැන් නීති ලෝකයේ පමණක් නොව ලාංකීය දේශපාලන වේදිකාවේද දැඩි කතාබහට ලක්වෙමින් පවතී. නීතිපතිවරයාගේ මෙම ආත්මවිශ්වාසී ස්වරය පිටුපස ඇත්තේ තමන්ට එල්ල වන මාරාන්තික දේශපාලන ප්‍රහාර හමුවේ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරගැනීමට දරන අසීරු වෑයමක සේයාවකි.

මෙම අර්බුදයේ මුලාරම්භය හුදු තාක්ෂණික ගැටලුවක් නොව, රටේ හිටපු රාජ්‍ය නායකයකු වන රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පවරා ඇති නඩු කටයුත්තකි. මෙම නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව තුළම මත දෙකක් පවතින බවත්, එක් පිරිසක් නඩුව ඉදිරියට ගෙන යායුතු බව පවසද්දී නීතිපතිවරයා ඇතුළු පිරිසක් එය වළක්වන බවත් සමාජ මාධ්‍ය හරහා දැඩිව ප්‍රචාරය විය.

කලින් ඉල්ලා අස්කරගත් නඩු හයකට අදාළ ලිපිගොනු සම්බන්ධයෙන් වූ සාකච්ඡාවලදී, ඉන් නඩු හතරක් නැවත පැවරීමට හැකියාව තිබියදී නීතිපතිවරයා එය වළක්වන බවටද චෝදනා එල්ල වී තිබේ.

නමුත් මේ කාසියේ අනෙක් පැත්ත වඩාත් ගැඹුරු සහ දේශපාලනික එකකි. නීතිපතිවරයාට පක්ෂපාතී පිරිස් සහ ත්‍රුැ ඛ්අහැරි වැනි සංවිධාන පෙන්වා දෙන්නේ මේ දියත් වන්නේ නීතිපතිවරයාගේ ස්වාධීනත්වය විනාශ කරමින් ඔහුව දේශපාලන මෙවලමක් බවට පත් කරගැනීමේ මෙහෙයුමක් බවයි. ‘සංවිධානාත්මකව අසත්‍ය චෝදනා එල්ල කිරීම හරහා නීතිපතිවරයාගේ ගෞරවයට හානි කිරීමට සහ ජන විශ්වාසය පලුදු කිරීමට පිරිසක් උත්සාහ කරනවා’ යනුවෙන් පවසන ඔවුන්, මෙය සමස්ත අධිකරණ පද්ධතියටම එල්ල වන මරු පහරක් බව අවධාරණය කරයි. මෑතකදී විදෙස්ගතව සිටින ඇතැමුන්ගේ ෆේස්බුක් පළකිරීම් හේතුවෙන් ක්‍රිෂ් මුදල් විශුද්ධිකරණ නඩුවේ විනිසුරුවරුන් පවා ඉවත් වූ ආකාරය ඔවුන් උදාහරණ ලෙස පෙන්වා දෙයි. මේ අතර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ආණ්ඩුවට එල්ල කරන්නේ බරපතළ චෝදනාවකි. ඔහුට අනුව, වත්මන් ආණ්ඩුවට අවශ්‍ය වී ඇත්තේ නීතිපතිවරයා තමන්ට අවශ්‍ය පරිදි නටවන ‘රූකඩයක්’ කරගැනීමටය. රජයේ නියෝජිතයා වුවද නීතිපතිවරයා සතු වන්නේ අර්ධ-විනිශ්චයකාරී බලයකි. ඔහු නඩුවක් ඉදිරියට ගෙනයනවාද නැද්ද යන්න තීරණය කළ යුත්තේ මහජන මතය මත නොව, ගොනුවේ ඇති සාක්ෂිවල නීතිමය වලංගුභාවය මතය.

මේ දැවැන්ත විවේචන රැල හමුවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයද නිහඬව සිටියේ නැත. ඔවුන් පවසන්නේ නීතිපතිවරයාගේ තීරණ ඇතැම් විට ජනප්‍රිය මතයට පටහැනි විය හැකි නමුත්, නීතියේ ආධිපත්‍යය පවතින්නේ එවැනි තීරණ ‘සමාජ මාධ්‍ය නඩු විභාගවලින්’ ආරක්ෂා කිරීමට බවයි. නීතිපතිවරයාගේ තීරණයක් වැරදි නම් ඊට එරෙහිව රිට් ආඥාවක් මගින් හෝ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් අධිකරණයට යාහැකි මිස, පාරට බැස නීති නිලධාරීන්ට බලපෑම් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී නොවන බව ඔවුන්ගේ ස්ථාවරයයි. එහෙත් ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ලැබෙන්නේ තරමක් මධ්‍යස්ථ පිළිතුරකි. අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසන්නේ නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මෙතෙක් සාකච්ඡා කර නොමැති බවයි. නමුත් ‘සමාජයේ සිදුවන දේ ගැන අපි සැලකිල්ලෙන් ඉන්නේ’ යනුවෙන් ඔහු කළ ප්‍රකාශය තුළ නීතිපතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳ රජයේ යම් අප්‍රසාදයක් තිබේද යන්න ගැන ඉඟියක් සැඟවී තිබේ. අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවා පවසන්නේ සමාජ මාධ්‍යවල යන කරුණු ගැන තහවුරුවක් නැති බවයි.

අවසානයේදී මෙම සමස්ත නාටකය තුළ ඉතිරි වන්නේ එක් ප්‍රශ්නයකි. එනම්, රටක නීතිපතිවරයා යනු බලයේ සිටින ආණ්ඩුවේ අවශ්‍යතා ඉටුකරන ගැත්තෙක්ද, නැතිනම් නීතිය අකුරටම ඉටුකරන ස්වාධීන නිලධාරියෙක්ද යන්නයි. පාරින්ද රණසිංහ මහතා වටා ගෙතී ඇති මෙම අර්බුදය, ලාංකීය යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට මරුපහරක්ද නැතිනම් ශක්තියක්ද යන්න තීරණය වන්නේ ඉදිරි දිනවල අධිකරණය හමුවේ දිගහැරෙන නඩු තීන්දුවලිනි. ඔහු පවසන පරිදි ඔහු නීතියට ඉහළින් නැත. එහෙත් ඔහුට එරෙහිව එල්ල වන මෙම දරුණු ප්‍රහාර හමුවේ, නීතියේ දර්පණය ඉදිරියේ නිරුවත් වන්නේ පුද්ගලයකු පමණක් නොව, රටක සමස්ත නීති පද්ධතියේම ගෞරවය බව අප අමතක නොකළ යුතුය.

SendShareShare
Previous Post

බෙදනවා කිව්වට රාළේ – අපි තාමත් මහ පාරේ…! බලධරයිනි… අනේ අපි ගැනත් බලන්න…! Sri Lanka Latest News

Next Post

බංකු.. බංකු..! කොල්ලුපිටියෙත් වෙඩි තියනවා! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.